Sunday, December 25, 2011

ගත්තු F3 මගේ යාළුවා ගනී පඩි අද මට වඩා.......... මීට වැඩියෙන් හම්බ කළ හැක ගියත් පිට වැසිකිළි පතා

පැතූ සිහිනය නිබඳ සිත් ගෙන සරසවියේ ආ මේ               සරා
හිසේ දුක් ගිණි නිවාලනමින් ඇය සමඟ ආවෙමි             හොරා
සිටියේ මිතුරන් පමණි මා ළඟ උනුත් නැත අද මා             කරා
කුමක් කරමිද නොදන්නෙමි අද ජීවිතය ඇත මා               මරා

ගියේ සරසවි ඩිග්රි ගන්නට සමාජයේ ගරුසරු                පතා
වසර හයකුත් සරසවියේ මා සිටියේ විද සැම දුක්             ඉතා
හිඟා කාමින් යදිමි රැකියා කියා හැකියා ගැන                  කතා
ගියොත් ගිය තැන සිටි යමෙක් අද ගොහින් private uni    පතා

ඩිග්රියක් යනු මුදල් පමණයි එයට නැත අද ගරු             කතා
දන්නේ අපිමයි වින්ද දුක්ගැහැ ලබාගන්නට එය              මනා
සුදුසුකම් නැත අපේ අය ළඟ ගලපමින් පිට uni             ගෙනා
වසර තුනකුත් ගතවෙමින් ඇත තාම job නැත මා             කරා

සිතමි දැන්නම් ඇයිද අරගල නොකලේ මේ පිලිබඳ        මෙමා
දුටුවේ නැත හෙට සිතුවේ අද ගැන පමණි මම අන් අය    ලෙසා
සිතෙයි දැන්නම් දමන්නට මම දමපු aca බල්ලට          සොයා
දුටුවදෝ ඔබ ඉගෙනුමට වැදි හෙනය කන්නන්ගර           මයා

සොයල සොයලා ගත්තේ ජොබ් එක එයත් හැකියාවට  නොමා
මක් කරන්නද වයස ගොස් ඇත සිතෙයි දැන්නං මම     ගොනා
ගත්තු F3 මගේ යාළුවා ගනී පඩි අද මට                          වඩා
මීට වැඩියෙන් හම්බ කළ හැක ගියත් පිට වැසිකිළි           පතා

22 comments:

  1. විබාගේ පේල් උණු මගේ යාළුවා මට වඩා සල්ලි ගන්න එකවත්, මගේ 'ඇක' විතරක් නිසා මට ජොබ් නැති එකවත්, ප්‍රයිවට් යුනි ගිය උන් මට තරගයක් දෙයි කියන බය නිසාවත් නං අරගලය කරන්නේ, මේ කියන 'මම' ගැන මේක ලියන මම මොකුත් නොකියා ඉන්නං.. :)

    ReplyDelete
  2. මචන් එහෙනං උඹ කියපන් බලන්න අපි මොකටද private uniවලට ගහගන්නේ කියල.කොළඹ medicine උන් මොකෝ අරගල කරන්නේ.උන්ට ඉස්පිරිතාල හිඟයක් එන හින්ද.අපි ඇයි අරගල නොකරන්නේ අපේ උන් හිතන් ඉන්නේ අපිට ජොබ් තියනවා ඕනේ තරම් කියලා.මචන් ඇත්ත මේකයි.private uni ආවම අපේ ඉන්න staff එකේ කට්ටියත් පුලුවන්නං ඒවාටම යයි.මොකද පඩි වැඩි හින්ද.අන්තිමට වෙන්නේ අපේ uni ගනන් ගන්නේ නැති තැනට වැටෙන එක.හිතපං අසරණ කොල්ලෙක් ගැන.ඌට තියෙන්න මේ කියන ඩිග්රිය විතරයි.හිතපන් මොකක්ද ඌ කරන්නේ කියල.ඌට ලබපු හැකියාව පෙන්නනත් විදිහක් නැත්තම් ඌ ගිය විශ්විද්‍යාලය ගැන රටේ තියන පිළිගැනීමත් අඩුනම් වැරැද්ද private uni වලද නැත්තං මේ කියන "මම" කියන එක්කෙනගේද?

    ReplyDelete
  3. මේ පලවෙනි කමෙන්ට් එක දාපු මල්ලිට කියන්න තියෙන්නෙ මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ ෆේල් වුන එකා සල්ලි ගන්න එකේ නෙවෙයි, ඌට එහෙම ගන්න මට වඩා තියෙන එකම සුදුසුකම උගේ තාත්තට විසි කරන්න ඕන තරම් සල්ලි තියෙන එක වීමයි.

    මේ රටේ ගොඩක් මිනිස්සු යන්තම් ලකුනු අඩු වෙලා කැම්පස් එන්න බැරි වුන අය ගැන හරි අනුකම්පාවෙන් කතා කරනවා. හැබැයි එයාලට මතක නෑ එහෙම බැරි වුන ගොඩක් අය ඔය private uni වලට යන්න තරම් සල්ලි නැති දුප්පත් අම්මල් තාත්තලගෙ ලමයි කියල. එතකොට ඔය කියන ඉගෙනගන්න අයිතිය එහෙම සල්ලි දීල ඩිග්‍රි එක ගන්න වත්කමක් නැති ලමයින්ට නැද්ද? අන්තිමට බැලුවම කට්ටිය මේ අනුකම්පා කරන්නෙ ලක්ෂ 60 -70 කිසිම ගේමක් නැතුව දෙන්න පුලුවන් සල්ලිකාරයන්ටම තමයි. :D

    කීටයා කියන දේට මාත් එකඟයි. අන්තිමට sure එකට මෙයාල කියයි දැන් private uni තියෙන එකේ පිනට උගන්නන්න ආණ්ඩුවෙ සල්ලි දෙන්න ඕන නෑ. පුලුවන් එවුන් සල්ලි ගෙවලා ඉගෙනගනියවු කියලා.

    ReplyDelete
  4. මොන අදහස් තිබ්බත් කමක් නෑ...කවියක්, නිසදැසක් වගේ දෙයක් ලියනකොට පොඩ්ඩක් හිතන්න ඕන මේවා කියවන්නේ කවුද කියල..
    වචන දෙකතුනක් ගලප ගන්න පුළුවන් වෙච්ච පලියට, හිතට එන හැම දෙයක්ම මේවගේ වැදගත් ශිෂ්‍ය සංගමයක් නියෝජනය වෙන තැනක දාන එක හරිද කියල පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් හොඳා..මේ වෙබ් පිටුවට ඇඩ්මින් කියල කෙනෙක් ඉන්නව නම්,
    අදාල පුද්ගලයා මීට වඩා වගකීමෙන් වඩා කරන වෙයි..එහෙම නැත්නම් කරන්න පුළුවන් කෙනෙක්ට දීල පැත්තකට වෙන එක හොඳයි.අනික මේ ලිපිවල කතෘගේ නම පල නොකරන්න හේතුව දැන ගන්න කැමතියි..

    ReplyDelete
  5. "ගියේ සරසවි ඩිග්රි ගන්නට සමාජයේ ගරුසරු පතා"

    ඇයි දැණුම ගන්න නෙමේද?

    ReplyDelete
  6. නිදහස් අධ්‍යාපනය බේරගන්න පෙනී සිටින මහා පුරුෂයන් වගේ පෙනී හිටියත් පෞද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ වෙන ඇත්තම හේතුව මේ කවීයේ ලස්සනට ලියවිලා තියනවා . මොරටුවේ ඉංජිනේරුවෙකුට රස්සාවක් හොයගන්න අවුරුදු 3ක් සිරාවටම යනව කියල නම් හිතාගන්නත් අමාරුයි . හැබැයි තත්වය ඒක නම් රජයේ පෞද්ගලික බේදයක් නැතුව කාට කාටත් දෑතේ කර්මාන්තයක් හොයා ගන්න වෙයි

    ReplyDelete
  7. /මේ පලවෙනි කමෙන්ට් එක දාපු මල්ලිට කියන්න තියෙන්නෙ මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ ෆේල් වුන එකා සල්ලි ගන්න එකේ නෙවෙයි, ඌට එහෙම ගන්න මට වඩා තියෙන එකම සුදුසුකම උගේ තාත්තට විසි කරන්න ඕන තරම් සල්ලි තියෙන එක වීමයි. /

    අන්න තමුන්ගෙ මැටි මොළේට වැරදිච්චි තැන. තමුන් හිතාගෙන ඉන්නෙ ඩිග්‍රිය තිබිච්චි පළියට තමුන්ට වැඩි පඩියක් දෙන්න ඕනැ කියල. (මෙතන කතාව ඩිග්‍රිය ගැනත් නෙවෙයි. උසස් පෙළ ගැන. උසස් පෙළ කියන්නෙ ඔය තරම් කෑ ගහන්න තරමට දෙයක් නෙවෙයි. උසස් පෙළ F3 අරගෙන උණත් ජීවිතේ සාර්ථක කර ගත්තු අය ඕනැ තරම් ඉන්නවා.) එහෙම දෙයක් නෑ මල්ලි. ලෝකෙ මිනිස්සුන්ට පඩි ගෙවන්නෙ ඒ ගොල්ල ගත්තු ඩිග්‍රි බලලා නෙවෙයි ඒ ගොල්ල ලෝකෙට කරන සේවය බලලා. තමුන්ගෙ යාළුවා තම්න්ට වඩා පඩි ලබන්නෙ එයා ලෝකෙට තමුන්ට වඩා දෙයක් කරන නිසා. ඒකට ඉරිසියා කරන්න එපා. අනූන්ට ඉරිසියා කර කර ඉන්න ගියොත් තමුන්ට කවදාවත් ජීවිතේ යමක් දිනා ගන්න හම්බ වෙන්නෙ නෑ. අනික අවුරුදු තුනක් තිස්සේ රස්සාවක් නෑ කියල කියන්නෙ තමුන්ට පේනවනෙ තමුන්ගෙ ඩිග්‍රියෙ තරම.

    පෞද්ගලික විශ්වවිද්‍යාල වලට මම කැමැති ඒවයින් තමුන් වගේ, තමන්ගෙ නොහැකියාව නිසා අනුන්ට ඉරිසියා කරන, ජීවිතයේ කිසිම දෙයක් දිනා ගන්න බැරි, පරාජිත චරිත බිහි නොකරන නිසා. දැන්වත් ඉගෙන ගන්න. මැටි මෝලෙක් නොවී.

    ReplyDelete
  8. මචන්ලා මේ කවි ටිකේ ලියලා තියෙන්නේ වර්තමානය නෙවේ අනාගතය ගැන. මොකද මොරටුවේ ඉංජිනේරුවන්ට තම නම් රැකියා ප්‍රශ්නයකුත් නෑ.පඩි ප්‍රශ්නයකුත් නෑ.මේ කියන විදිහට ගරුසරු ප්‍රශ්නකුත් නෑ.ඒ හින්ද මේ කියන්නේ අනිවාර්යෙන්ම private uni ඇවිල්ලා අනාගතයේදී බැරෑරුම් ප්‍රශ්නයකට මුහුනපාපු චරිතයක් ගැන.අනිත් එක මචන් බුවා මේක මොරටුවේ ඉංජිනේරු ඩිග්රියට ලියපු එකක්ම නෙවේ......

    ReplyDelete
  9. /මචන් එහෙනං උඹ කියපන් බලන්න අපි මොකටද private uniවලට ගහගන්නේ කියල.කොළඹ medicine උන් මොකෝ අරගල කරන්නේ.උන්ට ඉස්පිරිතාල හිඟයක් එන හින්ද.අපි ඇයි අරගල නොකරන්නේ අපේ උන් හිතන් ඉන්නේ අපිට ජොබ් තියනවා ඕනේ තරම් කියලා./

    1. හොඳ ප්‍රශ්නයක් මචන්... ඇයි අපි ඇත්තටම ඕවට ගහන්නේ?
    2. මේඩ්ඩන්ට අවුලක් තියෙනවා. උනුත් අපේ සමහරු ඉන්න මනසිකත්වේ ඉන්නේ. ඒ ලෙවෙල් හරියට ගොඩ දාගත්තම ලෝකෙම ඇල්ලුවා කියල හිතාගෙන ඉන්නේ. ඇත්ත කතාව මේකයි, ලංකාවේ බහුතරයක් දොස්තරලා වෙද කමේ විශේෂ හැකියාවක් නිසා නෙමෙයි වෘත්තියේ රැඳිලා ඉන්නේ. කොටිම්ම බහුතරයකට දොස්තර කෙනෙක් වීමට ඇති ප්‍රධාන සුදුසුකම ඒ ලෙවෙල් පාස් එක. වෙන රට වල , ඉන්දියාවේ පවා සුළු හෝ තරගයක් තිබෙනවා. වෙද්දු ටික ප්‍රයිවෙට් වෙද්දුන්ට සායනික පුහුණුව නොදෙන්නෙත් මේ කුහක අරමුණු නිසයි, එතනින් විෂම චක්‍රයක් ඇරඹෙනවා, සුදුසුකම් ඇති පුද්ගලික වෙද්දු නැහැ, ඉතින් තරගයකුත් නැහැ... ලංකාවේ ජීව විද්‍යාවට තියෙන්නේ දෙවෙනි තැනක්, එකේ එළියෙන් යැපෙන වෙද්දුන්ට තියෙන්නේ මුල් තැන. මේවා වෙනස් වෙන්න ඕනේ.
    3. කරුණා කරලා පොඩ්ඩක් හොයල බලමු අපි ඇත්තටම අපිට ජොබ් හිඟයක් තියෙනවද කියල. ජොබ් හිඟයක් තියෙනවා නං මචන් මේ රටේ උපාධි කඩ දාගන්නේ මොන අටමගලකටද? මම ගිය අවුරුද්දේ ඔය වැඩමුළු ද මොනවද කියන ඒවා හතකට විතර ගියා. ඒ හැම මගුලේම උන් එකම බණේ තමයි කියන්නේ. 'රැකියා ඕනේ තරම් තියෙනවා ඔයාලට සුදුසුකම් තමයි අවුල.' . ජෝන් කීල්ස් එකේ මානව සම්පත් කළමනාකාරිනිය ( ෂෝයි ලස්සන අක්ක කෙනෙක් හිටියේ.. :) ) අපේ කැම්පස් එකේ ම දේශනෙකදී කිවේ 'no one really cares whether you got a first class or not. it's what your predecessors from this university has proven that counts... and you have to be equally able-bodied to live up to those standards... the brightest and the best people I know who graduated from y'all do not even have a class'.
    ඒ අක්ක පොර කියනවා නෙමෙයි. ඒත් වෙනසක් වෙන්න කලින් උඩ බලාගෙන කෙල ගහගන්න ළිං මැඩියන් කියන දේ ට වඩා ඒ අක්ක කියපු එක මම පිලි ගන්න ලෑස්තියි.
    (ළිං මැඩියෝ කිවේ අපි හැමෝටම , මමත් ඇතුළුව..පස්සේ ගොඩේ දි කෑ ගහල අහන්න ඕනේ නැහැ නේ කාටද ළිං මැඩියා කිවේ කියල අයිබෝවන්.. :) )

    ReplyDelete
  10. අනික... අපේ අංශයේ හෙඩ් තුමා, මටයි අපේ අනික් රෙපි අක්කටයි පලු යන්න බනින වෙලාවක මෙන්න මෙහෙම කියුවා...'before I came to teach you people, I worked overseas for some time, for a one million rupee per month salary... why are we here? to teach you people... and what are you doing? everything but learning. learning doesn't mean the book-learning. if I now had money, I'd bring this whole university to visit a foreign engineering university. you should learn from those students what the students should be doing. they do worthwhile things and they ask for our help only. and we're more than happy to help them with those things...'... එතකොට 'worthwhile' නැති දේවල් මොනවද කියල තම තම නැණ පමණින් දැන ගත යුතු කිවලු.

    ReplyDelete
  11. කීටයා - ප්‍රශ්න කිහිපයක් තියනව , ඔය කියන විදිහට අනාගතයේ පුද්ගලික විශ්ව විද්‍යාලත් එක්ක ඔය තත්වය උදාවෙනවාය කියමු . ඒ කියන්නේ පුද්ගලික විශ්ව විද්‍යාලයෙන් ගිය කෙනාට අදාල වෘත්තිය කරන්න සුදුසු කම් තියනව , ඒ නිසා තමයි වැඩියෙන් පඩි දීල තියාගන්නෙ . එතකොට සල්ලි වලට උපාධි විකුනන "උපාධි කඩ " කියල සමහරු මතු කරන තර්කය බොරු . පුද්ගලික විශ්ව විද්‍යාලයෙ උපාධිය සැහෙන ඉහල ගුණාත්මක බාවයක් තියෙන්න ඕනි උපාධිධාරියා වෘත්තිමය දක්ෂයෙක් වෙන්නෙ . එතකොට ඒ ඉහල ගුණාත්ම භාවය තියන පාඨමාලාවෙන් ගොඩ යන්න අර උසස් පෙල අසමත් කෙනාටත් පුලුවන් වෙලා තියෙයි . ඒ අනුව උසස් පෙල සමත් / අසමත් කමෙන් දක්ෂයින් අදක්ෂයින් නිර්නය කරන එක වැරදියි . මුදල් හදල් තියන කෙනා අනික් කෙනාට වඩා වාසි ලබාගන්න එක මේ වෙලඳ පොල ක්‍රමයෙ දකින්න තියන කාරණයක් . දැනටත් මුදල් හදල් තියන කෙනෙක් රාජ්‍ය විශ්ව විද්‍යාලකට ගියත් ඒ අතරම වෙනත් වෘත්තිමය පාඨ්මාල කරන වෙලාවල් තියනව (උදා - ඉංජිනේරු උපාධිය සමඟ සිමා ) , ඒ තවත් සිසුවෙක් කන්න බත් එක ගන්න සල්ලි නැතුව ඉත්දි . රැකියාවකට ගියාම අර දුප්පත් සිසුවගෙ ෆස්ට් ක්ලාස් එකට වඩා අනික් කෙනාගේ උපාධිය +සිමා වලට ලැබෙන පිලිගැනීම වැඩි වෙන්න පුලුවන් . ඔය තත්වය නැති වෙන්න නම් සමහර අය හීන්මවන් ඉන්න පූර්න සමාජවාදය ඇතිවෙන්න ඕනි .

    ReplyDelete
  12. මුලින්ම කියන්න ඕනේ මම නෙමේ මේක ලිව්වේ.මට නම් හිතෙන්නේ මේ බ්ලොග් එකේ ඇඩ්මින් බ්ලොග් එක සිරාවටම කරනවා. මේ බ්ලොග් එකෙන් බලාපොරොත්තු උනේ අපේ පීඨයේ ශිෂ්යනන්ගේ අදහස් වලට වේදිකාවක් හදන එක. ඒක මේ ඇඩ්මින් හොදටම කරනවා.

    පැහැදිලියි අද සමාජයේ පෞද්ගලික වී.වී. සම්බන්ධව කතිකාවතක් ගොඩ නැගිලා තියනවා. ඒකට පක්ෂ හා විපක්ෂ මත තියනවා. මේ ලිපියේ රචකයා පෞද්ගලික වී.වී. වලට විරුද්දයි. ඔහු විරුද්ධ වෙන්නේ ඔහුට හැගෙන පරිදි මෙහි සදහන් කරුණු නිසා. ඒ ඔහුට හැගෙන දේ. මම පෞද්ගලික වී.වී. වලට විරුද්ධ වෙන්නේ වෙනත් කරුණු මත වෙන්න පුළුවන්. එයට පක්ෂ වීම සම්බන්ධයෙනුත් මෙය මෙසේමයි. එය පුද්ගල අනුබද්ධයි.

    ඕනම ඉංජිනේරු පීඨ ශිෂ්ය්යෙක්ට තමන්ගේ අදහස් දක්වන්න මෙය භාවිතා කරන්න පුළුවන්. ලිපියෙන් නිරුපණය වෙන්නේ එම රචකයාගේ අදහස් පමණයි. මෙය ඉංජිනේරු පීඨ ශිෂ්ය සංගමයේ මතය නොවනබව අප වටහා ගත යුතුයි.

    ReplyDelete
  13. ඔය කියන ඊනියා private universities වලින් පිට වෙන(පිටවෙන්න ඉන්න) අය සහ මොරටුව විශ්වවිද්යායලයෙන් පිටවෙන ඉන්ජිනේරුවො(බහුතරයක්) අතර පැහැදිලි වෙනසක් තියෙනවා..ඒක නිසා ඒ සම්බන්දයෙන් අපි කලබල විය යුතු නැහැ..කොහොම වුණත් අපි දැනගන්න ඕනේ අපේ තත්ත්වය තවත් උසස් කරගන්න..

    ReplyDelete
  14. සටනක් කරන්න ඕනෙ තැනදි සටනක් කරමු..ඒත් අපේ තත්වය අපිම පහල දාගන්න එකහරි නැහැ..(මොරටුවෙ අයට තියෙන ගරු සැලකිලි අපේම සමහර විශ්ව විද්යාාල වලට සහෝදර සහෝදරියන්ට නැති බවත් ඇත්ත..ඒ අය වෙනුවෙන් අපිට කරන්න පුලුවන් දෙයක් තියෙනවනම් අපි ඒ දේ කල යුතුයි..එහෙම උණත් අපි මොරටුවෙ නමට හානි වෙන්න දෙන්න නරකයි..මොකද අපි පෙනී සිටින්නෙ මොරටුවෙ නමත් එක්ක..අපි බය වෙලා කියන මානසිකත්වය පිට අයගෙ හිත් වල ඇති වෙන එක අපිටම නරකයි..අපේ අභිමානය ආරක්ෂා කරගෙන කරන සටනක් කරගෙන යමු..)

    ReplyDelete
  15. (soo sorry to post dis on para bhaashawa=english..bt i dn't have a proper sinhala writer..)

    he he..anyway da title of dis is a fact.. even if v washed toilets in a foreign country v could grab a rs200,000 per month.true!

    bt y does anybdy has 2 complain abt dis???if ur 3F friend washes toilets n gets more money dan u..
    hell..wt are we waiting 4?we also should do it..shouldn't v????

    for example think u work on a top company.. if ur boss told u 2 clean ur own cabin's toilet..won't u clean it???oh come on baby.. if u raised ur voice against it,u wil get kicked out..so be down2 earth & be ready to do anything that will take you towards your main aim..

    bt wait..dar r constraints if u even wanted 2 clean toilets in a foreign..
    1.yakk isn't it a dirty job,
    2 it dsn't suit your degree,my academic level,
    3 you re ashamed,
    4 blah blah blah..

    hey guyz,these re not concerns in modern world..bcz the engineer & the toilet cleaner are both workers..

    btw,if an engineer washed toilets,then only he might engineer a new thing..do you agree??
    if u re not your boss,then make it through anyway..
    bcz the world won't care how you came up after you raised your head..

    hey guyz,who evr wrote dis,i think dis s a huge descrimination on his friend.. condemned his job indirectly.. but someday if he began a company,beware you might have to work under him if u re going 2 choose between white/black colars..

    degree dsn't give anybdy of us a job.. dat wz in ice age wzn't it..?

    it's da soft skills extra curricular stuff that always decide such as kadda+any othr foreign lang+programming skills+softwr/​hardwr+resource management+working under pressure+team player+positive attitudes+........u know better than me

    nobody's goin2 checkout our degree n offer us a huge sallary n make us the manager frm day one..

    yz mora is da number one uni in sri lanka,bt it's world rank is between 2000-3000..so v gotta create our own way & our bSc. degree is just a foundation..otherwise bSc degree holders can be found even in bushes in Russia..

    If you're goin to stay in sri lanka,these attitudes re still ok..otherwise change it and learn to respect others jobs & be ready to do such job if u have to..

    a degree adds value to our lives not to our carear..

    if we can't adjust & get on with our industry's culture,our degree won't be valuable a penny..

    why do we try to get into engineering faculty???
    for me.. it's all abt respect man.. i wanted social respect for me for ma parents ma family.. that's just a value.. i don't look for a job through this as long as i have the guts to put the food on the table for my family in anyway..

    my education is valuable only for me.bcz it accelerates the speed to my own aims... i know it's the same wit u too..let's use our degree not to partition our asses in job competition but to get a life & some respect.. :D

    7 minutes ago · Like

    ReplyDelete
  16. *-
    නිදහස් අධ්‍යාපනය රටක අනිවාර්යෙන් තියෙන්න ඕනෙ.මොකද රටේ සම්පත් නිසියාකාරව(සමානව නොවේ)බෙදී නැති තැන අඩු සම්පත් ඇතුව ඉපදුන කෙනෙක්ගෙන් ඉගෙනීමේ අයිතිය උදුර ගන්න කාටවත් අයිතියක් නැහැ. නමුත් නිදහසේ ඉගෙන ගන්න දීම නිසා තමයි බහුතරයක් ශිෂ්‍යයන් විසින්ම ඊට ලැබිය යුතු ගෞරවය නැති වන විදියට වැඩ කරන්නෙ.උගත් එහෙත් බුද්ධිමත් නොවන පිරිසක් A/L වලින් තෝරන නිසා තමිල්නාඩුවෙ විදියට හිතන අය විශ්ව විද්‍යාල වලට එනව.(තමිල්නාඩුවෙ තමයි පැන්සලයි මකනෙටයි මිනී මරා ගන්නෙ.)ඉතින් රටේ මිනිස්සු හිතන්නෙත් මේවගෙ ඉන්නෙ මාර බුද්ධීමත් කොටසක් කියල.අනික ලංකාවෙ මිනිස්සු තුල තියන පුහු මාන්නය. ඩිග්‍රියක් කියන්නෙ වටින දෙයක් උනත් ඩිග්‍රිය කියන්නෙ ජීවිතය නෙමෙයි.ඩිග්‍රියක් ජිවිතය කරගත්ත අය තමයි අන්තිමට ඒකෙ වටිනාකම නැති කරන්නෙත්.

    *-
    අපේ රටේ නිදහස වැඩී. ඉපදෙන්න ඉන්න ලමයට කියල පෝෂණ මල්ලක් දෙනව.ඉපදුනාම නිකන්ම ඉගෙනගන්න පාසලක් ලැබෙනව.ඒකෙදිත් නිකන් කිරි වීදුරුවක් ලැබෙනව.උසස් අධ්‍යාපනයත් නිකන්.ඒ අස්සෙ මහපොල, සමෘද්ධි දෙනව. එලියට ආවම රස්සාවක් හොයල දෙන්න කියලත් රජයට බල කරනව. අන්තිමට රස්සාවක් හොයාල ලැබුනම එතනත් කෑ ගහනව පඩි වැඩි කරවු,බෝනස් දියව් කියල.(බෝනස් දෙන්නෙ අදාල ආයතනය ලාබ ලබනව නම් සහ පරිපාලනය කැමති නම්..)මෙතන තරගයක් නැහැනෙ.තරගයක් නැති තැන හොද ප්‍රතිඵල ලැබෙන්නෙ නැහැ. පරිණාමවාදයෙන් පැනල යන්න බැහැ. බැරි එකා නැති වෙන්න ඕනෙ.ඒ මම වෙන්නත් පුලුවන්. අන්න ඒ නිසයි මම ලෝකෙ අනික් අය මොකද කරන්නෙ කියල හොයල බලන්නෙ. මොරටුවෙ නම් ඉතින් ඔය හණ මිටි අදහස් ඉතුරු කරන් ඉන්නෙ ටික දෙනයි. ඒ ටිකට කියවන්නයි මේක දැම්මෙ.

    ReplyDelete
  17. පේනවනේ කට්ටියගේ කමෙන්ට් දැක්කම මේ ප්‍රශ්නේ සිම්පල් සරල විසඳුමක් තියෙන එකක් නෙවේ කියල! එක නිසා කට්ටිය අවේගිව වැඩ කරන්නැතුව මොලේ කල්පනා කලොත් හොඳය්. මොකද හැමෝම දන්නේ ටිකය්! හැම කතාවේම අනිත් පැත්තකුත් තියෙනවා. කොච්චර දන උගත් අය මේක ගැන කල්පනා කරනවා ඇත්ද? ඒ අයටත් වැඩ කරන්න දුන්නොත් හොඳය්. මම කිවුවේ කට්ටිය සේරම තමන් හරි කියල හිතාගෙන තනියම වැඩ කරන්න යන්නේ නැතුව!

    ReplyDelete
  18. /මුලින්ම කියන්න ඕනේ මම නෙමේ මේක ලිව්වේ.මට නම් හිතෙන්නේ මේ බ්ලොග් එකේ ඇඩ්මින් බ්ලොග් එක සිරාවටම කරනවා. මේ බ්ලොග් එකෙන් බලාපොරොත්තු උනේ අපේ පීඨයේ ශිෂ්යනන්ගේ අදහස් වලට වේදිකාවක් හදන එක. ඒක මේ ඇඩ්මින් හොදටම කරනවා.
    ..
    ඕනම ඉංජිනේරු පීඨ ශිෂ්ය්යෙක්ට තමන්ගේ අදහස් දක්වන්න මෙය භාවිතා කරන්න පුළුවන්. ලිපියෙන් නිරුපණය වෙන්නේ එම රචකයාගේ අදහස් පමණයි. මෙය ඉංජිනේරු පීඨ ශිෂ්ය සංගමයේ මතය නොවනබව අප වටහා ගත යුතුයි. /


    මචන් ඒක එහෙමනම් මේකේ හැම post එකකම රචකයාගේ නම සදහන් කරන්න ඕනේ. ඒත් මේකේ හැම එකේම තියෙන්නේ
    Posted by EFSU UOM කියල. එකෙන් පිට කෙනෙක්ට අදහස් වෙන්නේ මෙය ඉංජිනේරු පීඨ ශිෂ්ය සංගමයේ මතය බවයි. ඒ නිසා මෙවැනි post දැමීමේදී මීට වඩා සැලකිලිමත් විය යුතුයි.

    ReplyDelete
  19. යකෝ, බිල් ගේට්ස් කියන්නෙත් අපේ රටේ A/L වලට සමාන විභාගෙකින් ෆේල් වෙච්චි එකෙක්. උඹලගෙ තියරි අනුව ඌටත් ගෙවන්න ඕනැ මයික්‍රොසොෆ්ට් වල ඉංජන්ට ගෙවන ගානට අඩුවෙන්ද?

    නිකං ඉගෙන ගන්න දීපු නිසා උඹලට තෙල වැඩි වෙලා. අනුන් ඉගෙන ගන්නවට ඉරිසියාවෙ පැලෙන්න හදනවා. මේ රට කවමදාවත් හැදෙන්නෙ නැත්තෙ තොපි වගේ එවුන් නිසයි. එස්. බී. ගෙ මොන වැරදි තිබුණත් මේ ප්‍රශ්නෙදි ගන්න ස්ථාවරය අගය කළ යුතුයි.

    ReplyDelete
  20. පුද්ගලික විශ්වවිද්යාල ඈතිකරන එකේ දෙපෙත්තක් තියනවා කියල පිලිගන්න පුලුවන් තරම් විවෘත මනසක් මල්ලිලට තියනව කියල මම හිතනවා. අපිට පුලුවන්නම් ජනවාරි 7 ට කලින් මේ ගේන්න යන පනතේ අපේ විශ්වවිද්යාලවලට වාසිදායක විදිහට වගන්ති අතුලත් කරලා මේ පනතේ තියන අහිතකර දෙවල් ඉවත් කරගෑනිමට කටයුතු කිරීම මේ අවස්තාවේ සුදුසුම දෙය කියලා මම හිතනවා. හරි කාගේ හරි අඩුපාඩුවක් තියනවනම් එවා පස්සේ හදාගම්මු. දින 10ක් අතුලත අපගේ මතයක් හදාගෙන එය සාමාන්ය සමාජයට ඉක්මනින් ගෙනයාම තමයි අපිට තියන ලොකුම අභියෝගය. ඒ දෙය වටහාගෙන ප්‍රායෝගික ක්‍රියාමාර්ගයකට යන්න අපිට තියෙන්නෙ දින 10යි.!

    ReplyDelete
  21. පෞද්ගලික සරසවි වලට මාත් විරුද්ධයි. මොකද මේවා හතු ගානට පිපෙන්න හදන නිසා. මට S3යි Maths කලේ. අපේ අම්මලා අප්පච්චිලා කෝටිපතියෝ නොවුනත් මං UCSC BIT කළා. අද මගේ පඩිය ඉලක්කම් 6 යි. දැනට තියන හොඳ ප්‍රමිතියෙන් යුතු පෞද්ගලික උපාධි තවත් දියුණු කරොත් උපාධි කඩ දානවට වඩා ඒක සාර්ථක වෙයි.

    ReplyDelete
  22. "nf:මචන් ඒක එහෙමනම් මේකේ හැම post එකකම රචකයාගේ නම සදහන් කරන්න ඕනේ. ඒත් මේකේ හැම එකේම තියෙන්නේ
    Posted by EFSU UOM කියල. එකෙන් පිට කෙනෙක්ට අදහස් වෙන්නේ මෙය ඉංජිනේරු පීඨ ශිෂ්ය සංගමයේ මතය බවයි. ඒ නිසා මෙවැනි post දැමීමේදී මීට වඩා සැලකිලිමත් විය යුතුයි.
    December 26, 2011 5:05 PM"

    කිසිම හරයක් නැති cmnt 1ක්. කතෘගෙ නම දාන එක හෝ නැති එක කතෘගෙ කැමැත්ත... කතෘගෙ නම තියෙන posts මේකෙ තියෙනව දැක්කෙ නැද්ද?අනික posted by කියන එකේ සිංහල තේරුම දන්න කෙනෙක්ගෙන් අහල දැනගන්න.
    ඉරිසියාවයි ද්වේශයයි මුල් කරගෙන ඔය වගෙ ගොන්කම ප්‍රදර්ශනය කරන්න එපා බන්. ලැජ්ජයි! අප්පිරියයි! පජාතයි!

    ReplyDelete