Wednesday, July 27, 2011

බිල්ඩිම අසල ගහ යට පොඩි පැලක් බැඳන්............ කෙමිකල් කෙල්ල තේ හදනව ඇතුළේ ඉඳන්..............


සදෙව් ලොවට අධිපති සක් දෙවිඳු            මෙමා
මගෙ පොඩි එකා යැවුවෙත් මොරටුවට       තමා
ලැබුණා දිනක් ලිපියක් නෙතු කදුළු         තෙමා
ඒමට නොහැකි බව ලද රැකියාව                දමා

.සී කාමරේ හරි හරියටලු                        ඉඩ
දේවිය කියනවා රස කර දමා                    හැඩ
සතුටුයි පුතා ගිය එක ගැන ඔහොම          ගොඩ
හිතුවා බලන්නට පුතු මනුලොවට               වැඩ

පුතුගේ යහළුවන් හට මෙය දෙන්න           කියා
කීවා බිසව ලොකු පොදියක් අතක             තියා
ලිපියේ එවූ විස්තරයට අනුව                   සොයා
ඔන්න ඉතින් මම නියමිත තැනට                ගියා

බාගෙට හදපු උපාධි කඩයකි                       ඒක
පැත්තක් හදා ඇත පැත්තක වැඩ               නේක
දැක්කම පිස්සු හැදෙනව නොවැ බොල       මේක
.සී කාමරය පුතුගේ වෙද                      කෝක

අදහා ගත නොහී දිස් වූ දසුන                       එම
යළිත් වරක් ඇස් පිහිදා බැලිමි                      මම
මැටීරියල් මිතුරෙක් පුතු වයසෙ                    සම
වළවල් කපනවා අඩිතාලමට                        බිම

මිතුරෙක් සිවිල් වැරහැලි රෙදි කඩක්        ඇඳන්
මෙක් කොල්ලෙක් එක්ක උස්සති යකඩ   කඳන්
බිල්ඩිම අසල ගහ යට පොඩි පැලක්         බැඳන්
කෙමිකල් කෙල්ල තේ හදනව ඇතුළේ     ඉඳන්

මේවද කරන්නේ යාළුවො                     පුතාගේ
කෙල කරගෙනද මන්දා මුන්                 විභාගේ
අවසන ට්රිකල් නොම වී ඇත                අභාගේ
පුතු බේරිලා පෙර පිනකට                     තමාගේ

ලෙක්චස් කට් කරන්නැති මුන් දිගට           එක
උන්ගෙම විහින් ලොස් වෙන්නැති නේද     ඇක
හේතුව විමසමින් මේ අය විදින                   දුක
බිල්ඩිම තුළට පා නැගුවෙමි යමෙකු            දැක

ඉස්සර ඉදන් ඇක දම දම දුක්                   වින්ද
සී.එස් කොල්ලො බිම අතු ගානව             මන්ද
මගෙ පුතු වරක් හොර රහසේ පෙම්          බැන්ද
ට්රොනික් කෙල්ල පිහිදයි දූවිලි                කන්ද
  
ලක්දිව මෙලෙස උපාධි කඩ                අරුණාම
මුදලට විකිණේවි කිවුවා                     හැමදේම
නිදහස් ඉගෙනුමේ මහ පාවා                        දීම
පඬුපුල් අසුන උණුවනු මතකයි                  තාම
  
ප්රයිවට් යුනිවර්සිටි ඇරඹෙන බව              කීවා
අපෙ කැම්පස් වැහෙනා බව මොර             ගෑවා
බලන් යද්දි ඇත්තද මන්දා                       මේවා
ඇති මෙහෙමවත් මගේ පුතා ගොඩ            ආවා
  
මෙච්චර කලක් දහ දුක් වින්දට               පස්සේ
ඇයි අපෙ කොල්ලො මේ තරමට පසු     බැස්සේ
ඔලුවත් කැරකෙනව මේ ජරමර              අස්සේ
යමි ඉදිරියට .සී කාමර                        ඔස්සේ

යන විට ඉදිරියට පුතු දැක ගැනුම              පතා
දුටු දර්ශනය මම කොහොමද ගන්නෙ        සිතා
බිම ඇණ තියන් නොකරම අන් කිසිදු        කතා
.සී එකක මළකඩ හූරනව                      පුතා

43 comments:

  1. Sira...pattama..pattai....

    ReplyDelete
  2. Ammata siri, maara gathi machan, keep up the good work machan!!!

    ReplyDelete
  3. Adooo siraa machan, andenawa thani ahata!!! :)
    Superb !!

    ReplyDelete
  4. Nothing to say maxaaaa!!!

    ReplyDelete
  5. Machan maara siraa. Ape anagathaya mehema wenna kalin mekata wisandumak hoyaganna wenawa.

    ReplyDelete
  6. Awesome kolla...........

    ReplyDelete
  7. Thumbs up!! Superb
    අපේ අනාගතයට මෙහෙම ඉරණමක් අත් නොවේවා කියල ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete
  8. පට්ට!!! රිදෙන්නම ලියල තියෙනවා...

    ReplyDelete
  9. මචෝ කියල වැඩක්නැ සුපිරි අහ්හ්

    ReplyDelete
  10. very well expressed... hope this won't happen though.

    ReplyDelete
  11. me prashne gana wenas widihata balala pattatama liyala thiyanawa. kawuda meka liwuwe kiyalath dammanam hodayi neda??? superb!!!

    ReplyDelete
  12. හික්ස්!!! ලිවුවෙ කවුරු උනත් සුපිරියටම ලියල...වෙල් ඩන් මචෝ...

    ReplyDelete
  13. niyama kawi tika.well done.

    ReplyDelete
  14. pattai machan
    supiri :)

    ReplyDelete
  15. niyamai mch..........n .siraaaaaaaaaaa

    ReplyDelete
  16. pattai kolla pattai. thawath ithin kawara kathada? :))))

    ReplyDelete
  17. කවුද මේක ලිඋවේ... මාරම ගති නේ... :ඩී

    ReplyDelete
  18. පට්ට ලස්සනයි කවි ටික මන බඳනා
    කියෙව්ව ආපහු සැරයක් රස වින්ඳා
    දැනුනා බයක් එකපාරට ඇයි මන්දා
    අපටත් වන්නෙ මේ ටිකදෝ මළ කෙලියා

    ReplyDelete
  19. මල්ලිලා.. මම කැම්පස් කොල්ලෙක් නෙවි. කලින් මේ බ්ලොගට කීප සරයක් ආවා. ඒත් උඹල මූන දීල තියෙන ප්‍රස්නෙ බරපතලකම මට එච්චර දැනුන් නෑ. ඒත් මේ කවි ටිකෙන් බොක්කටම තේරුනා.. *කවියාට ප්‍රසාද්-D ගේ ප්‍රසාදය!!!

    ReplyDelete
  20. pattama pattai...ammapa kegesseno

    ReplyDelete
  21. This comment has been removed by the author.

    ReplyDelete
  22. කොහොමත් උඹේ කවි පට්ටයි චමිඳු පුතේ
    මෙහෙමත් රටක් ලොව ඇත්දැයි තවත් සිතේ
    ඇත්තත් වෙන්න යන අපගේ අනාගතේ
    එනමුත් අදම නැගී සිටිය යුතුව ඇතේ

    ReplyDelete
  23. ah...sira machan..loweth naa kavi tikanam!..

    ReplyDelete
  24. ගින්දර මචං.......පට්ටම පට්ටයි.

    ReplyDelete
  25. නියමයි...එලටම ලියලා තියෙනවා....

    ReplyDelete
  26. නියමයි...........
    fatta ah!!

    ReplyDelete
  27. ha ha //ela ela..

    ReplyDelete
  28. ඒ.සී. මලකඩ හෙට දවසෙදි නොකඩන්න
    කැම්පස් උජාරුව ලෙසටම පවසන්න
    මෙහෙම ගියෙත් එය සැබෑව කරගන්න
    අපිටත් වෙනව අද හෙටදිම නැගිටින්න

    ReplyDelete
  29. wow...........breathless...superb...nice....wonderful and trueeeeeeeeeeeee

    ReplyDelete
  30. කැම්පස් එකේ කොල්ලන් හට මේ වූ දේ..
    අද කරනවා කැම්පස් ගිය නැති මිතුරේ...
    උන්ටත් නැගිටින්න වරමක් දෙමු රාලේ..
    ඉන්පසු සතුටු විය හැක හැමටම සිත්සේ...

    තවකෙක් ඉගෙන ගත්විට නුබ බිම නොවැටේ...
    ඔවුන් සමග ඔබටත් ජය ගනු හැකිවේ...
    රටටම මැවිසුරන් මැවු බිම කටුබැද්දේ...
    කිසිවෙකුටවත් පැරදීමට හැකි නොම වේ....

    නෙක තරු පෑයුවත් පුන්සඳ එලිය අඩු නොවේමය,
    කොතරම් කඩ දැමූවත් මොරටුව දිලේමය,
    තරු බිම හෙලන්නට අපි පෙල නොගැසිය යුතුය,
    සඳේ එලිය නංවන්නට රොක් විය යුතුය....

    ReplyDelete
  31. සක්දෙවිදුනි මට පළමුව වෙන්ට සමා
    කවිකම අගෙයි පාදනු ඇස් රටේ සැමා
    තවමත් නැතිය අපි කවුරැත් වෙලා පමා
    යමු ඉදිරියට අපි කවුරැත් නොවි පමා

    ReplyDelete
  32. අවුරුදු තුනක් ක‍ටු කාල ඉගෙන ගෙන
    ගියා මොර‍ටුවට අම්මගෙ සිහින ගෙන
    ගට්ට උපඩිය සිල්පය ඉගෙන ගෙන
    අපෙ ජොබ් එකට විදලනෙ C තුන

    ReplyDelete
  33. කිසි කතාවක් නෑ ඔබ දක්ෂ කවියෙක්. සුබපැතුම්.. කලාවත් ඇගෙ තියෙන මැත්ස්.... ඉන්නවා කියන එකත් සතුටක්. :D :D

    ReplyDelete