Thursday, July 28, 2011

සරසවි අංශ ප්‍රධානීන්ට පැනවූ වාරණ නියෝගය දීර්ඝ කෙරේ




දිවයින 28/07/2011
සරත් ධර්මසේන

ශ්‍රී ජයවර්ධනපුර, රුහුණ සහ වයඹ විශ්වවිද්‍යාල අංශ ප්‍රධානීන් සිය තනතුරුවලින් ඉවත්වීම හෝ ඉල්ලා අස්‌වීම වළක්‌වමින් අභියාචනා ධිකරණය පැනවූ වාරණ නියෝගය අගෝස්‌තු 4 වැනිදා දක්‌වා ඊයේ (27 වැනිදා) දීර්ඝ කළේය.

එම විශ්වවිද්‍යාලයේ තනතුරුවලින් ඔවුන් ඉල්ලා අස්‌වීමට තීරණය කර තිබූ අතර ඔවුන් ඉල්ලා අස්‌වුවහොත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය මුළුමනින්ම කඩාකප්පල් වී තමන් ඇතුළු වැඩිදුර අධ්‍යාපනය හදාරණ සිසුන් විශාල පිරිසකගේ අනාගත අපේක්‍ෂාවන් බිඳ වැටෙන බව කියමින් එම විශ්වවිද්‍යාල තුනේ සිසුන් තිදෙනකු විසින් ගොනුකර තිබූ රිට්‌ පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව එකී වාරණ නියෝගය පනවා තිබිණි.

අංශ ප්‍රධානීන්ගෙන් ඉල්ලා අස්‌වීමේ ලිපි බාර ගැනීමෙන් වළකින්නැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට හා උපකුලපතිවරුන්ට පනවා තිබූ වාරණ නියෝගයද එදින දක්‌වා දීර්ඝ කෙරිණි.

අභියාචනාධිකරණයේ සභාපති ශ්‍රී ස්‌කන්ධ රාජා සහ විනිසුරු නලින් පෙරේරා හමුවේ පෙත්සම ඊයේ (27 වැනිදා) යළි කැඳවූ අතර දෙපාර්ශ්වයේ නීතිඥවරු කියා සිටියේ සරසවි අංශ ප්‍රධානීන් තනතුරුවලින් ඉල්ලා අස්‌වීමට තීරණය කිරීමට හේතුවූ ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට අදාළ පාර්ශ්වයන් අතර සාකච්ඡා පැවැත්වෙන බවයි. එනිසා වාරණ නියෝග තවදුරටත් ක්‍රියාත්මක කරමින් පෙත්සම් යළි අගෝස්‌තු 5 වැනිදා කැඳවීමට විනිසුරු මඩුල්ල නියම කළහ.

ජනාධිපති නීතිඥ පායිස්‌ මුස්‌තාපා මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි අතර අධිනීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා අංශ ප්‍රධානීන් වෙනුවෙන් පෙනී සිටියේය.

1 comment:

  1. lokuma gataluva me lectutres union blog 1d1 efsu blog 1da kiyana 1i.monava unath kondak nati union 1k venna hoda naha.ochcharama kadee yannavanam upadi kadavala ugannana ubalagema lectureslata viruddavat kagahapalla.poster alavapalla.

    ReplyDelete