Tuesday, October 11, 2011

මොරටුවේ අපි කවුරුත් දේශපාලනේ කළේත් නෑ, කරන්නෙත් නෑ, ඉස්සරහට කරන්න ඉඩ දෙන්නෙත් නෑ!

මාස තුනක නිහැඬියාවකින් අනතුරුව නැවතත් මොරටු විශ්වවිද්‍යාල භූමිය තුල ගුරු සිසුහු ගැවසෙති. අධ්‍යයන කටයුතු සුපුරුදු පරිදි සිදුවේ. එකී මාස තුන තුල සිසුන් නොගැවසුනාම නොවේ. නමුත් ඒ කාගේවත් කීමකට යටත්ව හෝ කාගේ හෝ පැත්තක් ගැනීමේ අරමුණින්ද නොවේ. ලංකාවේ අන් සියළු විශ්වවිද්‍යාල වලින් මොරටු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය වෙනස් වන්නේ ද එයිනි. මොරටු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය තුල පක්ෂ දේශපාලනයක් නැත. දේශපාලකයන්ගේ අතකොළුද නැත. ඉතින්, මහත් ආන්දෝලනයට ලක්වූ, පුවත්පත් හා පුවත් වෙබ් අඩවි වලට රසවත් ප්‍රවෘත්තියක් මැවූ එම ගැටළුව පිළිබඳව මඳක් විමසා බලමු.

බාහිරට පෙනෙන්නට තිබූයේ ගුරුවරුන්ගේ වැටුප් වැඩි නොවීමේ ගැටළුව අරභයා මොරටු සිසුන් කළ ක්‍රියාකාරකම් කිහිපයකි. සමහරෙක් එය අධ්‍යාපන ඇමති තුමාට විරුද්ධව ක්‍රියාවට නැංවූවක් ලෙස හුවා දැක්වීමටත් උත්සුක වූහ. විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු පීඨයේ සිසුන් ලෙස නිදහස් අධ්‍යාපනයට වැට බැඳීමට සැරසෙන වැඩපිළිවෙළවල් වලට විරුද්ධ වීමට අපටද අයිතියක් ඇත. ඒ නිසා එකී පෝස්ටර් ඇතුළු සියළුම විරෝධතාවයන්ගේ අරමුණු වූයේ ආචාර්යයවරුන්ගේ අරගලයට සිසුන් වශයෙන් සහය දැක්වීම සහ හුදෙක් ශිෂ්‍ය අයිතීන් දිනා ගැනීම විනා අන් කිසිවක් නොවේ. මොරටු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් වශයෙන් අපට ඒ හැර අන් කිසිම චේතනාවක් නැත. කිසිදු දේශපාලන පක්ෂයක මතයක් දැරීමට ද අපට කිසිම අවශ්‍යතාවයක් නැත. ඒ අප එකී බල ලෝභී කිසිවෙකුගේ අතකොළු නොවන හෙයින් ද, පටු දේශපාලන වාසි වලට ලංකාවේ උසස්තම ඉංජිනේරුවන් බිහි කරන විශ්ව විද්‍යාලයට හෑල්ලු කිරීමට තරම් පහත් මානසිකත්වයක් අපට නැති නිසාය.
එබැවින් මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පිඨය වශයෙන් මෙතෙක් අප ආ මඟ පිළිබඳව අපි සැහීමකට පත් වන්නෙමු. ඉදිරිය පැහැදිලිය. අපි එය පසුපස ස්වාධීනව ගමන් කරන්නෙමු.
ඉතිං, නංගියේ මල්ලියේ,
“මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ ඔයාලගේ මොළවලට වස පොවන ජාතියේ කට්ටිය නෑ.අපි ඒක නිර්භයව කියනවා. මොකද කැම්පස් එකේ ගේට්ටුවෙන් ඇතුල් වෙද්දී අපි ඔලුවේ තියන පාට පක්ෂ භේද ටික එළියෙන් තියල එන්නේ. අපි සියළු දෙනාම අපගේ අනාගතය ගැන විවෘත මනසකින් ඉන්නේ .එ හින්ද අපිව කොච්චර හංවඩු ගැහුවත් ඉංජිනේරුවන් වශයෙන් අපි හරි මඟ යනවා. ඔයාලට අපි ඒක සහතික කරනවා.”

9 comments:

  1. Niyamai...keep going guys//We should protect our rights to educate freely.

    ReplyDelete
  2. [kulta ] මෙහෙම කියනවා :
    බටහිර විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන ශ්‍රී ලංකික සිසුවාගේ යාච්ඥාව

    දෙවියනි ලංකාවේ උසස් පෙළ සමත් වූ වහාම මාව සයුරෙන් එතර විශ්ව විද්‍යාලයකට යැවීමට දෙමාපියන්ට මුදල් ලබා දීම ගැන මා ඔබවහන්සේට ස්තුතිවන්ත වෙමි
    දෙවියනි මාව ලංකාවේ විශ්ව විද්‍යාලයකට නොයවා අන්තර්ජාතිකව පිළිගත් විශ්ව විද්‍යාලයකට යොමු කිරීම ගැන මා ඔබට තුති පුදමි
    දෙවියනි ලංකාවේ විශ්ව විද්‍යාලයකට ගියේ නම් අන්තරයේ තිරිසන් සිසුන් අතින් මා හිංසනයට ලක් වීමට තිබුණි මට එවැනි අවාසනාවක් උදා නොකර දීම ගැන මා ඔබට තුති පුදමි
    දෙවියනි ලංකාවේ විශ්ව විද්‍යාලයකට ගොස් විශ්ව විද්‍යාල දින නියමයක් නොමැතිව වසා දමන විට ඇතිවන කාලකන්නි හැඟීමෙන් මා මුදවාලීම ගැන මම ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙමි
    දෙවියනි ලංකාවේ විශ්ව විද්‍යාලයකට ගියේ නම් එහි සිටින හීනමානකාරයන් , දේශපාලන උන කරට ගැසූ පිස්සන්ගේ තෙල් බෙදීම් ඇසීමට සිදුවන කම්පනයෙන්මා ගලවා ගැනීමට ස්තුති වෙමි
    දෙවියනි ලංකාවේ උපාධියක් කොට රැකියා නොමැතිව රැකියාවක් ඉල්ලා පිකටින් වර්ජන කිරීමට පාරවල් දිගේ රස්තියාදු කිරීමට නොසලස්වීම ගැන මම ඔබවහන්සේට ස්තුතිය පුදමි.
    දෙවියනි මාව ලංකාවේ විශ්ව විද්‍යාලයකට නොයවා මගේ ජීවිතය කාලකන්නි නොකොට මට මාර්ගය පෙන්වීම ගැන මම ඔබට අනේකවාරයක් කෘතඥ වෙමි

    ආමේන්
    කිවුව වෙලාව- 2011

    ReplyDelete
  3. ඔබලා රැග් කරන්නෙ නැත. දෙශපලනය කරන්නේ ඩ නත.සිසු සටන් වලට සහභාගී වන්නේද නැත. ඇත්තෙන්ම කරන දෙයක් නැත. නමුත් ඇගෙ අමාරුව යන්නට NDT සිසුන් සමග ගැටුම් අති කර ගනී. ..........lol..........

    ReplyDelete
    Replies
    1. Umba danna magulak da natha...

      Delete
    2. Wali walata yanne naty. gahuwoth itin ponnayo wage balan inneda natha.....!!!!!

      Delete
    3. meeka campus gihin thyenne me tika lokui kiyala hithan wennathi..muta kiri powala hadala wadala campus yawwa ammalatai gal walin gahannone..yako igena gannawa kiyala dekuth thiyenawa..moodaya..

      Delete
  4. දේශපාලනය යනු දේශපාලන පක්ෂ වෙනුවෙන් පෙනී සිටීම නොවේ... අන්තරේ යනු හුදෙක් පිරිසක් පමණකි. නමුත් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය නොතිබුනා නම් දැන් මොරටුවත් නොමැත. හිනාසහගතයි. උඩ ඉන්න දෙවියන්ගෙ බැතිමතාට නම් සල්ලි තියෙන්න ඇති. මන් දෙවියන්ට ස්තූති වෙනවා ඔය වගේ හිතන අය දෙවියො වැඩිපුර මැව්වෙ නැති එකට. මොකද දෙවියො මවනවනම් එකෙන්ම මවන්න තිබ්බා හොඳට සල්ලි තියෙන අය. කරුමෙට එහෙම නැහනෙ. නැති එකාට එහෙනම් කියන්න වගෙ බුදුසරණයි.

    ReplyDelete
    Replies
    1. Anthare wage eewa looke piligaththu diyunu anik ratawal walath athi neda..anee ubala wage mooda yakku..rata kaapalla igenagena methanta awith..

      Delete
    2. ඔන්න ලින්ක් බලාගෙන ඉගෙනගනින්... දැනුමැති උගතා... ඉංග්‍රීසි දන්නවනම් හොයපන් ටිකක්. රටේ ඉගෙනගන්න ඉන්න එකෙක්ට දෙයක් ඉගෙනගන්න ඉතුරුකරන්න ගියපු එක තමා වැරද්ද.
      https://www.theguardian.com/education/2014/nov/19/students-fight-for-the-right-to-free-education
      http://www.urbanedjournal.org/archive/volume-10-issue-1-summer-2013/how-students-are-leading-us-youth-organizing-and-fight-public-

      Delete