Saturday, January 9, 2016

වර්තමාන අධ්‍යාපන පද්ධතිය අනාගතය උදෙසා සකස් විය යුත්තේ කෙසේද?

ශ්‍රී ලංකාව නම් වූ මේ මේ කුඩා රට තුල එදා මෙදා තුර සිදුකලා වූ සිවිශේෂී ආයෝජනය වූ නිදහස් අධ්‍යාපනයේ  ප්‍රතිඵල ලෙස සමාජ ගත වන්නට නියමිත විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව ලෙස අප සතු සමාජ වගකීම ඉමහත්ය. රටක් ලෙස අනාගතය වෙනුවෙන් මෙම ආයෝජනයට දායක වූ මුළුමහත් සමාජයම අපගෙන් අපේක්ෂා කරන්නේ මුළු මහත් රටම, සමාජයම  නිවැරදි දිශානතියට  ඔවුන් මෙහෙයවා සියලු දෙනාගේ ජිවිත සමුර්දිමත් කිරීමේ වගකීම අප විසින් දරනු ඇති බවයි.

විශ්ව විද්‍යාල ශිෂ්‍ය යනු හුදෙක් විෂය කරුණු මතම පිහිටා සිටින පුද්ගලයෙකුට එහා ගිය වීවෘත සමාජ දැක්මකින් හෙබි පුද්ගලයෙකි. එනිසාම එවන් වූ අප උරමත ඇති තවත් එක් සමාජ වගකීමක් ඉටුකිරීමේ මුලික පියවර මෙසේ ආරම්භ වේ.

ශ්‍රී ලංකාව වැනි රටකට අධ්‍යාපන යනු සැබවින්ම වටිනා වස්තුවකි. එයිනුත් සුවිශේෂී අධ්‍යාපන ක්‍රමක් වූ නිදහස් අධ්‍යාපන පද්දතියක් අපට උරුම වීම සියලු දෙනාගේ වාසනාවකි. මිට දශක ගණනාවකට පෙර එවක සමාජ පසුබිම හා අනාගතය උදෙසා පැහැදිලි දැක්මක් ඇතිව සැලසුම් වූ සමාජ ප්‍රතිසංස්කරණයක් ලෙස මෙම නිදහස් අධ්‍යාපන සංකල්පය හදුන්වා දිය හැකිය. අතීතය එසේ වුවද වර්තමයේ ඔබට මට අත්දකින්නට ලැබෙන්නේ අධ්‍යාපන පද්දතියේ විශාල අර්බුධකාරී වතාරණයකි. මේ අර්බුදය පිළිබද විවිධ කතා බස්, තර්ක විතර්ක ඇති වුවද සමාජය තුලින් යම් යම් විරෝධතා මතු වුවද එවන් පෙලබවීම් සැබෑ විසදුමක් කරා යාමට ප්‍රමාණවත් වී නොමැත. එයට ප්‍රබලම හේතුව වී ඇත්තේ මේ පිළිබද වූ ක්‍රියාමාර්ග හරි හැටි සමාජ ගත නොවීමේ ගැටලුවයි. එම අඩුපාඩුව ප්‍රයෝජනයට ගන්නා දේශපාලන අධිකාරිය මෙම ගැටළු වෙනුවෙන් නිසි අවදානයක් යොමු නොකිරිම නිසාවෙන් අද වන විට අධ්‍යාපනයට නිසි ප්‍රතිපතියක් නොමැතිව ඉබාගාතේ යාමකට ලක්ව තිබේ.

ඒ නිසාවෙන් අප විශ්වාස කරන ප්‍රමුඛතම අවශ්‍යතාව වන්නේ ඉංජිනේරු පීඨ වලදී අපි ඍජුව මුහුණ පාන ගැටළු වලට පමණක් සිමා නොවී පෙරපාසලෙන් පටන් ගෙන විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වාම මතුව ඇති මෙම ගැටළු නිසි ලෙස සමාජ ගත කොට අධ්‍යාපනයේ හා රටේ යහපත් ඉදිරි ගමන වෙනුවෙන් පුළුල් සමාජ මතයක් ගොඩ නැගීමයි.

ඒ වෙනුවෙන්

“ඈත හද්දා පිටිසර පොල්අතු පැලක ඉපිද දැනුමින් ලෝකය පුබුදු කරන්නට සංචිත සක්‍යතාවෙන් යුතු දුගී දුප්පත් දරුවන්ගේ සිට රටේ ඉහලම පැලැන්තියේ පුරවැසියාගේ දරුවන්ටද සමාන අධ්‍යාපන අවස්ථා හිමි විය යුතු අතර පවතින අධ්‍යාපනයේ අර්බුධ වලට නිසි විසදුම් ලබා ගැනීමට පෙළ ගැසිය යුතුය.”

යන තේමාව යටතේ


කලින් කලට වෙනස් නොවන ක්‍රමවත් වූ අධ්‍යාපන ප්‍රතිපතියක් දිනාගැනීම.
අධ්‍යාපනය සදහා වෙන්කරනු ලබන ප්‍රතිපාදන ඉහල නංවාගැනීම.
රැකියා වෙළදපොල හා සමගාමිව රාජ්‍ය විශ්ව විද්‍යාල සදහා බදවා ගන්නා සිසුන් ප්‍රමාණය ඉහල නැංවීම.
පුද්ගලික විශ්ව විද්‍යාල බිහි වීමට  එරෙහිව හඩක් නැගීම.


මුලික කරුණු බවට පත් කරගෙන අධ්‍යාපනයේ අදට වඩා යහපත්  හෙටක් ගොඩ නගන්නට ඔබට අපි ආරාධනා කර සිටින්නෙමු.


චාමිකර සේනාරත්න,
සභාපති,
ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය - මොරටුව විශ්වවිද්‍යාලය


Wednesday, August 12, 2015

   නොදනීද තවම....

දෙනෙතින්ම නොව 
මනසින් දකින්නට 
ගතින්ම නොව
සිතින් විඳින්නට 
සවනින්ම නොව 
හදවතින් අසන්නට 
මට මෙන් ඔබටත් 
වරම් ඇති බව 
නොදනීද තවමත් 

---ෂමල්කා මධුභාෂි---

Wednesday, October 1, 2014

රකින්නම් ඔබ... - ( කාවින්ද තිරාණගම )

මහා මේඝ පසුකර
කටු අකුළු තරණය කර
දහතුන් වස අග,
මහේබත් වූ දෑතට
ලැබුණු තිළිණය
ඔබයි ....

ඇරඹුමවමි මලොව දකින්නට
ඇකමයහි තුරුළු වී,
මපන්නුවා ඔබ මට
මලෝකයම දිනන්නට,
හදවත් දකින්නට,
සරසවි මව්නි ඔබ....

ඔමබන් ලද ජීවමයන්,
මින් මතුත්
කැකුළු පුබුදන්න
ඉඩ මනොමදන උන් සමග
මපොර බදින්නේ ඔබ රකින්නට,
අවැසිනේ ප්‍රාණයත්
මුහු කරන්නේ ඔබ රකින්නට....

මලන්ගතුයි මෑණියනි
ඔබ හට....

                                                             - කාවින්ද තිරාණගම -

Sunday, September 30, 2012

සමාජ විහිළු...



ගිනි අව්ව දරා ගන්න බැරි වෙලාවක්. එත් මේ වෙලාවේ ඤාව්වයි කැවුම් මුණයි හිටියේ සිතල කඩාහැලෙන A/C කාමරේක.

“අනේ බලන්න මෙයා අපිට කියන කතා” කැවුම් මුණා හරිම හැඟීම් බරව කිව්වා.

“ඔන්න බලන්න මචෝ මං නම් ඔය වගකීමෙනුත් නිදහස්” ඤාව්වා සුපුරුදු හිනාවම දැම්මා.

“පුංචි ප්‍රතිඵලයක් වෙනස් වුණාට මොනවා වෙනවද” කැවුම් මුණා කේක් කෑල්ලක් අතට ගත්තා.

“හා හා චොකෝ කේක්, වැඩිපුර කෑවොත් පිම්පල් එයි” ඤාව්වා ආයෙත් හිනාවුණා.

“නෑ මෙයා නිතරම නාන හින්දා සැර අඩුයි.”

“හ්ම්, සොක්‍රටීස් ඉර ගිනිගෙන දැවෙන ගුලියක් කියලා කිව්වේ ඇයි දන්නේ නෑ. හරිම කුල්නෙ” ඤාව්වා කිව්වා.

“ඒක නෙමේ මොකක්ද අර result කතාව, ලියපු නැති විෂයන්ට result ඇවිත් කියන්නේ?”

“අය්යෝ, ඒක බොහොම පොඩි ප්‍රින්ටින් මිස්ටේක් එකක්ලුනේ. මිනිස්සු පොඩි දේත් අල්ලන් කෑ ගහනවා.” කැවුම් මුණා මල් හිනාවක්‌ දැම්මේ හිත පිනායන විදිහට.

“ඔයාගේ හිනාවට සියලු දුක් කරදර නිවෙනවා අනේ, ඇයි මන්දා මේ ළමයින්ට බැරි ඔයාගේ හිනාව බලලා සැනසෙන්න.”

“නැතුව අනේ, මං කියන හුරතල් කතාවලට විතරක් නෙමේ ඔයාගේ කතාවලටත් ළමයි වශීවෙලා ඉන්නේ. ඒක නෙමෙයි අර ළමයි ඔයාට facebook එකේ දාලා තිබුණු අං තට්ටුව මාර හැඩයි නේද?”

“චියා මං ඒ පාටට ආසා නෑ . ලා නිලට හුරු රතු පාට තිබුණනම් ජාති” ඤාව්වා උත්තර දුන්නා.

“විශ්වවිද්‍යාලවල ආචාර්යවරුත් ස්ට්‍රියික්ලු නේද?” කැවුම් මුණා ඤාව්වා දිහා බලලා සිරියස්ව ඇහුවා.

“ඔන්න ඔයාටත් වැරදුණු තැන” ඤාව්වා බළල් නාදය පතුරලා මහා හඬින් හිනාවුණා. ඒක ස්ට්‍රියික් එකක් නෙමෙයි අනේ, පුංචි පහේ වැකේෂන් එකක්.

“ඒ කොහොමද” කැවුම් මුණාට ප්‍රශ්නයක් මතුවෙලා.

“අවුරුද්දක්ම වැඩකරලා කරලා අපේ දරුවන්ටයි දේශකවරුන්ටයි හුඟාක් මහන්සියි එයාලට නිවාඩුවකුත් එපායැ ඒකයි අපි වැඩිය ගණන් නොගෙන ඉන්නේ”

“ඒ වුණාට මේ හදිස්සියේ මොකද වැකේෂන්?” කැවුම් මුණා මෝඩ තාලෙට ඇහුවා.

“ඒක අපෙන් ළමයිට ස්ප්‍රයිස් එකක්”

“ඔයා නම් ජාති මෙයා. එත් ඇයි දන්නේ නෑ ළමයි පාරවල්වල බෙරිහන් දුන්නේ?” කැවුම් මුණා ආපහු ඇහුවා.

“අය්යෝ කැවුමා ඔයත් මහ මෝඩ ප්‍රශ්නනෙ අහන්නේ.එයාල මට thanks කළා. තරුණ උද්වේගකර ළමයි thanks කරන්නේ දැන් ඔය විදිහටනෙ.”

“ඉතිං කවද්ද ඔය වැකේෂන් එක ඉවර වෙන්නේ?” කැවුම් මුණට තවත් ලොකු ප්‍රශ්නයක්...

“මෙහෙමයි කැවුමා, අපි ඒ තීරනෙත් ළමයින්ට දීල තියෙන්නෙ. වැකේෂන් එක ඇති වුණාම එයාලම අපිට කියයි. මේකේ තියෙන විශේෂත්වය තමයි කැමතිනම් නොනිමි වැකේෂන් එකක් දක්වා දික්කර ගැනීමට හැකිවීම. අපි හැමවෙලේම හිතන්නේ අපේ මේ දරුවන්ගෙ අනාගතේ කැමති නම්, විවාහවෙලා දරු සුරතල් බලලාම, විශ්වවිද්‍යාල අධ්‍යාපනේ පස්සේ කැමති දවසක අවසන් කරන්නත් බැරියැ.”

“එත් ඤාව් එයාලට සල්ලි?”

“ඇයි අනේ මහපොළ දෙන්නෙ? ඒකෙන් අවුරුද්දක්ම වුණත් ජිවත් වෙන්න බැරියැ.”

“එක අතකට ඒකත් ඇත්ත.”

“එක අතකට නෙමේ කැවුමා. හැම අතටම හොඳයි.” ඤාව්වාගේ මුණේ මල් පිපිලා වගේ.

“එක නෙවේ ඤාව්වා මේ පාර මහ කඩඉම් විභාගේ ලිව්ව ළමයින්ව කවද විතර කැම්පස්වලට ගනීද?”

“අනේ කවදා ගියාම මොකෝ, ඔයා අහල නැද්ද මිනිහෙක් ජිවිත කාලෙම, ජිවිත කාලෙ පුරාම ඉගෙන ගන්නවා කියලා. ඕනේ නම් වැඩිපුර අවුරුදු තුන හතරක් යාවි. ඒක මොකක්ද ගෙදරට වෙලා දෙමාපියන්ටත් උදව් කරගෙන, පුරන් වුණ කුඹුරක් එහෙම කොටාගෙන සල්ලිත් හොයන්න පුළුවන්නේ. පස්සේ ඩිග්‍රිය කරගන්න බැරියැ. ඔය ඔස්ට්‍රේලියාව වගේවගේ දියුණු රටවල් එහෙමත් ඒ වගේනේ කරන්නෙ.”

“එතකොට උන්ගේ හොඳ කාලෙ ඉවරවෙයිද?”

“නෑ ඤාව් අවුලක් නෑ. එතකොට මේ ළමයි පරිනත වෙලා, තරුණ වයස පහුකලාමලුනේ සාමාන්‍යයෙන් නියම මොළේ පෑදෙනවා කියන්නේ. වර්තමාන සමහර විශ්වවිද්‍යාලවල ඉන්න ගිණි ගංජා කාරයෝ දැක්කාම මට හිතට දැනෙන්නේ, අවුරුදු 25 න් විතර පස්සේ විශ්වවිද්‍යාලවලට ඇතුළු කරගැනීම ගැන පනතක් ගෙනාවොත් හොඳයි කියලා.”

“ඒ විතරක් නෙමේ, එතකොට ප්‍රතිඵලවල ප්‍රශ්නයක් යන්තමට උද්ගත වුණත් දෙතුන් පාරක්ම බලලා සංශෝධනය කරලා, හිතේ සතුටින් ප්‍රතිඵලය භාර ගන්න පුළුවන්නේ, කැවුම් මුණා Nonstop එකේ කියාගෙන ගියා.”

“අනේ මාරයි. ඔයා මගේ හිත කියෙවුවා නේද?” ඤාව්වා සුපුරුදු ස්වරයෙන්ම හුරතල් වුණා.
“ඒ කියන්නේ, ඔයත් මං විදිහටයි හිතන්නේ කැවුම් මුණටත් හිනා ගියා.” දෙන්නටම හරි සතුටුයි.

ඒ විතරක් නෙමේ, එතන හිටපු පැපරාසි මල්ලිටත් හිනා ගියා. පැපරා මල්ලිගේ හිනාවට කැවුම් මුණයි ඤාව්වයි හැරිලා බැලුවා.

“අනේ නෝටි පැපරාසියෙක්” ඤාව්වා කිව්වා.

පැපරා මල්ලි කට කනට යනකල්ම හිනාවුණා.

“මල්ලී ඔයා කාලද ඉන්නේ.” කැවුම් මුණා චොක්ලට් කේක් කෑල්ලක් පැපරා මල්ලිට දික්කළා.

“කෑවා නම් තමයි.ඒත්...” පැපරා මල්ලි ටිකක් බොරුවට අදිමදි කරලා කේක් කෑල්ල කන්න ගත්තා.

“අපි ගැන බොරු එහෙම දාලා ජනී ජනයාගේ හිත විතරක් රිද්දන්න එපා.” කැවුම් මුණා විහිළුවට වගේ කිව්වා.

“අපි කන්න දුන්න ඇත හපා කන අය නෙමෙයි අය්යෝ” පැපරා මල්ලි හරිම ලැජ්ජාවෙන් කිව්වා.

අනේ බොරුවට ජනී ජනයා දැඟලුවට ඤාව් ඇමැතියි කැවුමා ඇමතියි කොච්චර චාම්ද, අහිංසකද? ඒ දෙන්නට විරුද්ධ වුණොත් මට පව් පිරෙයි. අනිත් එක කේතුමතී නුවර ටෙලි නාලිකාවලවත් මේ දෙන්නට බනින්නෙත් නෑනේ. එකෙනුත් තේරෙන්නේ මෙයාලගේ අහිංසකකම. පැපර මල්ලි හිතුවා.
හැබැයි ඇත්තටම ඤාව්වයි කැවුම් මුණයි ගැන විශ්ප විජ්ජාල ළමයින්ගේ හද පත්ලෙන්ම බුර බුරා නැගෙන ආදර ගෞරවය වැඩි කරන්න කැමති හින්දා පැපර මල්ලි සිද්ධිය ඒ හැටියෙන්ම ලියලා දැම්මා.

-මොරටු සරසවි ශිෂ්‍යාවක්‍--

Friday, August 31, 2012

දැන් නම් ඇති වෙලා මේ කරුමය විදලා .......................... දෙනකන් විසදුමක් ඉක්මනටම හිතලා.......................



සදෙව් ලොවට අධිපති සක් දෙවිදු මෙමා
දැන්නම් චන්දෙකුත් ළග ළග එනව තමා
දෙවිවරු හට මෙකල ඇති ගැටලුවද කිමා
හිතුනා බලන්නට පොඩ්ඩක් දෙකන් යොමා

පළවා හළෙමු වින කළ අසුරයො ගොන්න
නිදහස් ලොවක දැන් හැක රිසි සේ ඉන්න
දෙව් ලොව ඉන්නේ දෙවිවරු කළගුණ දන්න
එබැවින් බයක් නැත දෙව් හමුවට යන්න

පෙර වෙණ නදින් හැඩ වන විට වා තලය
අපෙ සුර ළදුන් නැටුවේ තැන් තැන් වලය
දැන් උන් නටන්නේ දී උපරිම ඵලය
"පරසතු පොකුණ සක් දෙව් රගහල" තුළය

වසවත් ලොවේ සිට තුසිතෙට යන්න පැයයි
අනෝතප්ත විල උඩ පාලම් හයයි
කඩුපුල් කුළුණෙ උස දැක්කත් හිතට බයයි
දෙව්ලොව දෙවිවරුන් මට ඇත්තෙන්ම ණයයි

පඩුපුල් අසුන වෙත මහ අබිමනින් ගියත්
කොච්චර මුත් දැනේ කොර වෙයි කියන බියත්
එබැවින් දෙපස හිදුවා දෙව් මඩුව වියත්
"සක් රජ දෙව් හමුව" නිසි ලෙස කළෙමි දියත්

මුහුණින් සිනා සී සිටියත් රජ අස්නේ
දෙවිවරු දකින කොට වැඩි වෙනවා රස්නේ
නැති වී යන්න පෙර මුහුණේ වූ දිස්නේ  
දෙව් ගැටයෙක් නැගිට ඇහුවා මුල් ප්රස්නේ

ගුරු වර්ජනේ තාමත් තිබු තැනම ඇත
ගෙදරම ඉදන් හොදටම ගැලවිලා දත
කැම්පස් පටන් ගන්නා පාටකුත් නැත
දෙනු මැන විසදුමක් සලසන අටින් සෙත

මේ දින වල දිගට සාකච්ඡා යනවා
ඉක්මන් විසදුමක් අපි ළගදිම දෙනවා
මගෙ දෙව් මඩුල්ලට ගැන හරි මොනවා
කීමට තිබේ නම් මම අවසර දෙනවා

පළමුව නැගිණි ගණ දෙවිදුගෙ මධුර හඩ
කරනවනම් කොච්චර තියෙනවද වැඩ
ලැබ දුන් නිවාඩුව අපතේ නොහැර ඉඩ
අතපසු වෙච්ච ඇක ටික දාගන්න ගොඩ

නෑ තමා කොහොමත් ගෙදරම ඉද්දී
සරස්වතිය කීවා පැද්දී පැද්දී
ඕකත් අවුලක්ද රියැලිටි ෂෝ එද්දී
කහවනු කෝටියක් මුල් දිනුමට දෙද්දී

කද සුරිදුගෙනි නැගුනේ ඉන් පසුව හඩ
ඕකත් පැනයක්ද ඔබ දැම්මාට උඩ
ගෙදරම කකා හිටියොත් නැති වෙනව හැඩ
ජිම් එකකට ගිහින් අඩු කරගන්න බඩ

ලක්ෂ්මිය නැගී සිටියා නෙත් අවට යොමා
ඉපැයීමට මුදල් දැන ගත යුතුයි තමා
කැම්පස් නැතත් දූලා ඇයි වෙන්නෙ පමා
ඇහි බැම ගැලෙවුවත් දැන් නම් සල්ලි තමා

මුන් ටික එක දිගට ගොන් විසදුම් දෙනවා
තව මෙය දිගට ගියොතින් නම් කෙල වෙනවා
හිතමින් සිටියදී මම කරමිද මොනවා
දෙව් ගැටයාම මේ විදිහට පවසනවා

දැන් නම් ඇති වෙලා මේ කරුමය විදලා
දෙනකන් විසදුමක් ඉක්මනටම හිතලා
ලෙක්චස් නැති නිසා අපි ගෙදරම ඉදලා
ගානක් හොයගන්නම් ඇඩ් ක්ලික් කරලා

සදෙව් ලොවට අධිපති(චමිඳු මිහිරංග)

Tuesday, August 28, 2012

බුද්ධිමය සංවාද



දැන් හැමදේම උඩු යටිකුරු වෙලා. හීන පේන්නෙත් කණපිටට. නිරායාසයෙන්ම මගේ අහිංසක හිත ඇදිලා ගියේ ඊයේ දවාලෙ මං දැක්ක පිස්සු හැදිලා සඳ බොඳවෙන ජාතියේ චාම් හීනෙකට.
මී හරක් ජෝඩුවක්‌ සුපර් මාකට් එකක ඉඳගෙන කතා කරනවා.

“මචෝ, මේ දවස්වල රසම රස කෑම ජාතිය මොකක්ද එක මී හරකෙක් අහපි.”

“ම්හ්, අධ්‍යාපනේ තමා රසම, එකෙත් ජාතිම කොටස තම රිසල්ට් කියන්නේ, මං ආසම ඒ හරියට.”

“මාත් ඕක අහල තියනවා. ඇත්තම කියපං බං පුන්නක්කුවලටත්  වඩා පට්ටද?” පලවෙනි මී හරකා අනිත් එකාගෙන් අපහු අහනවා.

“අනේ මචෝ, මට හරි ආසයි මැරෙන්න කලින් ඇමතියෙක් වෙන්න”

“ඉතින් ආණ්ඩුවෙන් හරි විපක්සෙන් හරි නාම යෝජනා දුන්නොත් හරිනේ”

“එත් අනේ ජනී ජනයා අපට ඡන්දෙ දෙයිද?”

මේ ප්‍රශ්නෙට පළවෙනි මී හරකා තප්පුලලා හිනාවුණා.

“මොහ්, මොහ්, මොහ්”

“අනේ මැට්ටෝ කතා සාප්පුවේ ඉන්නෙත් අපේම උන්නේ. අපි දෙන්නත් එතෙන්ට වැඩි නෑ. ජනී ජනයා අකමැති උනොත් අපි අර ලිස්ට් එකෙන්වත් යමුකො”

“නායක වෘෂභ රාජ කැමති වෙයිද?”

“එයාට ඕවා ගාණක් නෑ බං, අධ්‍යපනෙත් ඇඳගෙන නානවනෙ” එක මී හරකෙක් කිව්වා.

“අපරාදේ කන්න තියන එක” අනිත් හරකා බොහොම දුකින් කිව්වා.

“මේ දවස්වල රස්නෙ හින්ද වෙන්න ඇති”

ඔන්න එතකොටම මට උඩ ගිහින් ඇහැරුණා. වෙලාව අමුම අමු දවල් දොළහයි. මං නිව්ස් දැම්මා. ස්ට්‍රයික් එක ගැන වගක්වත් නෑ. Z score ගැන හාවක්හුවක් නෑ. ප්‍රවෘත්ති මුල ඉඳලා අගටම මල්මාලා දාලා හිනාවෙන දර්ශන, මුල්ගල් තැබීම්, රගර් මැච්.....

“ඇත්තටම ඇයි දන්නෑ නේද පච පෙට්ටියේ ඔය ඉස්ට්‍රයික් ගැන යන්නේ නැත්තේ” මී හරකෙක් ආයෙත් අහපි.

“පච පෙට්ටිවල, පත්තර කඩදාසිවල ලියන්න තරම් අධ්‍යාපනයත් ඉතුරු වෙලා නෑලු බං. දැන් හැමෝම කාලා ඉවරලු ඒක.”

“එතකොට ඔය හුචැස් අධ්‍යපනෙත් අපේ වෘෂභරාජලා කාලා දාලාද?”

“කාලා ඉවරමත් නෑලු, අපේ ජෝඩුවක් ඒක අනනව කියලා තමා ආරංචි.”

“කතා සාප්පුවේ අය හැම වගකිමකින්ම නිදහස් බං, සල්ලිත් ලැබෙනවා, පිටරට යන්නත් පුළුවන්.”

“ඒක නෙමේ හරිම ගිරිස්මයි කූල් ඩ්‍රින්ක් එකක්වත් බොමුකෝ.” එක මී හරකෙක්යෝජනා කළා.

“බැහැ මෙයා බිල් ඇමති පැය තුනහමාරකට විතරක් බලේ නැති කරලනේ.”

“අර මොකද?”

“විෂ්ප විද්‍යාල ළමයි අයිස් පැකට් බීලා ලෙඩ වෙනවලු.අනිත් ඒක හැමදාම වැඩ කරන මිනිස්සුන්ට පැය තුනක විරාමයක් දවසකට ලබා දෙන්නලු. උතුම් පරමාර්ථයක් එහෙම නේද? ඒ විතරක් නෙමේ අර මහ විභාග ලියන ළමයි වැඩිපුර පාඩම් කරලා ලෙඩවෙයි කියලා බල ඇමතිට බයයිලු.”

“ඇත්ත, ඇත්ත රට සංවර්ධනයට ශ්‍රම බලකාය ලෙඩ නොවී ඉන්න එපායැ”

“අනේ බලන්න කතා සාප්පුවේ අය මිනිස්සු ගැන ගොඩාරියක් හිතනවා. විශේෂයෙන්ම ළමයි ගැන.”

“ඒක හරි ළමයි නම් හරිම වාසනාවන්තයි. ආයෙත් විෂ්ප විද්‍යාල වලට ළමයි ගද්දි ඩබොල් බැජ් ගන්නවා කියලා තමා ආරංචිය.. ”

“එතකොට ඒවා ඇතුලෙ ඉඩකඩ ප්‍රශ්නයක් ඇති වෙන්නෙ නැද්ද?”

“ආයෙ පිස්සුවක් ඇතැ , කතා සාප්පුවෙ අය මොළකාරයෝ. ඔය ඩබොල් බැච් ගන්න තව අවුරුදු පහක්වත් යනවා. එතකොට බඳින අය බැඳලා, රට යන අය රට ගිහින් මැරෙන අය මැරිලා ...” එක මී හරකෙක් කියාගෙන ගියා.

“එතකොට?”

“ප්‍රතිඵලවලින් වගේම සොබාවික වරණයෙන් තේරෙන අපේ දරුවො ටිකක් විෂ්ප විද්‍යාලවලට යයි.”

“ආ මට තේරුණා, මාරයිනේ. සොබාදහමට අනුව...” අනිත් මී හරකටත් මාර හැපි.

“එතකොට ඔය විෂ්ප විද්‍යාලවල ආචාර්යවරුන්ගේ ප්‍රශ්නෙ?” එක මී හරකෙක් බැරෑරුම්ව ඇහුවා.

“අය්යෝ, එතන ප්‍රශ්නයක් නෑ. බොහෝම පැහැදිලි පිළිතුරක් විතරයි තියෙන්නේ.”අනිත් මී හරකා බොහෝම සැහැල්ලුවෙන් කිව්වා.

“පිළිතුර...?” ඒ මොකක්ද?

“පිළිතුර තමා කාලය.”

“ඒ කිව්වේ?”

“එපා වුණාම හැමෝටම ස්ට්‍රයික් එක කාලයක් එක්කම නැතිවෙලා යයි”

“එපා වුණේ නැත්තම්???”

“එහෙම වුණොත් කාලය විතරක් යයි”

“එතකොට???”

“හා හා වැඩිපුර ප්‍රශ්න අහන්න එපා ඕනෑවට වඩා ප්‍රශ්න ගැන හිතුවාම උමතු වෙනවා කියල බුදුබනෙත් තියනවලු.”

“ඒ වුණාට අප්පා...”

“අනේ මෝඩ ගොනෝ, ගොනෙක් වුණාට උම්බෑ කියන්න එපා” එක මී හරකෙක් කියනවා.

උඹත් ගොනෙක් නෙ ඉතින් “මොහ් මොහ් මොහ්” අනිත් මී හරකත් හිනාවුණා.

“ඔව් ඉතින් කෑගහන්න එපා...”

මී හරක් දෙන්නම නිහඬ වුණා. දැන් දෙන්නම කතා සාප්පුව පැත්තට ඇදෙනවා.

මහ මැතිවරණය ඇරඹේ. මම අපහු උඩ ගිහින් ඇහැරුණා. එතකොටම විදුලියත් විසන්දි වුණා. ආ ලයිට් කපලා. මම පුටුවෙම තව ටිකක් ඇහැපියා ගත්තා, කව්රු හරි මාව නැගිට්ටවනකම්!!!

-මොරටු සරසවි සිසුවෙක්-