C.W.W.කන්නන්ගර මහතා |
තමුන්ගෙ දරුවව රජයේ පාසලකට ඇතුළත් කරන හැම දෙමාපියෙකුගෙම ප්‍රාර්ථනාව කවද හරි ඒ දරුව විශ්ව විද්‍යාලයකට ඇතුළත් වෙලා උසස් අධ්‍යාපනය හදාරනවා දකින එක.ඒත් වර්තමානයේ මේ ඇතිවෙලා තියන තත්වය දකින ඕනම කෙනෙකුට හිතට නැගෙන ගැටලුව තමයි ක්‍රියාකාරී විශ්ව විද්‍යාල තවත් මේ ලංකාවේ තියනවද කියන එක. අද මේ මොහොත වන විට රජයේ විශ්ව විද්‍යාල සියල්ලකම පාහේ ආචාර්යවරුන් අධ්‍යයන කටයුතු වලින් ඉවත් වෙලා.
මේ වෘත්තීය ක්‍රියා මාර්ගයට හේතු වශයෙන් ඔවුන් දක්වන්නේ ප්‍රමාණවත් වැටුප් නොමැතිකම ඇතුලු තවත් මුළු මහත් විශ්ව විද්‍යාල පද්ධතියටම බලපාන කරුණු රැසක්. වර්තමානයේ විශ්ව විද්‍යාල අචාර්යවරයෙකුගේ වැටුප ඉතාමත් සොච්චමකි. මෙය ඔවුන් සිසුන් වෙනුවෙන් කරන කැප කිරීම් වලට කරන අපහාසයක්. දැනට විශ්ව විද්‍යාල සඳහා රජය වෙන් කරන මුදලින් උපරිම ප්‍රයෝජන ගැනීමට වෙර දරන විශ්ව විද්‍යාල පද්ධතිය ඊට අමතරව තම විශ්ව විද්‍යාල නඩත්තු කටයුතු සඳහා වෙනත් අමතර මාර්ග වලින්ද මුදල් උපයයි. මේ සඳහා මුල් වී කටයුතු කරන්නේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ය.
අද වෙනකන් හැම ශිෂ්‍යයෙකුගේම එකම ප්‍රර්ථනාව වුනේ උසස් පෙළ විභාගය සමත් වෙලා විශ්ව විද්‍යාලයට යන්න. ඒත් හෙට ඉඳලරජය විදෙස් සිසුන්ගේ කෝටාව වැඩි කිරීම තුලින් ඒ අහිංසක ප්‍රාර්ථනාව සිහිනයක් බවට පත් කරන්නදයන්නේ? ලංකාවේ ඇති විශ්ව විද්‍යාල අන්තර් ජාතික මට්ටමට ගෙන ඒමේ පියවරක් ලෙස රජය මෙම ක්‍රියා පිළිවෙත අර්ථකථනය කළත් මෙහි යටි අරමුණ ඉතාම පහත්ය. විකිණීමට හැකි සැම දෙයක්ම විකිණීමෙන් අනතුරුව දැන් රජය මේ අර අදින්නේමෙතුවක් කාලයක් නොමිලේ ලබා දුන් අධ්‍යාපනයද විකුණන් කෑමටය.මෙසේවිදෙස්සිසුන්බඳවාගැනීමහරහාදහස්ගණනින්විශ්වවිද්යාලප්රවේශයට සුදුසුකම් ලබා ඇති තවත් ලාංකික සිසුන් ගණනාවකට අසාධාරණයක්නොවේද? මේ පිළිබඳව කතා කිරීමේදී සැළකිය යුතු තවත් කරුණක් වන්නේ එම බඳවා ගන්නා සිසුන්ගෙ අධ්‍යාපන සුදුසුකම්ය.
පවතින මෙම තත්වය අවබෝධ නොකර ගනිමින් තව දුරටත් විශ්ව විද්‍යාල සිසුන් ලෙස අප නිහඬව සිටියහොත් නුදුරු අනාගතයේදීම අපද නිදහස් අධ්‍යාපනයේ මළගමේ විත්තිකරුවකු වනු ඇත. එබැවින් වහාම මෙම අපරාධයට එරෙහිව ඔබේ හඬ අවදි කරන්න!!!
C.W.W.කන්නන්ගර මහතා සමඟ නිදහස් අධ්‍යාපනයත් මෙහිම වැළලෙයි ද? |
අධ්‍යාපනය, අනාගත ආයෝජනයක් කියලා තේරුම් ගන්න බැරි පාලකයන් ඉන්න රටක මේවා අරුම පුදුම දේවල් නෙවෙයි.
ReplyDeleteInternationalization of universities and making them money making institutions is not necessarily a bad thing. what we should debate is how it would affect the quota given to local students. If the intake is increased by giving a higher quota for local students this step could be used to sustain the national university system.
ReplyDeletenidahas adyapanaya wenuwen jeewithaya kapa karapu ekek ge namak puluwan nam kiyanna balanna
ReplyDeletewena dekata newei dannawada kiyala balanna
me blog eka liyana kawru unath eya dannawada moratuwa uni eke viru sisu samaru smarakayak thiyanawa kiyala
dannawada kiyala mama hariyatama danne na eth mata loku wishwasayak thiyanawa uni eke inne kollo kellongen 99% oka danne na