මහා ශිෂ්‍ය සංගමය,
මොරටුව විශ්වවිද්‍යාලය.
දයාබර සොයුර සොයුරිය,
ලාංකීය අධ්‍යාපන ක්ෂේත්‍රය අද වන විට තීරණාත්මක හා සුවිශේෂී මොහොතකට පැමිණ ඇත. තවද මෙය නිදහස් අධ්‍යාපනයේ කඩඉමක් නැතිනම් හැරුම් ලක්ෂ්‍යයක් බවට පරිවර්තනය වන යුගයකි. කන්නන්ගර ශ්‍රීමතාණන් විසින් ඇරඹි මෙරට නිදහස් අධ්‍යාපනයට පින් සිදුවන්නට අද මේ රටේ දුප්පත් පොහොසත් භේදයකින් තොරව සියලුදෙනාටම අධ්‍යාපන අයිතිය සමාන ලෙස භුක්තිවිදීමට වරම් හිමි වී තිබේ. මේ හේතු කොටගෙන දියුණු රටවල් අභිබවා සාක්ෂරතාවයෙන් ප්‍රමුඛ ස්ථානයක් ලබාගැනීමට අපට හැකිවී තිබේ. මෙසේ සුවහසක් දරුවන්ගේ දෑස් පෑදු නිදහස් අධ්‍යාපන ක්‍රමය රජය විසින් කළුකඩ මුදලාලිලාට විකිණීමට උත්සාහදැරීම ඉතා භයානක තත්වයකි. සාරාංශව කිවහොත් අදවනවිට රජය පිඹුරුපත් සකස් කරමින් සිටින්නේ දුප්පත් පොහොසත් භේදයකින් තොරව අප සියලු දෙනාටම සමව භුක්ති විඳීමට ඇති නිදහස් අධ්‍යාපනය, කිසිඳු ප්‍රමිතියකින් තොර පෞද්ගලික විශ්වවිද්‍යාල පනත(‘Quality Assurance Accreditation and Qualification Framework Bill’) සම්මත කොට මුදල් ඇති පිරිසකගේ වරප්‍රසාදයක් පමණක් බවට පත්කිරීමටය.
උක්ත පනත ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් යුක්තය.
1.උසස් අධ්‍යාපන ආයතනවල සුදුසුකම් රාමුව,ප්‍රමිති ආරක්ෂණය හා වරප්‍රධානය කිරීමේ මණ්ඩලය.(Sri Lanka Qualifications Framework, Quality Assurance and Accreditation Board.)
මණ්ඩලයේ සාමාජිකයන් 11 දෙනාගෙන් සාමාජිකයින් දෙදෙනෙකු (සභාපති-ශ්‍රී ලංකා වෛද්‍ය සභාව/SLMC, සභාපති-ශ්‍රී ලංකා ඉංජිනේරුවන්ගේ ආයතනය/IESL.මෙම නිලයන් සඳහා දේශපාලන ඇඟිලි ගැසීම් සිදුවන බව ප්‍රසිද්ධ රහසකි.) හැර ඉතිරි 9 දෙනාම දේශපාලන හැකියාවන් මත පත්වීම ලාංකීය උසස් අධ්‍යාපන ක්ෂේශ්ත්‍රය දේශපාලන මඩ ගොහොරුව තුල එරීමට පාර කපන්නකි.
සියළුම උසස් අධ්‍යාපන ආයතන වල (රාජ්‍ය හෝ පුද්ගලික) කටයුතු අධීක්ෂණය මෙම මණ්ඩලය මගින් සිදු වේ.එමඟින් වර්තමානයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සතු බලතල අහෝසි වී යාම රාජ්‍ය විශ්වවිද්‍යාල වල පැවැත්මට එල්ල වන්නා වූ මරු පහරකි.මීට අමතරව උසස් අධ්‍යාපන ආයතන වල තත්වය හා ගුණාත්මක භාවය නිරීක්ෂණය කිරිම,උසස් අධ්‍යාපන ආයතන පිළිගැනීම සඳහා ඇමතිවරයාට නිර්දේශ කිරීම,ආයතන වල සුදුසුකම් (ranking) සංසන්දනය කිරීම හා සමාගම් පනතින් හෝ අයෝජන මණ්ඩල පනතින් රජයට ඉටු කර ගැනීමට නොහැකි වූ විශ්ව විද්‍යාල සතු දේපල විකිණීමේ හා බදු දීමේ නෛතික බලය මෙම මණ්ඩලය සතු වේ.
2.රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන සඳහා කොමිසම.
(Non-State Higher Educational Institutions Council)
උසස් අධ්‍යාපනයට ඍජු හෝ වක්‍ර ලෙස සම්බන්ධ රාජ්‍ය නොවන ආයතන නැතිනම් සංවිධාන ලියාපදිංචි කිරීම,එම ආයතන දියුණු කිරීමට ආධාර සැපයීම ,අධ්‍යාපනික ප්‍රතිපත්ති වලදී රජයට උපදෙස් දීම වැනි බලතල රාශියක් සභාව සතු වේ.13 ක් වන සාමාජිකයින්ගෙන් සියළු දෙනාම පත්වන්නේ දේශපාලන හැකියාවන්(ජනාධිපති හෝ උසස් අධ්‍යාපන ඇමතිගේ) මත වීම ඛේදවාචයකි.
පුද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීම ඉතා පහසුවෙන් කල හැක්කක් නොවේ.විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු සමාජ විද්වතුන්ගේ විද්වත් සංවාදයකින් තොරව කෙටුම්පත් කල මෙම පනත සම්මත වුවහොත් නිදහස් අධ්‍යාපනය මුදලට විකිණෙන දිනය නුදුරේදී එළබෙනු ඇත.
වර්තමානයේ රාජ්‍ය විශ්වවිද්‍යාල සතුව පහත පරිදි ගැටළු රාශියක් පවතී.එම එක් කාරණයක් වෙනුවෙන්වත් කිසිම විසඳුමක් උක්ත පනතින් නොලැබේ.එබැවින් ඒ පිළිබඳව අපි සැකෙවින් විමසා බලමු.
ඔබට මතක ඇති සරසවි ආචාර්යවරු තමන්ගේ වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා පසුගිය මැයි මස සිට අගෝස්තු මස දක්වා පැවැත්වූ අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය.ඉහත පනතට අනුව පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කළහොත් මෙලෙස අඩු වටුප් ලබන ආචාර්යවරුන්, වැඩි වැටුප් ලබාදෙන පෞද්ගලික විශ්වවිද්‍යාල වෙත ඇදී නොයනු ඇතැයි ඔබට තහවුරු කල හැකිද? උගත් ආචාර්යවරුන් රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් ඉවත් වීම තුලින් ඒවායේ අනාගත ඉරණම කෙබඳු වේදැයි කාට නම් කිව හැකිද? එබැවින් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුල එහි ගුණාත්මකතාවය ආරක්ෂා කිරීම රජය මඟින් සිදුකලයුතු අත්‍යවශ්‍යම කාරණයකි. නමුත් රජය සිදු කරන්නේ උසස් අධ්‍යාපනයට වෙන් කරන මුදල් තව දුරටත් කප්පාදු කිරීමක් නොවේද?
වසර | 2006 | 2007 | 2008 | 2009 | 2010 |
උ.අ. සඳහා වෙන්කල මුදල ද. දේ.නි. යේ ප්‍රතිශතයක් ලෙස | 0.452% | 0.384% | 0.348% | 0.329% | 0.305% |
ඉහත දැක්වෙන්නේ මහා බැංකු වාර්තාවලට අනුව දල දේශීය නිෂ්පාදිතයෙන් උසස් අධ්‍යාපනය සඳහා වෙන්කල මුදල වසරින් වසර අඩු වූ ආකාරයයි. එසේනම් පනතට අනුව රාජ්‍ය විශ්වවිද්‍යාල තවදුරටත් කප්පාදු නොවේයැයි තහවුරු කලහැක්කේ කාටද?
එසේම පෞද්ගලික විශ්වවිද්‍යාල ලංකාව තුලට ගොඩබසින්නේ ආයෝජන මණ්ඩලයෙන් (BOI) ලබාදෙන බදු සහන පදනම් කරගෙනය. තවද පෞද්ගලික විශ්වව්ද්‍යාල වලට ගෙවිය යුතු කර්තෘ භාගය, විදේශ සේවා යෝජිකයින් සඳහා වැටුප් ආදී නොයෙකුත් ක්‍රම තුලින් විදේශ විනිමය පිට රටට ඇදීයාම නොවැලැක්වීය හැක්කකි. ප්‍රවාහනය, රක්ෂණය, රෝහල් අද ප්‍රමිතියකින් තොරව පෞද්ගලීකරණය වී හමාරය. මදක් සිතන්න...රාජ්‍ය විශ්වවිද්‍යාල වලටත් ඉහත පනතින් මේ දෙයම විය නොහැකිද ? අද A/L විභාගයේ ප්‍රතිඵල අති විශාල ගැටුලුකාරී තත්වයක් සමාජය තුල මතු කර ඇත. රටේ ප්‍රධාන විභාගය පිලිබඳ ජනතාවගේ විශ්වාසය බිඳදමා මේ අර අදින්නේ අර්ථයක් රහිත උක්ත පනත සමාජ විරෝධතා නොසලකා නුදුරේදීම සම්මත කර ගැනීමට නොවේද? 1981රාගම දී ඇරඹි උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය පීඨය ජනසතු කිරීමට 5/6 ක ව්‍යවස්ථාදායක බලය අභිබවා මහජන බලය නැගී සිටියාක්මෙන් වර්තමානයේ යෝජිත ඉහත පනත පිළිබඳව දැනුවත්වීම හා ඊට එරෙහිව හඬ නැගීමට එක් රොක් වීම නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල භුක්ති විඳින ඔබගේ පරම වගකීමක් සහ යුතුකමක් නොවන්නේද?
මදක් සිතන්න...........
(The Leaflet which has been distributed on 11-01-2012 by the MSU)
පු.වි.වි පනත හා රජයෙන් වි.වි සදහා ලබා දෙන ආධාර පටලවා නොගත යුතුය. මන්ද පු.ව්.ව් ඇති කිරීම සදහා රජයෙන් (සැලකිය යුතු තරමේ) වියදමක් නොකරන බැවිනි. මුදලට උපාධියක් ලබා ගත නොහැක. එම උපාධිද අනික්වා තරම් අගයෙන් යුක්ත වේ. පු.වි.වි ට ඇතුලත් වන සියල්ලන්ටම එය සම්පූර්න කිරීමට නොහැකි වීම ඒ සදහා උදාහරනයකි.
ReplyDeleteGodak upadi karayo kalinna pissu.hodama udaharana tamai marga sanwardana adikariya dilini kiyana gani.kathawa witharai
ReplyDeleteතමන්ගේ නියම නමින් කමෙන්ට් එකක් දාන්න බැරි අය කියන ඒවා ගණන් ගත යුතු නෑ..
ReplyDeleteඒ ප්‍රශ්නෙට මුහුණ දෙන්න ගිහින් අපිට උනේ මේකයි..
http://www.arunalla.tk/2012/01/blog-post_11.html
Good Post Machan. Continue until the end.
ReplyDeletePast EFAC Pera guy
only in singala
ReplyDeletemeka aniyatha biyak wunoth mokada wenne? Lankawe wena campus hadenneth na. (eka understood ne, aanduwa sathpahak wath amatharawa wiyadam karannathi bawane kiyanne..) oya open university,SLIIT wage yana lankawe campus ekakata yanna bari(adakshakama nisa newe,thaman kamathi de karanna bari nisa,yanna ona course eke than pirila hinda) eth rata yannath salli nathi ayata yanna campus ekakuth na.mama danna widiyata danata ape campus eke inna lecturerla thama inneth wena yanna than onatharam thiyeddith.(CSE)
ReplyDeleteeka nisa mata hithenne mokada wenne kiyala baluwoth hondai kiyala thamai. monawa wunoth meka hari giyoth kihipa denekuta hari hondak wenawane. (onna me oya irisiyawata nam mama kamathi na. un one course ekak kara gaththa den, mama hithena widiyata oya katawath apith ekka harennawath baa. eka nisa unta kamathi deyak igena gaththa den, eken api ape standards bassanne naa.)
Mata meka danna hithune mamath CSE ekata awe lottery ekakin wage hinda. Mama honadata kalata wada anith ewun narakata karapu nisa thamai mama awe kiyala, e gon tharangaya kawada hari nathi wenawata mama kamathiy. Ethakota issaraha wath dan wage CS karanna kamathi aya civil watila, tronic kamathi aya material watila wena upset eka nathi wewi. (ow ithin mewata janathawa gewanne, eka nisa aanduwa kiyana widiyata thamai,wenama karanna onnam tikak sakku holawanna wewi)
මදක් හිතුවට කමක් නෑ. කැම්පස් එක වැහෙන වැඩ ඔට්ටු නෑ හරි. වෙන අනාගත ශිෂ්‍ය පරපුරට උදවු කරන්න කලින් අපි ගොඩ ගිහින් ඉන්න ඕනේ.
ReplyDeleteseems like most the people are commenting here has no idea about higher education and it's benefits. As the world economy is shifting in the direction of Asia, it is the high time that the government should think about how to develop the country technically which will have a long sustainability economic wise. In all most all the countries the state education is the best in demand with loads of funds streaming from Government and Public sectors. So, what gvt should do is give all the necessary funding and facilities to the gvt unis, may be share of it from the proposed private unis. I fucking do not care private unis until all the facilities and resources are given to Gvt unis
ReplyDeleteI never went to a Sri Lankan university but I was fortunate enough to win a scholarship to pursue higher education abroad and also studied further (PhD) with my own funds. I am now teaching and engaged in research in a foreign university. I am from an ordinary family and my parents were public servants.
ReplyDeleteMy honest opinion is: either Sri Lankan universities should accommodate more students, or create more opportunities for people to obtain higher education as widely as possible, both free and fee paid. What Sri Lanka need is more "job ready graduates".
ඕක සම්පූර්ණයෙන්ම මන්දබුද්ධික අදහසක්...විශ්ව විද්‍යාල ආචාර්‍ය වරුන් වත් ශිශ්‍යයන් වත් තමන්ගේ විශ්ව විද්‍යාලය ඇතුලේ ඔය විදියේ දෙයක් කරන්න දෙන එකක් නෑ..කලිනුත් ගොඩක් අය ඕක කරන්න හැදුවා.ඒත් ජාතියේ වාසනාවට කරන්න හම්බ උනේ නෑ.
Delete