Sunday, January 8, 2012

දෙකේ ලකුණු පළමුව වෙනමම හෙවුවා............. අරගෙන දෙකම ඉන්පසු කෙරුවෙමු "මෙව්වා"........

සදෙව් ලොවට අධ්පති සක් දෙවිදු                    මෙමා
මගෙ පොඩි පුතා ලිවුවෙත් මේ පාර                   තමා
දැනගනු පිණිස පුතු ප්‍රතිඵල නොවී                     පමා
ඉක්මන් කරන ලෙස දැනුවත් කළෙමි            "කොමා"

ප්‍රතිඵල නිකුත් වී මොහොතක් ගෙවෙන               විට
මට වැටහුණා හො හැටි ඉක්මනෙහි               කොට
සදෙව් ලොවම කැළඹී ප්‍රතිඵලය                         පිට
එන්නට හදනවා ඇතුළට කඩන්                        වැට

දේවිය යවා පුතු ප්‍රතිඵල බලන                        රිසින්
කැදවූයෙමි කොමා වූ තතු අසන                   ලෙසින්
පහලට නැමුණු මුහුණින් බිම හැරුණු              ඇසින්
පහදන්නට කරුණු ඇරඹිණි කොමා                 විසින්

සිලබස් දෙකක කට්ටිය එකටම                      ලිවුවා
වරදක් නැතිව අපි එක ලකුණක්                    මැවුවා
දෙකේ ලකුණු පළමුව වෙනමම                   හෙවුවා
අරගෙන දෙකම ඉන්පසු කෙරුවෙමු             මෙව්වා

ඔහුගේ කතාවේ අග මුල නැති                       හන්දා
ඉගෙනුම් බාර දෙවියා අසලට                       කැන්දා
විමසූවෙමි කරුණු හද තුළ සැක                     රන්දා
පුතුගේ ප්‍රතිඵලය මක් වේවිද                         මන්දා

ඔය රජතුමනි අපෙ ලොව දෙවියගෙ               ගතිය
කෑ ගැහුවාට හැටි අවුලක්                        නැතිය
හැදුවේ සූත්රය නිදි මරමින්                          සතිය
ඒකට යොදා ගත්තේ අපි                        ජ්‍යාමිතිය

ඔහොම වැඩක්මයි තොපි නම් කළොත්         කලේ
කොහොමද මෙහෙම ගියොතින් මම ඉන්නෙ  බලේ
ඇදගෙන නාලා තොපි මේ බොර කෙරුව        ජලේ
යමරජු මාළු බානව ඇති ඉහන්                      වළේ

මාතලීට ඇත දැන් හොදටම                       කිපිලා
උගෙ පුතු හට නෑලු තව ප්‍රතිඵල                 ලැබිලා
බැලුවම කාරණා එහි පතුලට                      එබිලා
ඩ්රයිවින් පේපරේ කුණු කූඩෙක                 තිබිලා

තාමත් සිහිය නෑ මල් අම්මගෙ                        දූට
බය වුණු පාර අද මේ සිදු උන                       දේට
සදෙව් ලොවෙන් දහවෙනියා වුණු                  ඈට
තුසිතෙන් සීය ලැබුණාම පවසම්                    කාට

පංචසිකට හැදිලලු කැක්කුම                      ඔලුවේ
වීණාවෙන්ලු පුතාට තරහට                       තැලුවේ
සංගීතයෙන් උගෙ පුතු කොහොමද            හැලුවේ
ඌගෙම පියා නම් එහි පේපර්ස්                  බැලුවේ

වගකීමක් නැතිව මුන් පුටු වල                      ලෑවා
මුන් ටික මගේ නම රහ කර කර                   කෑවා
මින් මතු කිසි දිනක නොම වන්නට               ඕවා
දැන්වත් ඉගෙන ගත යුතු පාඩම්                   මේවා

යන විට සබාවේ ඔය විදිහට                       ගෝරි
කෑ ගහගෙන දිව ආවා නොවැ                       බාරි
පොඩි පුතු ලිවුවේ තනතුරකට                  බලධාරි
අන්තපුරේටලු ඇත්තේ                          තේරි


සදෙව් ලොවට අධ්පති (චමිඳු මිහිරංග)

57 comments:

  1. එල මචං.. ආයෙත් වැඩේ පටන් අරං වගේ... ඔහොම යං ඔහොම යං

    ReplyDelete
  2. කොමා තමයි අවසානෙට අහු උනේ අනික් උනුත් කොමා ඉස්සරහට දාල සේප් උනා...

    ReplyDelete
  3. සදෙව් ලොවෙන් දහවෙනියා වුණු ඈට
    තුසිතෙන් සීය ලැබුණාම පවසම් කාට

    පට්ට වචන ටික මචන් :ඩී
    මෙව්ව තමා අපිට ඕනි.

    ReplyDelete
  4. මචන් ලොවෙත් නෑ මැක්සා අහ....!!!!

    ReplyDelete
  5. අඩෝ සුපිරියි..!

    ReplyDelete
  6. සුපිරි ලිපියක්! මගේ බ්ලොග් එකෙත් මේකට ඉඩක් මෙන්න වෙන්කළා!

    http://janjaalachamara.blogspot.com/2012/01/blog-post.html

    ReplyDelete
  7. පට්ටම පට පට මචන්ලා...

    ReplyDelete
  8. pattai kolla

    ReplyDelete
  9. උපමා රූපක ගැලපුම නං පට්ටයි මචෝ... සදෙව් ලොවෙන් දහය තුසිතෙන් සීය කියපු එක තම පට්ටම. නියමයි.. :)

    ReplyDelete
  10. OMG! Love this bro! mwwwaaaah!

    ReplyDelete
  11. අම්මප මල්ලියේ මේක නං මල් හතයි... තේරෙන්න ඕනි අයට මේවා නොතේරුනාට කමක් නෑ බං.. දිගටම ලියන්න.....

    ReplyDelete
  12. pattaaaaaa !!! kiyala wedak naaa !!! adenawa thani ahata !!!

    ReplyDelete
  13. Niyamai mihiranga....kiyala wadak na....!!!

    ReplyDelete
  14. පට්ටම කවි ටික.
    ඒ තුන ගත්තු අපේ නංගි කෙනෙක් 9 වෙද්දි ඒදෙකයි බී එකට වෙන නංගි කෙනෙක් දෙක වෙලා.....

    ReplyDelete
  15. සුපිරි මචං....ලොකු තැන්වල ඉන්න ලොක්කන්ට ඕනෙ ජ්යාමිතියෙන් බැරි නම් මොන මගුලෙන් හරි තමන්ගේ වාසියට වැඩේ කරගන්න විතරයි. ලංකාවේ මිනිස්සුන්ට රාජ්‍ය විශ්ව විද්‍යාල එපා කරවීමේ තවත් වැඩක් මේක. මෙහෙම ප්‍රතිපල එනකොට campus යන්න A/L කරන්න තියා ඉස්කෝලේ යන්න වත් හිතෙනවද කාටවත්?

    ReplyDelete
  16. කුෂාන්ගේ "බයික් කවියට" පස්සේ කියවන්න ලැබුණු අතිශය සුපිරි නිර්මාණයක්! :)

    මැක්සා!

    ReplyDelete
  17. RP: ශාකුන්තල said...

    කුෂාන්ගේ "බයික් කවියට" පස්සේ කියවන්න ලැබුණු අතිශය සුපිරි නිර්මාණයක්! :)

    මැක්සා!

    ReplyDelete
  18. නියමයි මචන් කවි ටික..
    හිනාවෙලා මගෙ බඩත් රිදෙනවා..:) :D

    ReplyDelete
  19. එලම එල කවි ටික.

    ReplyDelete
  20. This comment has been removed by the author.

    ReplyDelete
  21. Thilina ChathurangaJanuary 9, 2012 at 8:37 AM

    supiriy kolla,,,,pattama pattA,,,pandupul aasane dan 500 Celsius walata temperature 1 nagala athi,,ane sak deyyo paw

    ReplyDelete
  22. patta pata pata.....

    ReplyDelete
  23. pissu hadenawa machan,,,keep itup...niyamai

    ReplyDelete
  24. එළම කිරි මචං, ඔහොම යං

    ReplyDelete
  25. Supiri Kavi tika mchn..

    ReplyDelete
  26. ඔයාගේ වෙබ් එක ගොඩක් හොඳයි.. අපි හිතනවා ඔයාට හොඳ හැකියාවක් තියනවා කියලා.. අපේ සිංහල කොල්ලන්ගේ කෙල්ලන්ගේ දක්ෂතා එලි දක්වන්න හොඳ media එකක් මේ නොදියුණු ලංකාවේ නැහැ.. ඒවා තිබුනත් ඒවායේ මෝඩයයි අදක්ෂයයි තමයි රජ කරන්නේ.. කොහොම උනත් මම ඔබට සුබ පතනවා දිගටම ලියන්න... ඔබගේ අඩවිය තුලින් සිත පිරිසිදුවම ලෝකයටත් මනුෂ්යාටත් හොඳක්ම කරන්න.. .
    ස්තුතියි..
    අපි
    Sri Lanka E-news Link
    අපි ඔබගේ වෙබ් අඩවිය ගූගල් PR අඩවියක් කරන්නෙමු..
    (We are genius to make the Google PR of your site increase.)

    ReplyDelete
  27. මේක නම් සුපිරියි මචන්.....ජය වේවා...!!!!

    ReplyDelete
  28. කටුබැද්දේ සැවුළු අන්දරය කවි කොලය සිහිවිය!

    ReplyDelete
  29. niyamai...meka kavi kola gahala parak parak gane bedanna watinawa hemotama therenna............

    ReplyDelete
  30. කලින් post එකත් මේක ලිවුව පොරගෙම වෙන්නැති නේද? පික්ෂු කොර නේ බන්. උඹලගෙ කැම්පස් එකට ආඩම්බර වෙන්න පුලුවන් මෙහෙම dial එකක් ඉන්න එක ගැන!
    All da BEST කොල්ලා!

    ReplyDelete
  31. kiyawuemi obe rasabara wadan pela
    kimata aththe eka theyaki eyanam ELAMA ELA
    thawa nawa kavi walin obage pelin pela
    sarasau manavi sak deviduni kalin kala

    ekenma...sira...!!
    carry on machan..,
    Wish u all d BEST!!!!

    ReplyDelete
  32. Mare maru.. excellent..

    ReplyDelete
  33. gindara machan...Moratu kollo itin aye ahanna deyak ne..gindara thamai..

    ReplyDelete
  34. අවුරුදු දෙකක් ටියුෂන් අපි බඩ ගෑවා
    සකල ශිල්ප දාලා පේපරෙ ලිව්වා
    මා පිය වරුන් වැනි ගුරුවරු ඒවා බැලුවා
    කොහෙවත් නැති කොමෙක් ඒකට __වූවා

    ReplyDelete
  35. උපරිමයි ලොක්කා :)

    ReplyDelete
  36. සක්වල ගලට එපිටින් කරමුද සද්ද
    දකින පෙනෙන තැන කලයුතු පරසිදද
    මහ රජ උනත් දැක්කොත් නෑ වැරැද්ද
    ගැලවීල ඉවරයිනේ ඇදගෙන හිටි රෙද්ද


    ප්‍රයිවට් සරසවිය ඇස් බි ගේ ඔලුවට ගහලා
    රෙදි නැති උනත් කුට්ටිය ඇති ගානට ලැබිලා
    ගැලවුන රෙද්ද තව ගැලවෙච්චාවෙ කියලා
    තව තව උඩපනි උහට නෑ විලි ලැජ්ජා

    කොමාට නම් තව වෙන්ට දෙයක් නැත
    කරගන්නට තව වෙන කිසිවක් නැත
    හැංගෙන්නට ඉඩ ඕනතරම් ඇත
    සාටක අස්සේ මරු සෙල්ලම් ඇත


    වයිමා යනවා තව ටික දවසකින් ෂුවර්
    සුදූ සරමේ බඩ යනවා ලොවෙත් ෂුවර්
    රතු මල්ලිටත් දැන් නෑනේ කටේ පවර්
    මෙහෙම ගියොත් බගිනවා සාටකේ පවර්


    කවි ටික උඹේ කොල්ලෝ මරු එළම එළ
    තව කවි ලියාපන් උඹ කොල්ලො එළම එළ
    මොනවා උනත් හිටපන් උඹ ඇලට් එකේ
    දන්නෝ දනිතී වෑන් එකේ කතන්දරේ

    ReplyDelete
  37. patta pata pata, elazz!

    ReplyDelete
  38. Great!!!!!! (Tharindu Nuwan Kulasinghe)

    ReplyDelete
  39. mariyan tho! mawa mehema balu karanawata!
    (Bandula ayya)

    ReplyDelete