Thursday, July 14, 2011

උඹට තමා .....

         
          මට කිසි කුකුසක් නෑ ඔබේ උද්‍යෝගය  ගැන....!! හදවතේ ඔබේ පොපියන හඩ ඇතුළේ ඒ හෘදයාංගමකම දෝරෙ ගලන බව මට තේරෙනවා. ඒත් ඉතිං ටිකක් පුටුවෙ හරි බැරි ගැහිලා වාඩි වුණා නං.... මොකද මේ තුළ ඔබට සෑහෙන දිගු ගමනක් යන්න තියෙනවා. ඒ හෘදයාංගමකමට පිටුපාලා, පුටුවෙන් නැගිටලා, වෙන මානෙකට යන්න ඔබට කොහොමත්ම ඉඩක් නෑ කියලා මං කිවුවොත් ඔබ මොකද කියන්නේ???

යන්න ඉඩක් තිබුණත් මම යන්නේ නෑ; ඔබ එක්ක අපිත් ඔබ එහෙම කිව්වා, මට ඇහුණා.

කාට නොතේරුණත් ඒ බැදියාව තාමත් අපි අතර තියෙන බවට තවත් සාක්ෂි ඕනද? ඔවුන් හිතුවේ ඒක තියෙන්නේ අර ලංකාබෙල් ඇඩ් එකේ තැඹිලි ගෙඩියක් කපලා දෙන මිනිහා ගාව විතරයි කියලා. ඔන්න ඔතන තමා ඔවුන්ට වැරදුනේ!!

ඇයි ඔය විදියට මං දිහා බලන්නේ...? ඇයි ?...!! මට තේරුණා. දැන් ඔබ ඔවුන්ගේ ඒ මිත්‍යා රාමුවෙන් පිටට ආවත් තාමත් ඒ ලක්ෂණ ටිකක් විතර ඔබ ගාව ශේෂ වෙලා තියෙනවා. ඔබ බලන්නේ මම කොළද, නිල්ද, රතුද කියලනේ... නෑ!! මම මොරටුව විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු පීඨයේ. අපි තුළ ඒ පාට හොයන්න එපා. ඒවාට පීඨයේ හතර මායිමට අපි රිංගන්න දීලත් නෑ, දෙන්නෙත් නෑ.... ඒ ප්‍රතිඥාව අපි ඔබට දෙනවා. ඒක පොඩ්ඩක් හිතේ තියාගන්න; මේ ලිපිය පුරාම අර ශේෂ වුණු ලක්ෂණ නංවන ප්‍රශ්න හමුවේ ඒක නැවත නැවත මෙනෙහි කරන්න. මතුරන්න.

ඔබ කැමති නේද මං ගැන දැනගන්න... කියන්න තරම් අපි දෙන්නගේ මහ ලොකු වෙනසකුත් එහෙමටම නෑ. කතාව ඉවර වෙද්දි සමහර විට ඔබට හිතුණොත් ඒ ඔබේ කතාවමද කියලා... පුදුම වෙන්න එපා.

බහ තෝරන කාලේ ඉදන්ම එක හීනයක් තිබ්බා, මට තාම මතකයි. ඒ නොතේරෙන වයසෙදිත්….. හොදින් ඉගෙන ගන්න, හැමදාම පන්තියේ ඉහළම ලකුණු ගන්න!! ඒ හීනේ කොච්චර බොළදද නේද? මටත් දැන්නම් එහෙම තමයි හිතෙන්නෙ. වෙලාවකට හිතුණා බිදෙන හීන වෙනුවෙන් දුක් විදින්න ඕනද කියලා. හැබැයි ඒ හීනෙට මටත් වඩා ආදරේ කරන දෙන්නෙක් ගේ ඇතුළේ ඉන්න බව මතක් වෙද්දී කොහේද මන්දා නොතිබුණ මහා හයියක් හිතට දැනුණා. ඒ හයිය හින්දම තමයි කොයිතරම් අමාරුවෙන් වුණත් ඒ වෙනුවෙන් ලුහු බැන්දේ. මට පේනවා උඹේ කට කොනින් නැගුණු හිනාව. උඹට හිතුණානේ හීනේ වගේම ඒ දෙන්නත් බොළදයි කියලා. ඇත්ත කියපන්! යකෝ මටත් දැන්නම් ඒක හිතෙනවා. ඒත් ඒක උඹට හිතෙනවට කැමති නෑ.! උඹ මගේ හීනෙට ඇති වෙනකම් හිනාවෙයන්. හැබැයි ඒ හීනෙට තාමත් ආදරේ කරන අම්මටයි, අප්පච්චිටයි හිනාවෙන්න එපා යකෝ....!!

උදේ ඉදලා හවස් වෙනකම් කන්තෝරුවේ දහදුක් විදලා, ජීවත් වෙන්න ඒත් මදි කියලා, මට තවත් රහට ගිල්ලවන්න ඕන කියලා, ඕ.ටී. පැයක් කරලා අර ලදරං බස් එකක නොවිදිනා දුක් විදලා තමයි හවසට ඒ දෙන්නා ගෙදරට ගොඩ වුණේ. ගෙට ගොඩ වෙන වෙලාවට මම හැමදාම ඊට කලින් මොන මගුල කර කර හිටියත් ඒ දෙන්නට පේන්න පොතක් අතට අරන් කුරුටු ගානවා. අනේ එතකොට දෙන්නගේ මහන්සිය කොහෙන් ගියාද කියලා නෑ. ආදරණීය සිහිනය ළගයි කියලා එයාලට හිතෙන්න ඇතිනෙ.

එහෙම දුක් විදගෙන ගෙදර ඇවිත් තමයි හැමදාම රෑට මාත් එක්ක මාරුවෙන් මාරුවට දෙන්නගෙන් කවුරුහරි නිදි කිර කිර ඇහැරිලා හිටියේ. රෑ දෙගොඩ හරියේ ගිහින් තේ හදාගන ඇවිත් දවස්  කීයක්නම් පොවන්න ඇතිද? ඒ තේ කොළ, සීනි ටික...!! කව්රුහරි මොනවාහරි කන්තෝරුවේදි දුන්නම කාටත් වහුං වෙලා ඒක කොලයක ඔතාගන ඇවිත් ඒ වෙලාවට මට ගිල්ලපු හැටි උඹ දන් නෑ! සමහර දාට බස් එකේ තෙරපිලා ඒක හොඳටම කුඩු වෙලා. මං ඒ වෙලාවට කියනවා ආපහු ඔහොම කරන්න එපා කවුරුහරි දැක්කොත් ලැජ්ජයිනේ කියලා!  ඒ වෙලාවට මුකුත් කියන්නැතුව මගේ ඔලුව අතගාලා හිනා වෙලා, ඈත බලං හිටපු හැටි....... මට අද වගේ මතකයි!

ගෙදර පොල්, කොස්, අඹ ගස් වැවිලා තිබුනට සල්ලි ගහක් තිබුනේ නෑ. උඹ දන්නවද මාසෙන් මාසෙට දහස් ගණන් පංති සල්ලි දෙන්න උන් විඳපු දුක්! මුලින් මුලින් මාසේ පඩිය මදි වෙද්දී බැංකුවේ පොතෙන් සල්ලි ගන්න ගත්තා.ඒත් එකත් සතේටම හිඳුනාමයි දන්න දන්න එවුන්ගෙන් ණයට සල්ලි ඉල්ලුවේ.උන් හිතන්න ඇති දවසක රටටම ණයදෙන්න පුළුවන් සල්ලිකාරයෙක් බවට මම පත්වෙයි කියලා? ඒ මිනිස්සු දැන් මට හිනාවෙන හැටි, පාරේ යද්දී නක්කලේට බලන හැටි... මට කියපන්  උඹ දන්නවද  ඒවා!

ඔය ඔක්කොම අස්සෙ වාර විභාගේ තියලා ප්‍රතිපල එද්දී මං පන්තියේ උඩින්ම ඉද්දී අර රිපෝට් පොත බලද්දී උන් දෙන්නගේ ඇස්වල තිබ්බ කාන්තිය උබට හිතාගන්නවත් පුලුවන්ද? ඒක දැක්කේ මම! ඒ රිපෝට් එක ගෙදර ගෙනාවම මටත් හොරෙන් බෑග් එකෙන් එළියට අරන් මුල්ලකට ගිහින් ඒක බල බල උන් හෙලපු සතුටු කඳුළු කොච්චරද? Parents meeting එකට ගිහින් සතුටටත් එක්ක මාවත් ඇදගෙන  ගුරුවරු එක එකා ගානේ යනවා! මං ඉස්සරහ ගුරුවරු මං ගැන ගුණ වයද්දී මෙයා ගැනනම් භය වෙන්න දෙයක් නෑ කියල කියද්දී ඇස් දෙකෙන් අම්මගේ කඳුළු පිටාර ගැලුවේ සට සට ගාලා! එදා හැන්දෑවට ගෙදර තිබුණ සතුට! මගේ ලඟින් මොහොතකට හෙල්ලෙන් නෑ!දෙන්න තරඟෙට නිබ්බුතා පද කියද්දී මට හිතුණා සිදුහත් කුමරුත් මං වගේම වෙන්න ඇති  කියලා.

A/L විභාගෙට යන පළවෙනි දවසෙ පහනක් පත්තු කරලා කිරිබත් කෑල්ලක් කාලා ගෙදරින් එළියට යද්දි අප්පච්චි ඔලුව අත ගාලා “බය වෙන්න එපා මයෙ පුතේ. උඹට රත්නත්තරේ පිහිටෙන් වරදින්නේ නෑ කියලා කීපාරක් කිවුවද? උඹ දන්නෙ නැති වුණාට , මටත් කලින් කඩුල්ල ළගට දුවගෙන ගියේ මයෙ අම්මා. පාරට ගිහින් උන්දෑ පාර දෙපැත්ත මාරුවෙන් මාරුවට විසි තිස් පාරක් බලලා තමා “හරි මයේ පුතේ දැන් ගෙදරින් පිටත් වෙමු කිව්වේ.

එදා ප්‍රතිපල ආපු දවසේ මගේ ප්‍රතිපල හොඳයි කියලා දැනගෙන මට කීදෙනෙක් නම් කතා කළාද? අද නක්කලේට බලපු උන්ගේ මුණු වල එදා තිබ්බ කරුණාව! මට එදා හිතුනා අපේ මිනිස්සුන්ගේ හිත්වල මුදිතාව රජයනවා කියලා! ඒ දෙන්නගෙම තිබ්බේ නෑ ප්‍රතිපල ගැන නිච්චියක්!! දවසට දෙතුන් වතාවක් ඇහුවේ එකම ප්‍රශ්නේ! “මගේ රත්තරන් පුතාට කටුබැද්දේ ඉංජිනියරින් කොරන්න පුළුවන් නේද?” ඒකට මන් ද කීපාරක් නම් උත්තර දුන්නද ? අන්තිමට මට අවුරුද්දෙන් අවුරුද්ද සංඛ්‍යා ලේඛන ගෙනත් තියන්න වුණා! මං මේ ලඟදි දැනගත්තේ අම්මා මගේ උත්තරේ ඒ වගේම දන්න කියන හැමෝටම කියපු වග ! ඒ දවස වල ඒ දෙන්නා ඇවිදන් ගිය උජාරුව... අඩුම තරමෙ මයේ හිතේ පොල්ගස් දෙක තුනක්වත් උඩින වෙන්නැති ගියේ..

“පුතේ අපේ හත්මුතු පරම්පරාවේ මොකෙක්වත් ඔය ඉංජිනියරින් කරලා නෑ!! උබ  තමයි පළවෙනියා” අප්පච්චි මං මුලින්ම කටුබැද්දට එන දවසේ කිව්වා.! “පුතේ මයේ ජීවිතේ සතුටුම දවස දෙක උඹ දන්නවද? මට දන්නෑ කියන්න වෙලාවක් උන්දෑ ඉතිරි කළේ නෑ! එකක් උඹ ඉපදුණ දවස, අනිත එක අද මයේ පුතේ! මං ඔය කැම්පස් එක පහු කරපු හැම දවසකම මං හිතුව මම මයේ පුතත් එක්ක දවසක මේකට එනවා කියලා! මං ඕකට එන උන් දිහා බල බලා කී දවසක් උඹව ඔය අස්සෙ දැක්කද? උඹ දන්නවද මං මේ සාරිය ගත්තේ උඹ A/L  කරන්න ගත්තු දවස්වල! මම හිතාගන උන්නා මං මේක මුලින්ම අඳින්නේ උඹත් එක්ක ඕකට එන දවසට කියලා.” යකෝ ඕවා ඇහෙද්දී උඹේ වගේම මගෙත් ඇඟ කිලිපොලා ගිය හැටි හිතාගන්න උඹට අමාරු නෑ නේද ? එදා මගේ එක අතකින් අල්ලගන අවේ අම්මා. අනිත් අතින් අප්පච්චි! මයෙ හිතෙ මුලින්ම කැම්පස් එකට අඩිය තියන්න ඇත්තේ ඒ දෙන්නා! එහෙම බලද්දී උඹට හිතෙනවද ........ කැම්පස් අවේ මමද එයාලද කියලා!මන් බනින්නෙ නෑ බං,මට කියපන්කො ඇත්ත!!ඇත්තම කිව්වොත් මටත් එහෙම හිතුන බං එදා!

හරි!දැන්ඉතින් මුණ එල්ලගෙන ඉන්නේ නැතුව මා එක්ක බලපන්කො මන් දිහා. උඹ දන්නේ නෑනේ බන් ඔය  කතා! ඒකයි උඹට කලින් හිනා ගියේ.. මං උඹත් එක්ක තරහ නෑ! ඔබ,නුඹ කියනවට වඩා උඹ කියල කියද්දී අපි සමීපයි වගේ හිතට මයෙ දැනෙනවා! ඉතින් උඹ හිතන්න හිතන්නවත් එපා උන්දැලා බොළඳයි කියලා! මේ අපි කතා කරන්න හිටපුවා නෙමේ නෙ බං.බලපන් උඹේ එක හිනාවක්‌ නිසා කථාව කොච්චරනම් වෙන පැත්තකට ගියාද?පොඩ්ඩක් නැගිටලා වටයක් ගහලා වරෙන්. එක දිගට වාඩිවෙලාම ඉදලත් අමාරු ඇතිනේ...ඇවිත් ඉතින් මට පොඩ්ඩක් කියපන්කො.......



31 comments:

  1. very nice article...! "the reality"

    ReplyDelete
  2. jeewithayen pituwak.... sepa widina deeshapaluwaa nothakana yathrthaya

    ReplyDelete
  3. මෙ මගෙ කතාව නෙවේකියල කියන්න පුලුවන්ද...

    ReplyDelete
  4. sirawatama kiyawaddi kadulu awa BAN. kathaawa aththa... ehema university awilla mehema kale naasthi karana eka nam henama aparaaadhayak :(

    ReplyDelete
  5. මගෙ හිත කියෙව්ව වගේ

    ReplyDelete
  6. ඇත්තම ඇත්ත.. මේ අපි හැමෝගෙම කතාව
    ඔය සඳළු තල වල ඉන්න ඈයොත් මේක කියෙව්වනම් තමා හොඳ..
    කියවලා,
    ඒ අසරණ අම්මලා, අප්පච්චිලා අපිට කඹුරලා ඉවර වෙන දවස කල් නොඅරින්න මොනවා හරි කරොත් අනේ වාසනාවන් !

    ReplyDelete
  7. ඇසට කදුලක් ආවා....

    ReplyDelete
  8. මේ තියෙන්නෙ අපේ කතාව තමා බං...අපි හැමෝගෙම කතාව...

    "මයෙ හිතෙ මුලින්ම කැම්පස් එකට අඩිය තියන්න ඇත්තේ ඒ දෙන්නා"
    ඇත්ත... ඒත් ඒ දෙන්න වෙනුවෙන් මට කැම්පස් එකෙන් out වෙන්න , තව කොච්චර කල් යයිද? ඒ දවස මොකාට වටින්නෙ නැති උනත් මට වටිනව. ඒත් ඒ දවස තව තවත් එහාට යනකොට , ඒ දෙන්න වයසට යනකොට ... .......

    ReplyDelete
  9. true story.I hate politics and our politicians.They ruin our whole life and they don't know how much our parents suffer.They even don't think about the value of our lives.

    ReplyDelete
  10. There was no agreement on any salary figures
    The uteachers blog learns from highly reliable sources that the news paper report appearing in today's (14/07/2011) divaina article stating that the FUTA agreed to the figure proposed by the government at the recent meeting with H. E. the President is utterly false. No such agreement has been reached even upto this moment.

    The FUTA stand was that this figure fell way below the original FUTA demands. Furthermore the FUTA was also of the view that the proposed figure can not even be considered or discussed by its membership since absolutely no information regarding the the rest of the FUTA demands, the implementation framework and the time frame was available at that time. In this light it was decided that further meetings are necessary before we could even consider this offer!!!
    Posted by University Teachers in Sri Lanka at 8:53 AM

    ReplyDelete
  11. so far from reality! janapriya nawa kathawaka pituwak

    ReplyDelete
  12. meka nawa kathawaka pituwak neme!!EFSU kollekge nirmanayak...

    ReplyDelete
  13. මධුක අබේසිංහ.July 17, 2011 at 9:06 AM

    මචන් උඹ මේ කියෙව්වේ අපි හැමෝගෙම ජීවිත. රටේ ලොකු උන්නැහේලගේ සතුට වෙනුවෙන් අද අපි කීයක්‌ නම් මේ දුක විදිනවද? අපේ සරසවි සහෝදරයන්ගේ සහෝදරියන්ගේ හින,බලාපොරොත්තු කොතරම් දුරට බිද වැටිලද? ඇයි ඔවුන්ට මේවා තේරුම් ගන්න තරම් වත් මොලයක් නැද්ද?

    ReplyDelete
  14. නියමයි.මේවා කියවලා උඹලා දුක් වෙලා වැඩක් නැ.දෙමව්පියන්ගේ හීන හැබෑ කරන්ඩ ඉ.පී.ශි.සං.කරන වැඩ වලට උදව් කරපල්ලා.මේකේ comments දැම්මට විතරක් හරියන් නැ......

    ReplyDelete
  15. @All anos - කොමෙන්ට් කරද්දී නම ලිව්වොත් හොඳයි වගේ...

    ReplyDelete
  16. ඇත්තටම විශිෂ්ඨ ලිපියක් මචන්. හැමෝම හිතන්නෙ වෙලා තියෙන දේ මතුපිටින් විතරයි. එහෙම හිතන අයගෙ ඇස් ඇරෙයි මේ ලිපිය දැක්කම...

    ReplyDelete
  17. කඩින්කඩ කියෙව්වේ....ලිපිය බොඳ වෙලා නොපෙනී ගියා,කදුළු ගැලුවේ මගේ සිහින ,අරමුණු ලියවෙලා තිබුන නිසා වෙන්න ඇති...පතුලේ තිබුන සිතුම්,පැතුම් කියවූන නිසා වෙන්න ඇති...මේ මගේ අම්මලාගේ කතාවයි,මගේ ජීවන කථාවයි !!!

    ReplyDelete
  18. රොෂාන්July 17, 2011 at 9:34 PM

    කටුබැද්ද, පේරාදෙනිය උනානම් මගෙ කතාව වගේම වෙනව බං.

    ReplyDelete
  19. මේක තමයි ඇත්ත කථාව. අපිටත් වඩා අපේ දෙමව්පියන්ටයි අපේ උසස් අධ්‍යාපනය වැදගත් උනේ.නියම සටහනක් මචන්..

    ReplyDelete
  20. kathaawa 100% aththa. me article eka kiyawanakota hithune meeka mage kathaawa kiyala. katubeddata aapu mage kathaawa thanikarama ooka thamai.

    ReplyDelete
  21. නියමඊ මල්ලිලා, ඔහොම යමු !!!

    ReplyDelete
  22. attha kathawa aiya.rate loku minissu ape jweetha ekka sellam karanawa.

    ReplyDelete
  23. ape jeewitha unta wihiluwak wela!!

    ReplyDelete
  24. නියමයි...!! මගේ සුබපැතුම් රචකයාට..!
    මගේ කථාවත් සෑහෙන්නම කිට්ටුයි ඕකට...
    අවුට් වුනේ '95 වුණත්...!

    ReplyDelete
  25. Chinthaka Dilip PrasannaJuly 27, 2011 at 9:43 AM

    Api hamogema katawa oka tama

    ReplyDelete
  26. THE reality of university students ....මේ මගේ කථාව නෙවෙයි ... අපේ කථාව ...

    ReplyDelete
  27. Kiyanna kanagatui e heene hebe karaganna kata lagatama awit sulu pirisak asarthaka Engineersla hetiyata eliyata gihin ara demaupiyonta barak wenawa. Samaharu campus1ta baninawa, adyapana krameta baninawa. E ekakinwat apita hariyanne nane. Campus1, lecturersla kochchara wada dunnat amma thaththa wenuwen me tikat iwasanna. Saarthaka widiyata eliyata gihin thamange demaupiyonwa mulu jeewita kaalema balaganna puluwan thathwayak hadaganna.

    ReplyDelete
  28. මේ මගේ කතාව නම් නෙමෙයි. නමුත් මට කියන්න දෙයක් තියෙනව කියල හිතෙනව. ඒ ඔබගේ හීනය ගැන. "හැමදාම පන්තියේ ඉහළම ලකුණු ගන්න!!" තියෙන හීනය ගැන. මම හිතනව සරසවි සිහිනය සැබෑ කරගත්ත අයගෙන් බහුතරයකට පාසැල් කාලයේ ඔය සිහිනයත් තියෙන්න ඇති කියල. නමුත් ඔය සිහිනය ඇති වීමට හේතුවන කරුණු දෙකක් තියෙනවා. එකක් තමා පංතියේ පළවෙනියා වීම. අනෙක කිසිවෙකුට දෙවෙනියා නොවීම. මම දන්නෑ ඔබගේ සිහිනයට හේතුවුනේ මොන දේ ද කියලා. නමුත් මම විශ්වාස කරනව ගොඩක් දෙනෙක් අයිති වන්නේ පළවෙනි කොටසට කියල. ඒත් දෙවෙනි කොටසට අයිති වුන අයත් අතොලස්සක් අපි අතර ඉන්නව. ඒ අයගෙන් සමාජයට වෙන දේ ගැන මම හිතන දේ මම මෙ සුන්දර බ්ලොග් සටහනේ සටහන් කරන්න කැමති නෑ.

    ReplyDelete