Thursday, July 28, 2011

උපකුලපතිවරුන් හා ආචාර්යවරුන් අතර දැන් කිසිම ගැටුමක්‌ නෑ - ඇමැති එස්‌. බී. කියයි


දිවයින 28/07/2011

නෝමන් පලිහවඩන

විශ්වවිද්‍යාලයීය උපකුලපතිවරුන් සහ ආචාර්යවරුන් අතර දැන් කිසිදු මත ගැටුමක්‌ නැති බවද එහෙත් ප්‍රශ්න ඇති කිරීමට එක්‌ අයකු දෙන්නකු සිටිය හැකි බවද උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා "දිවයින" ට ප්‍රකාශ කළේය.

විශ්වවිද්‍යාලයීය වැඩකටයුතු හොඳින් කෙරීගෙන යන අතර දෙතුන් දෙනෙක්‌ නැති ප්‍රශ්න ඇති කිරීමට ක්‍රියාකරන බවද ඇමැතිවරයා පැවැසීය.

මෙම ආරවුල් පිළිබඳව තමා උප කුලපතිවරුන්ගෙන් විමසූ මොහොතේ කිසිදු ප්‍රශ්නයක්‌ නැතිව හොඳින් වැඩ කෙරීගෙන යන බව දැනුම් දුන් බවද ඇමැතිවරයා සඳහන් කළේය.

No comments:

Post a Comment