Monday, July 25, 2011

ඉක්මන් විසදුමක් නැති නම් මේ කවිය.................. ලියවුණ අතට මම හෙට ගන්නේ අවිය...................


සරසවි වැසී දෙමසක් ගිය                  වෙලාවේ
විසදුම් නැතිව සිසු කැල මං                  මුලාවේ
අසිරිය කරනු වස් ලක                    ආසියාවේ
නායක පුහුණු තිබ්බා                    දියතලාවේ

සොච්චම් පඩිය වැඩි කරනට බෑ               කියලා
S.B නටයි දිව රෑ කෑ මොර                    තියලා
වැඩි පඩි දෙන්න ප්‍රතිපාදන නෑ                  කියලා
ගේන්නට හදයි දාහක් පිටරට                    ඉදලා

හාල්,පොල්,සීනි,කරවල,මුං                  ඇටද
කාර් බාර්,රෙදි පිළි ගෙන්නුව                    මදිද
ගෙන්වන්නට යන්නෙ පිටරට කැම්පස්          මොකද
නිදහස් ඉගෙනුමේ අවසානය                  ළගද

අත මිට හිග නිසා කැන්ටිමෙ කෑම               කකා
මදුරුවො තල තලා නිදි නොලැබ දුක්              විදා
ඇල්මෙන් අකුරු උගනිමු ඩිග්‍රියක්                පතා
ඒකත් නැති වේද මේ හෙනහුරා                  නිසා

බලදරයිනේ දැන් කල් ගත්තා                   ඇතිය
එක තැන පල් වෙනව සිසුනගෙ                ජීවිතය
ඉක්මන් විසදුමක් නැති නම් මේ                 කවිය
ලියවුණ අතට මම හෙට ගන්නේ                 අවිය

1 comment: