"පොතකින් පිටුවක්" විශේෂාංගය තුළින් මාගේ වෑයම, මා රසවිඳි කෘතියකින් තෝරාගත් කොටසක් ඔබ හමුවේ තැබීමයි. මෙහි ලා වන සම්පූර්ණ විචාරණ අයිතිය ඔබ සතු වන අතර, ඒවා කෘතඥපූර්වකව භාරගනිමි. ඉතින් මා සහෘදය, දහසකුත් එකක් වැඩ අතර ඉසිඹුවක් ලද විටෙක කියවා බලන්න..."පොතකින් පිටුවක්"
"පොළව යට ජීවත්වන මිනිසුන් පිරිසක් ගැන හිතන්න. ඒගොල්ලන්නගෙ අත් කකුල් බැඳල ගුහාවේ කටට පිටුපස හරවල ඉඳගෙන ඉන්නවා. එතකොට එයාලට පේන්නෙ ගුහා කටට විරුද්ධ පැත්තෙ තියෙන බිත්තිය විතරයි. ඒගොල්ලන්ගෙ පිටිපස්සෙ උස තාප්පයක් තියෙනව, ඒකට එහායින් මිනිස්සු වගේ පෞරාණීන් කට්ටියක් අර උස තාප්පෙට උඩින් හිටින්න විවිධාකාර රූප අල්ලාගෙන එහා මෙහා යනව.මේ රූප වලටත් එහායින් ගින්නක් තියෙනව. ඒ හින්දා අර රූප වල හෙවණැලි ගුහාවේ කෙළවර බිත්තියේ එහාමෙහා යනව. ඉතිං ගුහාවේ ඇතුළෙ ඉන්න මිනිස්සුන්ට පෙනෙන එකම දේ ඒ හෙවණැලි සෙල්ලම විතරයි. ඒ මිනිස්සු උපන්දා සිටම ඉන්නෙ මේ ආකාරයටයි. ඒ නිසා ඒගොල්ල හිතනවා, ඇත්තටම තියෙන්නෙ ඒ හෙවණැලි විතරක්මයි කියල.
දැන් හිතන්න ඒ ගුහාවාසීන් ගෙන් එක්කෙනෙක් තමන්ගේ බැමි වලින් නිදහස් වෙනව කියලා. ඔහු හිතාබලන පළමුවෙනි කරුණ, ගුහා බිත්තියෙ වැටිල තියෙන හෙවණැලි එන්නෙ කොහෙන්ද කියන එකයි. ඔහු ආපස්ස හැරිලා, අර තාප්පෙට උඩින් අල්ලාගෙන ඉන්න රූප ටික දැක්කොත් මොනා වෙයි කියලද ඔයා හිතන්නෙ? පළවෙනියෙන්ම, ඔහුට ඉර එළිය නිසා ගිනිකණ වැටෙනව. අර රූප වල පැහැදිලි බව දැකල ඔහු පුදුම වෙනව. මොකද, මෙච්චර වෙලා දැක්කෙ ඒවයෙ හෙවණැලි විතරක් නේ. ඔහු තාප්පෙන් නැගලා එළියට ගිහින් ගින්දරටත් එහා පැත්තට යන්න සමත් උනොත්, ඔහු තවත් ගිණිකන වැටනව. ඒත් ඔහු ඇස්දෙක පිහදාල බැලුවම ඔහු හැමදේකම තියෙන ලස්සන දැකල පුදුම වෙනව. ජීවිතයෙ ප්‍රථම වරට ඔහු වර්ණ සහ පැහැදිලි හැඩ දකිනව. ඔහු සැබෑ සතුන් හා මල් දකිනව. මෙපමණ කල් ඔහු දැක්කෙ ඒවයේ නොපැහැදිලි ඡායා විතරයි. ඒත් දැනුත් ඒ සත්තු, මල් හෙම ආවෙ කොහෙන්ද කියල ඔහු අහනව. එතකොට ඔහු අහසෙ ඉර දකිනව. ඔහුට අවබෝධ වෙනව මල් හා සත්තුන්ට ජීවිතය දෙන්නෙ ඉර බව - හරියට ගින්දර හෙවණැලි ඇතිකළා වගේ.
ප්‍රීතියට පත් ගුහාවාසියා මේ අලුතින් ලබාගත් නිදහස නිසා උමතුවෙලා නටනවා. ඔහුට ගම්බද පෙදසකට දුවන්න දැන් පුලුවනි.ඒත් ඒ වෙනුවට ඔහු, තාම ගුහාව ඇතුළෙ ඉන්න අනික් අය ගැන හිතනවා. ඔහු ආපසු යනවා. ගිහිල්ලා ගුහාවාසීන්ට ඒත්තු ගන්නන්න උත්සාහ කරනවා. මේ ගුහාවෙ තියෙන සෙවණැලි සැබෑ දේවල හෙලවෙන සෙවණැලි විතරයි කියලා. ඒත් ඒගොල්ලො ඔහු විශ්වාස කරන්නෙ නෑ. ඒගොල්ලො ගුහාවෙ බිත්තියට අත දික්කරලා කියනව, එයාල දකින දේ විතරයි සැබෑ දේ කියල. අන්තිමේදි ඒගොල්ලො ඔහු මරාදානව.
ගුහාව පිළිබඳ මිථ්යා කතාවෙන් ප්ලේටෝ පෙන්වා දෙන්නෙ හෙවණැලි රූප වල ඉඳලා සියලුම ස්වභාවික දේ වලට පිටුපසින් ඇති සැබෑ සංකල්ප කරා යන දාර්ශනිකයාගේ ගමන් මඟයි.ඔහු බාගදා සොක්රටීස් ගැනත් හිතන්න ඇති.
ගුහා වාසීන්ගේ සාම්ප්‍රදායික අදහස් වලට බාධා කරමින් සැබෑ ප්‍රතිවේධය ලබා ගැනීමේ මාර්ගය එළිකරලා දෙන්න උත්සාහ කිරීම නිසා සොක්රටීස් ගුහාවාසීන් අතින් මැරුම්කෑවා නේ. ගුහාව පිළිබඳ මිථ්යා කතාව විදහා දක්වන්නෙ සොක්රටීස්ගෙ ධෛර්යයත් ශාස්තරය ලබාදීමට ඔහුට ඇති වගකීමේ හැඟීමත් යන ඒවායි.
ප්ලේටෝ මෙයින් ඉදිරිපත් කරන කරුණ නම්, ගුහාවේ අඳුර හා පිටත ආලෝකය අතර ඇති සම්බන්ධය, ස්වභාවික ලෝකයේ ඇති ආකෘති සහ සංකල්ප ලෝකය අතර ඇති සම්බන්ධයට සමාන බවයි. ඔහු කිව්වෙ ස්වභාවික ලෝකය අඳුරුයි, නීරසයි කියලා නෙවෙයි.ඔහු කිව්වෙ සංකල්ප වල පැහැදිලි බව එක්ක සංසන්දනය කරනකොට අඳුරුයි, නීරසයි කියලා. අලංකාර භූමි දර්ශනයක පින්තූරයක් අඳුරුත් නෑ. නීරසත් නෑ. ඒවුනාට ඒක පින්තූරයක් විතරයි."
- යුස්ටයින් ගෝඩර් විසින් රචිත, රාණි සේනාරත්න රාජපක්ෂ මහත්මිය විසින් සිංහලට පරිවර්තනය කරන ලද "සොෆීගේ ලෝකය" පොතෙනි -
තමන්ගේ ම කියල කිසිදු ආකාරයකට අදට ඉතිරිවෙලා තිබෙන දාර්ශනික මත වාදයක් නැති එකම මහා දාර්ශනිකය සොක්‍රටීස් විය යුතුයි. එයට හේතුව නං සැබවින්ම ඔහුගේ කිසිදු ස්වජාත දර්ශනයක් නොතිබීම විය යුතුයි. මෙයින් පැවසීමට මම උත්සහ කළේ මෙයයි: මහා දාර්ශනිකයන් වුවද 'මේවා කියන්න මම කවුද අප්පා??' යනාදී චින්තනයෙන් වේලෙන මොහොතකදී ඇතැම් විට විශාලම දර්ශනවාදයක් බිහි වීමට ඉඩ ඇත. අවාසනාවකට ලංකාවේ ඊනියා ජාතික චින්තන වාදීන්ට සොක්‍රටීස්ගේ මෙම අනතිමානි දර්ශනයේ වටිනාකම වටහාගැනීම, පොළොවේ පය ගසා ඇත්තවුන්ට බුදු සසුනේ සහ ඉබ්‍රහමික ජෙහොවා දෙවියන් අතර සබඳතාවක් ( යට කී 'චින්තකයින්ට' අනුව...) වටහාගනිමටත් වඩා උගහටය. ඔවුනට සොක්‍රටීස් යනු 'පෙරදිග සභ්‍යත්වය වැනසීමට ඇන්.ජී.ඕ. කාරයින් විසින් මවන ලද ධවල ප්‍රවාදයක්' සහ 'පෙරදිග ධවල ගැති පඬියන් විසින් "පදනම් විරහිතව" පිළිගන්නා, අදහස් සොරෙකු සහ පුස්සෙකු' පමණි. තම ආචාර ධර්මය, අවංකභාවය, ප්‍රතිපත්තිය වෙනුවෙන් සිය ජීවිතයද නොතැකූ නමුදු 'ජන්මයෙන් කුහක, පහත ධවල සමැතියකු' පමණි...
ReplyDelete