Sunday, July 17, 2011

මොරටු කවි...


ඉන්නේ මොරටුවෙයි සරසවි වරම්                           යට
කන්නේ ගොඩෙ බතුයි මසවුළු මතක්                   කොට
උපාධිය ද මුදලට විකිණෙනා                                 හෙට
යන්නේ කවදාද මැවිසුරු ගම                                 රටට

හැකිමුත් ඩොලර් මත යට වී                        විකිණෙන්න
ඇඳුරන් මෙහි රැදෙන්නේ රට ගොඩ                      ගන්න
බලධරයිනි එහි වටිනාකම                                    දන්න
බැරි ඇයි ඔවුනගේ පඩි වැඩි කර                         දෙන්න

ආසියාවෙ ආශ්චර්ය මගෙ දෙනෙතින් බලා            ගන්න
මැවිසුරු වී සිවු වසරින් යළි ගම රට බලා එන්න
ඉගෙන ගන්න වුනු ණය ටික හෙමි හෙමීට පියව    ගන්න
අධ්‍යාපනෙ මියෙනු නොදී හනිකට විසඳුමක්        දෙන්න

ඇඳුරුතුමන් හට නොම දී                               තීන්දුවක්
ආශ්චර්ය පෑමට යයි                                    ආණ්ඩුවක්
උගත්කමට නොකරම කිසි                            බාල්දුවක්
බලධරයිනි දෙනු දැන්වත්                              තීන්දුවක් !!!

3 comments: