Tuesday, December 27, 2011

දැනුවත්වන්න පෙළගැසෙන්න , මුහුණදෙමු අභියෝගයට ........


පෞද්ගලික විශ්ව විද්‍යාල භූමිකාව මෑතකදී අප ඉදිරිපිට රඟ දෙන්නට සමත් වන්නේ මහත් ආන්දෝලනාත්මක වටපිටාවක් ඇතිකරමින්ය. අයෙක් ඒ මත ‘ආශ්චර්යය’ මවන්නට උත්සාහ ගනියි. අයෙක් එය නිදහස් අධ්‍යාපනය බිලිගන්නා ‘යක්ෂයෙකු’ කරයි. අයෙක් ‘වර්ධනයද’ තවත් අයෙක් මර්ධනයද කතා කරයි. මෙය සටන් පාඨයක් වන්නට පටන් ගන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල තුලින් පැන ආ විරෝධය හා ඒ හා බැදුනු ඒකරාශී වීම් තුලය. මෑත අවධිය වන විට පෞද්ගලික විශ්ව විද්‍යාල සංකල්පය ව්‍යාප්ත වීම පිලිබදව රාජ්‍ය විශ්ව විද්‍යාල තුල අස්සක් මුල්ලක් නෑරම පැතිර ගොස්ය. ඊට රාජ්‍ය විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් විරෝධය දක්වන්නේ, එය රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ හා නිදහස් අධ්‍යාපනයේ විනාශය ඒ තුලින් ජනිත වේ යැයි හෝ එම ප්‍රතිපත්ති විනාශය කරා ගෙන යයි යන අදහස් පෙරදැරිවය. රටේ ලක්ෂ සංඛ්‍යාත ශිෂ්‍ය ප්‍රජාවක් අ.පො.ස. උ. පෙල විභාගයට පෙනී සිට සරසවි ප්‍රවේශයට සුදුසුකම් ලැබුවත් සරසවි වරම් හිමි වන්නේ ඉතාමත් සීමිත පිරිසකටය. ඇතැම් ශිෂ්‍යයන්ට එම වරම අහිමි වන්නේ ඉතාමත් අඩු ලකුණු සංඛ්‍යාවකිනි. නමුත් අප රටෙහි විශ්ව විද්‍යාල පාඨමාලා තුල ඇතැම් පාඨමාලා සදහා ලකුනකින් හෝ අඩු ලකුනු ප්‍රමාණයකින් සුදුසුකම් නොලබන ශිෂ්‍යයාට ඇතුලත් වීමට සිදුවන්නේ (තමන්ගේ රුචිකත්වය කෙසේ වෙතත් ) ඊට හාත්පසින්ම වෙනස් හෝ පාඨමාලා තත්වය පිලිබදව සෑහීමකට පත්විය නොහැකි පාඨමාලාවන් සදහාය. දිස්ත්‍රික් කෝටා ක්‍රමය තුල ඇති අඩුපාඩුද මේ සදහා බලපායි. කෙසේ හෝ මෙවැනි තත්වයක් තුල දක්ෂ බුද්ධිමත් බහුතර ශිෂ්‍ය සංඛ්‍යාවක් රාජ්‍ය විශ්ව විද්‍යාල වලට ඇතුලත් වීමට නොහැකි කොට්ඨාසයක් බවට පත්වේ. මොවුන්ට උසස් අධ්‍යාපනික වරම් ලැබීමට ඇති අයිතිය මෙන්ම රටේ බුද්ධි බලකාය තුලට හා සංවර්ධන ක්‍රියාවලිය තුලට මොවුන් යොමු කරවා ගැනීමේ වගකීමක් රජය සතුවේ. මෙවන් වටපිටාවක් තුල, මෙම ගැටළුව කොටස් 2කින් යුක්තව පිලිතුරු අපේක්ෂා කරයි. එකක් නම් එම ශිෂ්‍යයන් හා ඔවුන්ගේ දෙමාපියන්, තම අනාගතය සැලසුම් කිරීමට ගත යුතු පියවරයන්ය. අනෙක නම් මෙම ශිෂ්‍යයන් කෙරෙහි රජය දක්වන ක්‍රියා කලාපය හා වගකීම් සහගත ප්‍රතිපත්ති මාලාවක අවශ්‍යතාවයය.

පලමු කාරනයේදී මෙම ශිෂ්‍ය ප්‍රජාව සතු විසදුම් වන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාල හැරුනුකොට පවත්නා වෙනත් රාජ්‍ය උසස් අධ්‍යාපන අයතන වල අධ්‍යාපනය හැදෑරීම, දැනට තමන් සතු රැකියාවක නියුතු වීම, විදේශ රටක අධ්‍යාපනය හැදෑරීම හෝ වෙනත් විසදුම්ය. මෙහිදී අප මූලිකව කතා කල යුතු වන්නේ විදේශ අධ්‍යාපනය සදහා යොමු වන ශිෂ්‍ය ප්‍රජාව පිලිබදවයි. විදේශ රටක අධ්‍යාපනය ලබා ගැනීමේදී අප ඒ සදහා මුදල්මය වටිනාකමක් ලබා දිය යුතුය. ඒ සදහා විශාල බරපැනක් යෙදීමට ඔවුන්ගේ දෙමාපියන්ට සිදුවේ. ඔවුන් යොමුවන්නේ මුදල් ගෙවා ඉගෙනගන්නා විශ්ව විද්‍යාල හෝ වෙනත් ආයතන වලටය. ඒ තුල රටේ විශාල ධනස්කන්ධයක් විදේශ රට වලට වාර්ශිකව ඇදී යමින් පවතී. මෙම කාර්යය ශ්‍රී ලංකාව වැනි රටක සෑම අයෙකුටම දැරිය නොහැක. ආදයම් බෙදී යාමේ විෂමතාවයන් ඇති පරිසරයක් තුල, ජීවන බර දරාගෙන තම දරුවාගේ අධ්‍යාපනය සදහා විශාල මුදල් සම්භාරයක් වියදම් කිරීමට නොහැකි දෙමව්පියන් අතිමහත්ය. නමුත් ඔවුනගේ බුද්ධිමත් දක්ෂ දරුවන්ටද මෙම උසස් අධ්‍යාපනික අයිතීන් හිමිවිය යුතුය. නැතහොත් රටේ ධනපතීන්ගේ දරුවන් පමණක් මෙම වරප්‍රසාද හිමිකරගන්නා තත්වයක් තුල වරප්‍රසාද අහිමි වන්නා වූ ජනතාව තුලින් මතු වන විරෝධය හා අසහනය (සමාජ විෂමතාවය) රට තුල කොතරම් කාර්යයක් කරයිද යන්න දෙවරක් සිතා බැලීමට අවශ්‍ය නැත. ඉතිහාසය ඒ සදහා අවශ්‍ය තරම් සාක්ෂි සපයනු ඇත. මේ සදහා රජය යෝජනා කර ඇති ප්‍රධාන විසදුමක් ලෙස ඔවුන් දක්වන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවීමය. ඔවුනගේ ප්‍රධාන තර්කය වන්නේ රටින් පිටත යන විදේශ විනිමය ප්‍රමාණය ඉතිරිකරගැනීම ( මීට අමතරව වලක්වාගතහැකි විදේශ විනිමය විශාල ප්‍රමාණයක් අනවශ්‍ය ලෙස රටින් පිටතට යයි. එය අධ්‍යාපනය සම්බන්ධ වූ විට සුලු ප්‍රතිශතයකි.) හා රටේ ඉතිරිවන ශිෂ්‍ය ප්‍රජාවටද විදේශ අධ්‍යාපනික වරප්‍රසාද හිමිකරදීමය. පෞද්ගලික විශ්ව විද්‍යාල සම්බන්ධයෙන් හා රාජ්‍ය විශ්ව විද්‍යාල හා වෙනත් රාජ්‍ය උසස් අධ්‍යාපන ආයතන වලට ඇතුලත් වීමට නොහැකි සිසු පරපුර වෙනුවෙන් මෙය සුභවාදී ධනාත්මක මැදිහත්වීමක් වන්නට පුලුවන. නමුත්, විදේශීය මොඩලය අමු අමුවේම ශ්‍රී ලාංකික සමාජගත කිරීම හා එහි මුදල්මය වටිනාකම බහුතර ධනපතීන් නොවන ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටකට උපයෝගී නොවන බව පැහැදිලිය. පෞද්ගලික විශ්ව විද්‍යාල සදහා යම් ප්‍රතිශතයකට ඇතුල් වීමේදී සහ ශිෂ්‍යත්ව හෝ වෙන යම් ක්‍රම යොදා ඇති බව කීවද මෙම පනතේ විනිවිදභාවය, එමගින් රාජ්‍ය විශ්වවිද්‍යාල වෙත එල්ල වන බලපෑම හා සමස්ත අධ්‍යාපන ක්‍රියාවලිය කෙරෙහි ඇතිවන බලපෑමද සලකා බැලිය යුතුය.

2012 ජනවාරි පාර්ලිමේන්තු ගත කිරීමට නියමිත පනතේ අඩංගු කරුණු :-

උසස් අධ්‍යාපන ආයතනවල සුදුසුකම් රාමුව, ප්‍රමිති ආරක්ෂණය හා වරප්‍රදානය කිරීමේ පනත’ (Qualification Framework, Quality Assurance and Accreditation of Higher Educational Institutions Act) ලෙසින් හදුන්වනු ලබන නවපනත අනුව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සියලුම උසස් අධ්‍යාපන ආයතන වල කටයුතු අධීක්ෂණය හා නියාමනය සඳහා මණ්ඩලයක්පිහිටුවීමට නියමිතය. දැනට රාජ්‍ය විශ්වවිද්‍යාල කටයුතු මෙහෙයවීම, සම්බන්ධීකරණය හා අධීක්ෂණය කරනු ලබන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගිනි. ඉහත කී මණ්ඩලය ඊටත් ඉහලින් බලාත්මක වේදැයි විමසා බැලිය යුතුය.

ඉහත මණ්ඩලයසමාජිකයින් 11කින් සමන්විත වන අතර ඇමතිවරයා විසින් සෘජුවම 4 දෙනෙකුද නිල බලයෙන් 7දෙනෙකුද පත්වේ. ඇමතිවරයා පත්කරන 3දෙනෙක් උසස් අධ්‍යාපන ආයතනයක ( රාජ්‍ය හෝ පෞද්ගලික විය හැක) ඉහලම තනතුරු දරන අය වෙති. නිලබලයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිද විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්ගේ කමිටුවේ ( දැනට නීත්‍යානුකූල නොවන ව්‍යුහයකි) සභාපතිද ඇතුලත්ය. ඇතැම් විශ්ව විද්‍යාල වල උපකුලපතිවරුන් පත්වන්නේ කෙසේදැයි හා දේශපාලනික ඇඟිලි ගැසීම් විශ්ව විද්‍යාල වලට අරුමයක් නොවේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති හා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සභාපතිද මෙම මණ්ඩලයට ඇතුලත්ය. එම තනතුරු 2 හැරුනු විට අනෙකුත් පත්වීම් 9ම කෙසේවේදැයි ප්‍රශ්ණාර්තයක් ඉතිරිකරනු ඇත. 11න් 9ක්ම තම කාර්යභාරය කුමන න්‍යායපත්‍ර යටතේ ඉටුකරනු ඇත්ද යන්න ගැටළුවකි. එමෙන්ම ඔවුන්ගෙන් කෙනෙකු මෙහි සභාපතීත්වයද හිමිකරගැනීමට ඉඩප්‍රස්ථාව ඇත. මෙම මණ්ඩලයේ රාජ්‍ය විශ්ව විද්‍යාල වෙනුවෙන් වෙන් වූ එකම පුද්ගලයා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතීත්වය පමණක් නම්, රාජ්‍ය විශ්ව විද්‍යාල පවතින දේශපාලනික, ආර්ථික රටාව තුල සුරැකීමට ඔහු/ඇය විශ්මකර්ම ඉදිරිපත්කරන්නෙකුගේ භූමිකාව ඉටුකල යුතුය.

යෝජිත මණ්ඩලයේ කාර්යභාරයන් අතර උසස් අධ්‍යාපන ආයතන වල තත්වය හා ගුණාත්මකභාවය නියාමනය කිරීම, එම ආයතන පිලිගැනීම සඳහා ඇමතිවරයාට නිර්දේශ කිරීම, විවිධ අධ්‍යාපනික ආයතනවල සුදුසුකම් සංසන්දනය කිරීම, විදේශ උපාධි/ ඩිප්ලෝමා පිලිගැනීම ආදිය වේ.
රාජ්‍ය විශ්ව විද්‍යාල වල ඇති ගුණාත්මකභාවය පරීක්ෂාකරන්නේද මෙම මණ්ඩලය මගිනි. මුදල්මය වටිනාකම් පමණක් ඇති පාඨමාලා මේ අනුව ඉදිරියට පවතිනු ඇත. රටක සංස්කෘතිය, අනන්‍යතාවය සුරකින දේශීය චින්තකයන් මේ අනුව රටට දායාද නොවනු ඇත. සංස්කෘත, පාලි , පුරාවිද්‍යාව , ඉතිහාසය වැනි විෂය පථයන් මගින් විදේශ/ පෞද්ගලික විශ්ව විද්‍යාල වලට ප්‍රතිලාභයක් අයත් නොවන්නේ නම් ඒවාට කුමක් වන්නේදැයි යන්න අමුතුවෙන් කියාදිය යුතු නොවේ. එවිට ශ්‍රී ලාංකික ප්‍රෞඪ ජාතිය , අතීත අභිමානයක් , තාක්ෂණික ශිල්ප දේශීය දැනුම ගැන විශේෂඥයන් නොව අල්ප මාත්‍රයක ඇහුම්කන්දෙන්නෙකුද සොයා ගත හැකිවේද?
වෘත්තීය ආයතන නියෝජිතයන් ලෙස වෛද්‍ය හා ඉංජිනේරු වෘත්තීන් පමණක් තෝරා ගැනීම අනෙකුත් වෘත්තීන් වලට සිදුවන අසාධාරනයකි. එය හුදෙක් මුදල්මය වටිනාකම් මත දිවෙන පාඨමාලා සඳහා පමණක් ඉණිමන් බැඳීමකි. ( මෙම කාරණා සම්බන්ධයෙන් යෙදෙන පාසල් අධ්‍යාපන පනතක සංශෝධන ගැනද ප්‍රතිපත්ති සැකසෙමින් ඇත.)
මණ්ඩලයට එයටම වෙන්වූ අරමුදලක් පවත්වාගෙන යා හැකි අතර එයට පාර්ලිමේන්තුව මගින්ද, ශ්‍රී ලංකාවෙන් හෝ පිටතින් ආධාර හෝ ණය වශයෙන්ද , මණ්ඩලය මගින් සපයන සේවා මගින්ද මුදල් ලැබෙනු ඇත. අරමුදලේ මුදල් ආයෝජනය කිරීමටද මණ්ඩලයට අයත් නිශ්චල හෝ චංචල දේපල ( විශ්ව විද්‍යාල සතු භෞතික හෝ මානව සම්පත්) බදු දීමට , උකස් කිරීමට හෝ විකිනීමට බලය ඇත.  මීට ප්‍රථමයෙන් මෙම පෞද්ගලික ආයතන සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇත. මෙය එම පනත හෝ ආයෝජන මණ්ඩල පනත මගින් හෝ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් ඉටුකරවා ගැනීමට අසීරු වූ බොහෝ දේ මෙම පනත මගින් ඉටු කරවා ගැනීමට යත්න දැරීමකි.

මෙම පනතින් යෝජිත අනෙක් ප්‍රධාන කරුන වන්නේ .රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන සඳහා කොමිසමක්. (Council for Non-State Higher Educational Institutions) පිහිටුවීමයි. උසස් අධ්‍යාපනය සැපයීමට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ රාජ්‍ය නොවන ආයතන සහ සංවිධාන ලියාපදිංචිය, රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන අංශය ධෛර්යමත් කිරීම, දියුණු කිරීම හා එයට ආධාර සැපයීම , අධ්‍යාපනය සම්බන්ධ ජාතික ප්‍රතිපත්ති සකස් කිරීමේදි රජයට උපදෙස් දීම මෙහි කාර්යභාරයන් වනුඇත.
මෙහි සාමාජික සංඛ්‍යාව 13කි. රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල නියෝජනය කරමින් 2කුත් වෛද්‍ය , ඉංජිනේරු, ගණකාධිකරන ක්ෂේත්‍ර නියෝජනය කරමින් තෝරාගත් ආයතන වලින් එක් අයෙකු බැගින් 3ක් , ඇමතිවරයා විසින් නියෝජිතයන් 7ක් අයත්ය. එම 7දෙනා සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති හා නිල බලයෙන් පත් වන 6ක් අඩංගු වේ.
මෙම මණ්ඩල, කොමිසම් හෝ ආයතන වල ව්‍යුහය හා න්‍යායපත්‍රයන් කුමන ආකාරයේ වේද එමගින් අප රටෙහි අධ්‍යාපන ප්‍රතිපත්ති හා එහි පෝෂිතයන් කුමන න්‍යායපත්‍ර යටතේ හැඩගැසෙන්නේද යන්න විමසා බැලිය යුතුය. එය වෙනත් රටක අධ්‍යාපන ක්‍රමයක් ආනයනය කිරීමක්, අත්හදා බැලීමක් පවා විය හැක. දේශීය අධ්‍යාපනයට හා චින්තනයට කුමකින් කුමක් සිදුවේද? උසස් අධ්‍යාපන ඇමතිතුමා පවසන පරිදි රාජ්‍ය විශ්වවිද්‍යාල, පෞද්ගලික විශ්ව විද්‍යාල සමග තරඟයක නියැලෙනු අතර එමගින් ගුණාත්මකභාවය ඉහලයනු ඇත. තරඟයක නියැලෙනු තබා කෙලින් සිටගැනීමටවත් නොහැකි රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියක් අපට හිමිකල අදූරදර්ශී දේශපාලනික නායකත්වය එම තරගයට යාමට සුදුසු වටපිටාවක් අපට ලබාදෙන්නේනම් මැනවි. ඉන්පසු ඕනෑම තරගයකට ශ්‍රී ලාංකික දරුවන් සුදුසු වනු ඇත. සංවර්ධනය වෙමින් පවතින අප වැනි රටකට මුදල් ගෝනි ගණන් වැය කරමින් පෝෂණය වන පෞද්ගලික විශ්ව විද්‍යාල හා අන්ත අසරණ දුප්පත් වූ රාජ්‍ය විශ්ව විද්‍යාල එක මට්ටමේ තබා සැසඳීම කිසිසේත්ම කල නොහැක. එය ඇමතිතුමාගේ ටෙලිකොම් දුරකතන උදාහරණය වන අලෙවි කළ හැකි භාණ්ඩයක් ලෙස අධ්‍යාපනයද සිතා සිටින්නේ නම් එය මුලාවකි. විදේශ රටවල පවත්නා පෞද්ගලික විශ්ව විද්‍යාලද මුලුමනින්ම ලාභය පදනම් කරගත් ඒවා නොවේ. එහෙයින් එම සිල්ලර වෙලඳාම ප්‍රායෝගික නොවන බව තේරුම් ගත යුතුය.

කෙසේ හෝ මෙම පනත එලඹෙන ජනවාරියේ හෝ නුදුරු දිනක පාර්ලිමේන්තුගත වනු ඇත. එය හොඳ හෝ නරක හෝ අත උස්සවා සම්මත කර ගැනීමට ආණ්ඩුවට හැකිවේවි. මන්ද 2/3 බහුතරය ඔවුන් සමග බැවිනි. නමුත් මම ඔබට මතක් කර දෙන්නේ, 1981දී උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ( දැන් රාගම වෛද්‍ය පීඨය - කැලණිය වි.වි.) පිහිටුවනු ලැබූ අවස්ථාවේ 5/6ක ව්‍යවස්ථාදායක බලය අභිබවමින් මහජනබලය නැගී සිටියාක් මෙන් මෙම අසීලාචාර පනත මගින් නිදහස් අධ්‍යාපනය ඉහලම අවස්ථාව වන රාජ්‍ය විශ්ව විද්‍යාල රැක ගැනීම සඳහා නැගෙන රාවයට ශක්තිය දිරිය ලබා දෙමින් විචාරවත් අධ්‍යාපනික ක්‍රමයකට රට යොමු කරමු යන්නයි. නිදහස් අධ්‍යාපනික රටාව තුල උපරිම ඵල නෙලා ඇති ඔබ මේ සඳහා ඔබගේ බුද්ධිය මෙහෙයවීමට කාරුණික වන්න. එය ශ්‍රී ලාංකික ජාතිය ඔබ ඉදිරියේ තබා ඇති වගකීමයි.
(අන්තර්ජාලය, පුවත්පත්, පුද්ගල සම්බන්ධතා මෙම ලිපිය සැකසීමේදී උපයෝගී කරගන්නා ලදී)

සකස් කලේ : Mora E-Union ‍‍වෙනුවෙන් චතුර ගණිමුල්ල.


26 comments:

  1. ඔක්කොම ඇත්ත.නමුත් මොරටුව විශ්ව විද්‍යාලය ලෙස ඔබ තවමත් නිහඬ අයි?

    ReplyDelete
  2. "මෙම අසීලාචාර පනත මගින් නිදහස් අධ්‍යාපනය ඉහලම අවස්ථාව වන රාජ්‍ය විශ්ව විද්‍යාල රැක ගැනීම සඳහා නැගෙන රාවයට ශක්තිය දිරිය ලබා දෙමින් විචාරවත් අධ්‍යාපනික ක්‍රමයකට රට යොමු කරමු"
    keep going macahn
    good lack

    ReplyDelete
  3. මුන්ට කියල වඩක් න මචං මුන් හැදෙන් නෑ.
    බොරුවට කියවන්න විතරයි දන්නෙ.

    ReplyDelete
  4. කුරුන්ගුරුන්December 28, 2011 at 7:48 AM

    මචන් ඇත්තටම කියනවනම් super article එකක්. අපිත් මෙච්චර කල් කෑගැහුවට පනතේ තියන කරුණු ගැන දැනගත්තේ දැනුයි. ඒ සඳහා චතුර ගණේමුල්ල සහෝදරට අපි ගොඩක් ස්තූති කරන්න ඕනේ. මොරටුවේ අපි කව්රුත් නිහඬ නෑ.අපි අපේ මතය ගොඩනඟනවා. අපිට යන්න පුළුවන් සීමාවට අපි යනවා. ඒ වෙන කිසිවක් හින්ද නෙවේ.අපිට කලින් නිදහස් අධ්‍යාපනය සුරැකීමට ලේ දහදිය වගුරවපු, දේශීය කැක්කුම ඇති මිනිසුන් කැපවූ ඒ අයිතිය විනාශ කිරීමට දිය නොහැකි නිසා. පොතේ හැටියට මේ ලිපියට තව ගොඩක් comments නං ඕනේ. හැමෝටම හිතෙන දේ අපි ලියමු.

    ReplyDelete
  5. "සහෝදරයො" ගාවගත්තොත් නං Moratuwa campus එකත් ඉවරයි

    ReplyDelete
  6. The state should give a scholarship to every student that qualifies for Higher Education.

    The scholarship should allow the student to select any University (state or private) that he/she prefers. It should allow the student to spent a bit of his/her own money (from part-time work/parents) to increase the value of the scholarship.

    The amount of the scholarship can be higher/graded by the level of the grade.

    ReplyDelete
  7. okkoma aththa ....podi awlakata thiyenne pitarata valata lamai yana eken loku mudalak lankawata ahimiwana bawa kiyapu eka thama.oyta wada mudalak lankawa watema muhuda thiyagena pitaratin lunu gennath wiyadam karanawa

    ReplyDelete
  8. අර දම්මික කිව්ව එක සහ ලිපියෙ සදසන් දේ ගැන, මම නම් දකින විදියට ලංකාවට පිටරට කැම්පස් අවොත් කොහෙමත් අයෙත් එ සල්ලි පිට රටටම තමයි යන්නෙ, එවගේම තමයි ලංකාවෙ අලුතින් විෂ්වවිද්යාල දැම්මොත් සම්මත තත්ව සහිතව ලංකාවෙ මිනිස්සුන්ට ඒකෙ මිල දරාගන්ට පුලුවන්ද කියන එක.

    ReplyDelete
  9. http://lekssammuthiworld.blogspot.com/2010/06/blog-post.html

    ReplyDelete
  10. මොරටුව ශිෂ්‍යන් වශයෙන් රාගම වෛද්‍ය විද්‍යාල ප්‍රශ්නයට මොරටුව ක්‍රියා කර එය වීසදු ආකාරයට පෞද්ගලික විශ්ව විද්‍යාල ප්‍රශ්නයට ක්‍රියාත්මක විය යුතුයි. නැතුව "සහෝදරයන්ට" විශ්ව විද්‍යාලයට ඇතුළු වෙන විදිහට වැඩ කරලා ඒ අයට ඕන විදිහට නටන්න දීල අපේ අනන්‍ය තාවය විනාශ කරන්න නොදිය යුතුයි. මොකද මේ ප්‍රශ්නය හරහා යල් පැනගිය දේශපාලන ප්‍රතිපත්ති තියෙන පක්ෂ අනිවාර්යෙන්ම ඇතුලට ඒමට මාන බලයි. එවිට සිදු වන්නේ අපේ seniors ලා. මුළු රටෙන්ම බැට කකා ( රැල්ලට නොයා )මේ තත්වයට ගෙන ආපු මොරටුව විශ්ව විද්‍යාලය විනාශ වීමයි.

    මොරටුව ශිෂ්‍යන් වශයෙන් රාගම වෛද්‍ය විද්‍යාල ප්‍රශ්නයට මොරටුව ක්‍රියා කල ආකාරය මෙය කියවා දැනගත හැකියි.
    ප‍ටිසෝතගාමීව තිස් වසක් (සිංහල / 2009) - පාඨලී චම්පික රණවක
    මම හෙළ උරුමයට කඩේ ගිය යේයි නොසිතන්න,
    best regards

    ReplyDelete
  11. ගොඩක් සතු‍ටු වෙනව මල්ලිලා ලංකාවෙ අධ්‍යාපනයෙ දැවෙන ප්‍රශ්නයක් වෙනුවෙන් මේ විදියට පෙලගැසෙන්න මො.වි.වි විදියට තීරණය කරල තියන එක ගැන. මම එහෙම කියන්නෙ පහුගිය කාලෙ පුරාවට (මම දන්න පහුගිය වසර 4 තුල) මේ වගේ ප්‍රශ්න වෙනුවෙන් මො.වි.වි සිසුන් ඉස්සරහට ආවෙ නෑ. ඒකට හේතු ගොඩක් තිබුන. නමුත් අද වෙනකොට හැම වි.වි ශිෂයෙක්ගෙම එකමුතුව එකවගේ ඕනවෙලා තියන වෙලාවක ඇත්ත යුක්තිය වෙනුවෙන් පෙනී සිටින්න දේශපාලන අරමුණු වලින් තොරව පෙල ගැසෙන එක ගැන ගොඩක් සතු‍ටුයි.
    නමුත් කියන්නම ඕන මේ වෙනුවෙන් FB Blog වලින් එහාට ගිය යමක් අවශ්‍ය බව. ඒ වගේම ෆැකටි බේද, ප්‍රදේශ බේද(නියම නම නොකිය ඉන්නම්) නැතුව හැමෝම එකා වගේ එකතු වෙන එක වගේම එහෙම එකතු බව පෙනවන එකත් වැදගත්.(පෙලපාලි යන්න ,උපවාස කරන්න කියනව නෙමේ)මොකද මට මතකයි අපේ Library එක සම්බන්ධ ප්‍රශ්නයෙදි ඒ ගැන තිබ්බ සාකච්චාවට JG එක පිරෙන්නවත් ලමයි හිටියෙ නෑ.
    දැනුවත්වන්න පෙළගැසෙන්න , මුහුණදෙමු අභියෝගයට ........ මේ අරමුණේ ඉදිරියටම යන්න.....

    ReplyDelete
  12. මෙතන තියෙන්නේ 'සහෝදර' කතාවක් ගැන ප්‍රශ්නයක් නෙවෙයි. ජේ.වී.පී(ආණ්ඩුව කොහොමත් පනතට විරුද්ධ වෙන හැමෝටම ඒ කාඩ් එක ගහනව ) කාඩ් වදියි කියල අපිට අපේ වගකීම අමතක කරන්න බෑ කොහොමටවත්. නිදහස් අධ්‍යාපනයට තියෙන්නේ ලේ, යකඩ, ගින්දර මැදින් ආපු ඉතිහාසයක්. අද අපි මේ පනතට විරුද්ධව අරගල කරේ නැත්නම්, අනාගත පරම්පරාව අපිට සාප කරාවි....

    @කුරුන්ගුරුන්: "යන්න පුළුවන් සීමාව" අර්ථ දැක්වුවා නම් හොදයි...

    ReplyDelete
  13. මොරටුව විශ්ව විද්‍යාල ඉන්ග්ජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය මේ කාරණය සම්බන්ධයෙන් පැහැදිලි තීරණයක් තවමත් ගෙන නැත. ඒසේ තිබියදී මෙම ලිපිය පලකිරීම යෝග්‍ය නොවේ. EFSU BLOG එක තමන්ගේ ඔලුවේ ඇති කුණු වපුරන්න එපා. කවුද මේකට අවසර දුන්නේ?????

    ReplyDelete
  14. පේරේ රුහුණේ ඉන්ජන් ඇත අරගලයේ
    මෝරා අපි තවමත් ඇකඩමික් සටනේ

    ReplyDelete
  15. Kawadada thiranaya ganne? panatha sammatha unamada?

    ReplyDelete
  16. පාට පක්ෂ බේද,සහෝදර බේද, ප්‍රදේශ බේද මේ ප්‍රශ්නෙදි කොහෙත්තම අදාල කරගන්න ඕන නෑ. මේක අපි හැමෝටම බලපාන ප්‍රශ්නයක් කරගන්න ඕන. ඒ වගේම මෙතෙන්දි අපිට සීමාවල් තියෙන්නත් බෑ.සැබෑ ප්‍රශ්නය හඳුනගෙන, වහ වහා අපි ක්‍රියාත්මක වෙන්න ඕන.අපි දැනටමත් පරක්කුයි. තවත් හිටියොත් මෝඩ, හරියට වැඩක් කරගන්න බැරි මේ ආණ්ඩුව, බුද්ධිමත් ශිෂ්‍යයින්ගෙ ඔලුවට අත හෝදන දවස වැඩි ඈතක නෙවෙයි.එතකන් අපි බලන් ඉන්නවද???

    ReplyDelete
  17. ජනක රංගමDecember 31, 2011 at 10:58 AM

    මේක ලියපු එකා එල කොල්ලෙකි. අනික් උන් සද්දේ දැම්මට වැඩක් නෑ. කතාව ඇත්ත. පෞද්ගලික උපාධි ඕනේ. නමුත් හතු පිපෙනවා වගේ උපාධි කඩ අපට එපා.

    ReplyDelete
  18. පට්ට ලිපිය, Pera injo විදිහට අපි ගොඩක් දේවල් කරනවා.. Ruhunath එහෙමයි... Mora set 1ත් අපිත් එක්ක එකතු වෙන 1 අපිට ලොකු හයියක් වෙයි...

    ReplyDelete
  19. මේවා දැක්කාම පේරේ අපි තනි නෑ කියල හිතෙනවා.........
    පේරා මෝරා රුහුණ E-FAC වල එකමුතුවක් ඕනා...........

    ReplyDelete
  20. රජය පවසන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල අලුතින් ආරම්භ කිරිමට මුල්‍ය ප්‍රතිපාදන වෙන්කල නොහැකි බවයි..... නමුත් MALABE private medical faculty 1ක ආරම්භ කිරිමට මිලියන 600 ක් ලබාදිමට රජයට හැකිවි තිබෙන්නෙ කෙසෙද යන්න ඉතාවිශාල ගැටලුවක් වී පවති. පේරාදෙණිය සදහා 2012 වසරට ඉල්ලා තිබු මුදල මිලියන 1100 ක් උවත් ලබී අත්තේ මිලියන 143 ක් වැනි සුලු මුදලකි.....අනෙකුත් විශ්වවිද්‍යාල සදහාද මෙය එසෙමය...... මේ ආකාරයේ මුදල් කප්...පාදුවකින් බලාපොරොත්තු වන්නේ කුමක්ද?............... government uni ---> semi government uni ---> private uni විය නොහැකිද????? විශ්වවිද්‍යල පද්ධතිය තවත් එක්තරා ලංගමක් වන තෙක් අපි නිහඩව බලා සිටිමුද?????

    ReplyDelete
  21. අපේ එකේ union කරන්න එන හෑම එකාම Campus එකේ නමට හරි ආදරෙයි..මොකද එතකොට මොකුත් කරන්න ඔන්නෑනෙ.. මොනවහරි කරල නම කෑත උනොත්.. අම්මෝ.. අනාගතේදි ඉගනගන්න එව්න්ගෙ අනාගතේ වගේද යකෝ මේකෙ නම?.. Free Education එකට කෙල උනා වගේද යකෝ අපේ එකෙ නම?.. Private ඒව අවිත් අපේ Universities වල ඉන්න හොඳ හොඳ Lecturers, doctors, professorsල ටිකක් ලොකු පදියක් හෙම දීල අරගත්තට පස්සෙ අපේ Universities වල තියන වටිනාකම නෑතිවෙලා, මේව ගනන්ගන්නෑති ගාන්ට වෑටිල, අමාරුවෙන් සල්ලි හොයාගෙන පන්ති ගිහින් ඉගනගෙන අවිල්ල මෙහෙත් around 4 years තිස්සෙ මහන්සිවෙලා ඉගනග්න්න එව්න්ට ජොබක් වත් හොයාගන්න බෑරි ගාන්ට Universities පිරිහෙනව වගේද යකෝ අපේ එකේ නම?.. අහින්සක දුප්පත් එව්න්ට සල්ලි දීල ඉගනගන්න සල්ලි නෑ කියල අපේ එකේ නම පලිද යකෝ?.. හොදට ඉගන ගන්න පුලුවන් දුප්පත් අහින්සක ලමයින්ට ඒ වරම අහිමි වෙනව වගේද යකෝ අපේ එකේ නම?.. අපි suspend වෙන්නෙත්නෑ... S.B.ත් අපිත් එක්ක තරහ නෑ.. රජයෙනුත් ඕන වෙලාවක වෑඩක් ගන්න පුලුවන් (අනේ මමනම් දන්නෑ මොනවද ගන්න පුලුවන් වෑඩ කියල.. කුඩුවත් ගහන එව්න්නම් තව කමක්නෑ.. මොකද පොලිසියට එහෙම අල්ලගෙන ගියොත් මවින්ගෙන්වත් help එකක් ගන්න පුලුවන්)
    මෙව කතන්දර බන්.. හරිනම් අපි හිතන්න ඕන මෙහෙමයි.. Free Education එකට මේ අපරාධය වෙන්න හදන්නෙ අපේ කාලෙදි. අනිසා ඒකට විරුද්ධ වෙන්න හරි chance එක තියෙන්නෙ අපිට.. අපේ නන්ගිල මල්ලිලාට මේකට විරුද්ධ වෙන්නවත් වෙන එකක් නෑ.. එයාලට කරන්න පුලුවන් වෙන එකම දේ තව කීයක් හරි වියදම් කරල Degree එකට අමතරව තව cause එකකුත් කරල මොකක් හරි රස්සාවකට යන එක තමයි. මොරටුවෙ අපි හෑමදාම හිතුවෙ ඕකෙන් එලියට යනකන් ඔක්කොම හොඳින් තියාගෙන කොහොමහරි හොඳ ජොබකට යන්න. කවදාවත් අනාගතේ එන අපේ නන්ගිල මල්ලිලට, අපේ ළමයින්ට මොනාවගේ අනාගතයක්ද හෑදෙන්න යන්නෙ කියලවත් හිතන්න සමත් වුනේ නෑ.. මෝඩ කමට අපේ එකනම් තාම චාටර් නෑ කිය කිය, ගෙවල්වලට කිය කිය, උඩ පෑන්න.. ඒක මෝඩ කමත් නෙවෙයි.. අත්මාර්ථකාමී බව.. අපි අපි ගෑන විතරයි හිතුවෙ.. අපි අපිට අව්ලක් නෑතුව out වෙන එක ගෑන විතරයි හිතුවෙ.. education එකට තියන ප්‍රශ්න වලට මුලින්ම සන්වේදී වෙන්න ඕන අපි.. අපේ අම්මල තාත්තලාට සමහරවිට මේ වෙන්නෙ මොකද්ද කියල තේරෙන්නෙ නෑතුව අති.. ඒක පේන, තේරෙන එව්න් වෙච්ච අපියි ඒක තේරුම් කරල දෙන්න ඕන.. ඒක තේරුම්කරල ඒ වෑරෑද්ද හදන එක අපි හෑමෝගෙම යුතුකමක්.. අපේ අනාගත නන්ගිලා මල්ලිලා සහ අපේ දරුවෝ වෙනුවෙන් අපේ යුගයේ යුතුකම අපගේ හිස මතයි.. අනාගතේ දවසක උබලගෙ දරුවෙකුට පුතේ අපේ කාලෙ මෙහෙම වෙන්න හෑදුව අපි එහෙම වෙන්න දුන්නෑ, අපි ඒක බේරගන්න මේ මේව කරා කියල නියම තාත්තෙක් විදියට ආඩම්බරයෙන් ඌට උපදෙසක් හරි දෙන්න පුලුවන් විදියට අද ඉඳපල්ලා.. අනිත් campusවල එව්න් මේවගේ අපරධ වෙනුවෙන් කතාකරද්දි හිනා වෙන්න එපා.. මොකද උන්ට අපිට වඩා හොඳට අපිට හිනාවෙන්න කරුනු තියනව.. මම 07 batch. මම ඉන්න කාලෙත් අපේ Union පොරවල් වලට පුලුවන් විදියට කිව්ව.. ඒත් හෑමෝටම වගේ ඒගොල්ලන්ටත් අර කලින් කියපු මහා ආදරය.. ඒක තිබුනා.

    ReplyDelete
  22. අපේ කම්පස් එකේ union එක මේ වගෙ ප්‍රශ්න වලදි ටිකක් පසුගාමී සහ සන්වේදී අඩුබව පිලිගන්න ඔනේ.නමුත් එහෙම උන කියල එකට උවමනාව තිබුන අය නිකන් හිට්යෙත් නෑ.ඒ කතාව පෙත්තකින් තියමු.
    අය්යා ගොඩක් කියලා තියෙන්නෙ campus එකෙ ගොඩක් කටයුතු "නම" කියල මග හරිනවා කියල.නමුත් අපිට එ කියන නමින්ම ප්‍රයෝජනයක් ගන්න පුලුවන් නම් ගොඩක් හොදයි.මොකද, අපි පිකට්න් 1ක් හරි පාගමනක් හරි ගිහිල්ල අපි බලපොරොත්තු වෙන දේවල් ලබෙයිද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා.මොකද,කොල්ලුපිටියෙදි ගහල අපහු හරවන දේවල් කරල මේකට බලපෑමක් කරන්න පුලුවන් වෙයිද?අපි මෙකට දනාත්මක බලපෑමක් කරන්න ඔනෙ.නමුත් එ කටයුතු වගකීම් සහගත වෙන්න ඔනෙ.කරන්න පුලුවන් දෙවල් කරන්නත් ඔනෙ.ඒවා වලදී අපිට ලේබල් වදියි.ජ.වි.පෙ. කියයි,අන්තරේ කියයි,ඒවා අපිට ප්‍රශ්න නෙමෙ.ලේබල් වලට අපි බය නෑ.
    අය්යා කියන විදියට ඔයලගෙ කලෙ union අයට කීව කියනව.එ කලෙ lectures'ලගෙ strike එකෙදි අපි ගොඩක් වෑඩ කල.නමුත් එක ඉවර උනට පස්සෙ ලෙවල් 4 කට්ටිය හොයන්නත් නෑ.ඒක අය්යලගෙ වෑරද්දක් නෙමේ වෙන්න ඈති.අය්යලටත් ගොඩක් වෑඩ තියෙන්න ඈති.out වෙන්න ලග හින්දා.එකම තමා මෙතනත් වෙන්නෙ.හෑමදාම උවමනව තියෙන මිනිස්සු විතරයි එකතු වෙන්නෙ.අය්යල දෙන් out වෙලනෙ.මෙ විදියට හරි comment 1ක් දල එකතු වෙන එක අගය කරනව.අය්යලගෙ අදහසුත් මෙවට එකතු කරන්න.අපිට වෑඩ කරන්න එවත් ඔන වේ.
    මෙ විඩියට බ්ලොග් 1ක් හදල තියෙන එක නිස හෙමොටම අදහස් ප්‍රකශ කරන්න පුලුවන්.එකට union එකට බලපෑමක් කරන්නත් පුලුවන්.එයලට එක සලක බලන්න වේ,අය්යා කට වචනයෙන් කල වගෙ.
    2007 batch එකෙ කියල දාපු එක හොදයි. anonymous කියනවට වඩා.එතකොට අපිට මෙ ගෙන කතා කරන්න පුලුවන්.
    2010 මල්ලි කෙනෙක්.
    (sinhala typing tikak amarui.dnt care it)

    ReplyDelete
  23. [kulta ] මෙහෙම කියනවා :
    බටහිර විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන ශ්‍රී ලංකික සිසුවාගේ යාච්ඥාව

    දෙවියනි ලංකාවේ උසස් පෙළ සමත් වූ වහාම මාව සයුරෙන් එතර විශ්ව විද්‍යාලයකට යැවීමට දෙමාපියන්ට මුදල් ලබා දීම ගැන මා ඔබවහන්සේට ස්තුතිවන්ත වෙමි
    දෙවියනි මාව ලංකාවේ විශ්ව විද්‍යාලයකට නොයවා අන්තර්ජාතිකව පිළිගත් විශ්ව විද්‍යාලයකට යොමු කිරීම ගැන මා ඔබට තුති පුදමි
    දෙවියනි ලංකාවේ විශ්ව විද්‍යාලයකට ගියේ නම් අන්තරයේ තිරිසන් සිසුන් අතින් මා හිංසනයට ලක් වීමට තිබුණි මට එවැනි අවාසනාවක් උදා නොකර දීම ගැන මා ඔබට තුති පුදමි
    දෙවියනි ලංකාවේ විශ්ව විද්‍යාලයකට ගොස් විශ්ව විද්‍යාල දින නියමයක් නොමැතිව වසා දමන විට ඇතිවන කාලකන්නි හැඟීමෙන් මා මුදවාලීම ගැන මම ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙමි
    දෙවියනි ලංකාවේ විශ්ව විද්‍යාලයකට ගියේ නම් එහි සිටින හීනමානකාරයන් , දේශපාලන උන කරට ගැසූ පිස්සන්ගේ තෙල් බෙදීම් ඇසීමට සිදුවන කම්පනයෙන්මා ගලවා ගැනීමට ස්තුති වෙමි
    දෙවියනි ලංකාවේ උපාධියක් කොට රැකියා නොමැතිව රැකියාවක් ඉල්ලා පිකටින් වර්ජන කිරීමට පාරවල් දිගේ රස්තියාදු කිරීමට නොසලස්වීම ගැන මම ඔබවහන්සේට ස්තුතිය පුදමි.
    දෙවියනි මාව ලංකාවේ විශ්ව විද්‍යාලයකට නොයවා මගේ ජීවිතය කාලකන්නි නොකොට මට මාර්ගය පෙන්වීම ගැන මම ඔබට අනේකවාරයක් කෘතඥ වෙමි

    ආමේන්
    කිවුව වෙලාව- 2011

    ReplyDelete
  24. ගුණාත්මක බවින් තවත් පහළට වැටෙන ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල



    වර්තමානයේ මතු වී ඇති සරසවි අර්බුදය සමග ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ගුණාත්මක බවින් තවත් පහළට ඇද වැටී ඇති බව පෙනී යයි. අධ්‍යාපනික තත්ත්වය, විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලයේ අධ්‍යාපන සුදුසුකම්, සිදු කරන ලද පර්යේෂණ සහ විද්‍යාත්මක ලිපි හා ග්‍රන්ථ පළකිරීම වැනි කරුණු සමාලෝචනයෙන් සෑම වසරකම ලෝකයේ විශ්ව විද්‍යාල වල ගුණාත්මකභාවය පිළිබඳව ඇගයීමක් සිදු කරන කරන අතර සෑම විශ්ව විද්‍යාලයකටම නිශ්චිත ඇගයුම් අංකයක් ලැබේ. එය World University Ranking නමින් හැඳින්වෙන අතර පසුගිය වසර 30 ඇතුලත ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ඉතා අඩු ලකුණු ලබාගනිමින් ක්‍රම ක්‍රමයෙන් පහතට ම වැටී තිබේ.

    2010 වසරේ ලෝකයේ හොඳම විශ්ව විද්‍යාලය ලෙස තේරී ඇත්තේ ඇමරිකාවේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයයි. හාවර්ඩ් විශ්ව විද්‍යාලය ලබා ඇති දළ ලකුණු ප්‍රතිශතය 96.1 කි. බ්‍රිතානයේ සුප්‍රකට ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය ලකුණු 91.2 ලබා ගනිමින් හය වන ස්ථානයට පත් වී තිබේ. යුරෝපයේ විශ්ව විද්‍යාල අතරින් ප්‍රථම ස්ථානය නියෝජනය කරන ස්විට්සර්ලන්තයේ Swiss Federal Institute of Technology Zurich ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ලකුණු 83.4 ලබා 15 වන ස්ථානයට පත් වී ඇත.

    ආසියානු විශ්ව විද්‍යාල අතරින් ප්‍රථම ස්ථානය ලබාගෙන ඇත්තේ ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 21 වන ස්ථානය නියෝජනය කරන University of Hong Kong ය. ලබාගෙන ඇති ලකුණු ප්‍රමාණය 79.2 කි. ටෝකියෝ විශ්ව විද්‍යාලයට ලැබී තිබෙන්නේ 26 වන ස්ථානයයි. ටෝකියෝ විශ්ව විද්‍යාලය ලබාගෙන ඇති ලකුණු ප්‍රමාණය 75.6 කි. දකුණු කොරියාවේ Pohang University of Science and Technology විශ්ව විද්‍යාලය ලකුණු 75.1 ලබා 28 වන ස්ථානයට පත් වී තිබේ. 37 වන ස්ථානයට චීනයේ චීනයේ පීකිං විශ්ව විද්‍යාලය පත් වී තිබෙන්නේ ලකුණු 70.7 ලබා ගනිමින්. අප්‍රිකානු රටවල් අතර ප්‍රථම ස්ථානය ලබාගෙන තිබෙන්නේ ඊජිප්තුවේ අලෙක්සැන්ඩේරියා විශ්ව විද්‍යාලයයි. ලබාගෙන ඇති ලකුණු ප්‍රමාණය 51.6 කි. ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ඊජිප්තුවේ අලෙක්සැන්ඩේරියා විශ්ව විද්‍යාලය147 වන ස්ථානය නියෝජනය කරයි. 2009 ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව රුසියාවේ ලොමනසොව් මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලය ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල අතර 155 ස්ථානය නියෝජනය කරයි. යුරෝපිය විශ්ව විද්‍යාල අතරින් ලොමනසොව් මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලය 24 වන ස්ථානය දරයි. ඉන්දියාවේ Indian Institute of Science Bangalore විශ්ව විද්‍යාලය 2011 ජගත් විශ්ව විද්‍යාල අතර දරන්නේ 559 වන ස්ථානය යි.

    අප්‍රිකාවේ නොදියුණු රටක් ලෙස සැලකෙන උගන්ඩාවේ මකිරෙරේ විශ්වවිද්‍යාලය ( Makerere University ) 2011 ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 1062 ස්ථානයට පත් වී තිබේ. පනහේ සහ හැටේ දශකයේ ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල වලින් එකක් ලෙස සලකුණු කොළඹ විශ්ව විද්‍යාලය අද අර්බුද සහිත අසාර්ථක රාජ්‍යයක් බවට පත් වී තිබෙන අප්‍රිකාවේ සිම්බාබ්වේ රාජ්‍යයේ අධ්‍යාපනික හා ගුණාත්මක භාවයෙන් අඩු සිම්බාබ්වේ විශ්ව විද්‍යාලයටත් වඩා පහතට වැටී තිබේ. ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව සිම්බාබ්වේ විශ්ව විද්‍යාලයට 2246 වන ස්ථානය ලැබී තිබෙන අතර කොළඹ විශ්ව විද්‍යාලයට ලැබී තිබෙන්නේ 2690 ස්ථානයයි.( උපුටා ගැනීම webometrics.info ) 2011 ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගතකිරීම් අනුව මොරටුව විශ්ව විද්‍යාලය 2324 ද , පේරාදෙණිය විශ්ව විද්‍යාලය 2615 ද රුහුණ විශ්ව විද්‍යාලය 2552 ස්ථානය නියෝජනය කරන අතර ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය (Open University of Sri Lanka) ඉතාමත් පහළ 4189 ස්ථානයට පත්ව තිබේ. සාක්ෂරතාවයෙන් ශ්‍රී ලංකාවට වඩා බොහෝ පහළින් සිටි අප්‍රිකානු, ආසියානු සහ ලතින් ඇමරිකානු රටවල විශ්ව විද්‍යාල ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පරාජය කොට තිබෙන අතර ලතින් ඇමරිකාවේ පහතින්ම සිටින වෙනුසිලාවේ Universidad Simón Bolívar Venezuela විශ්ව විද්‍යාලයද ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වලට වඩා බොහෝ ඉදිරියෙන් සිටියි.

    ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ගුණාත්මක බවින් පහළ‍ට වැටීම පිළිබඳව අදහස් දක්වන කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් ප්‍රකාශ කරන පරිදි මේ සඳහා ප්‍රධාන හේතු වන්නේ විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් බඳවා ගැනීමේ දී සුදුසුකම් නොව ඥාති සබඳතා, මිත්‍රකම් බැලීම නිසා දක්ෂයන් විශ්ව විද්‍යාල වලින් ඉවත් වී යාමත් අදක්ෂයන් කථිකාචාර්යවරුන් වීමත් ය. එසේම දේශීය චින්තන ලේබල් ගසා සරසවි සිසුන් ලිං මැඩියන් කිරීමේ ව්‍යාපාරයත් ලංකාවේ සරසවි වලට රිංගා ඇති අන්තවාදී දේශපාලනයත් නිසා ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල ගුණාත්මකභාවය සීඝ්‍රයෙන් පිරිහී ගිය බව ඔහු වැඩි දුරටත් පවසයි. මෙම තත්වය තව දුරටත් පැවතුනහොත් දේශීය විශ්ව විද්‍යාල අන්තර්ජාතිකව ගණන් ගැනීමකට ලක් නොවන හා නොසලකා හැරෙන මට්ටමකට පත් විය හැකි බව උක්ත මහාචාර්යවරයා පෙන්වා දෙයි.

    Supun Perera | සුපුන් පෙරේරා

    ReplyDelete