වළකා තිබේ නිදහස් ඉගෙනුම මෙ                                 ලෙසින්
බලකා පෙරටු කොට නිසි  නිලධරුන්                               විසින්
සලකා බැලිය යුතු ගුරුවරයෙකුගෙ                                  ඇසින්
දාස වුවත් S.B දෙන                                                  ගර්ජනය
දෝස නැතත් මතුවී ඇත                                             තර්ජනය 
රාස තවත් නොදනී පොදු                                            මහජනය
මාස දෙකත් පැනලා ගුරු                                             වර්ජනය
බජට් එකෙන් දෙන්නම් වැඩි පඩි                                      හදලා
රවටා තිබෙනවා දෙදහස් අටෙ                                          ඉදලා
තවමත් කියනවා ලස්සන බොරු                                      බැදලා
පලක් නෑ නේද මෙහෙමත් මුට                                        වැදලා
ආර්ථිකය වැටිලා ළිං                                                   අඩියකට
දුටුවෙද ගිය කලක් එක පොල්                                   ගෙඩියකට
අවුරුදු තුනක් හා ඊටත්                                              වැඩියකට
මෙච්චර කළා ඇති සොච්චම්                                       පඩියකට
එක එක ජාතියේ හොඳ පොෂ්                                   බඩු එනවා
සුදු, කලු, කන් දිග, කන් කොට                                උන් එනවා
ගමේ කොල්ලො කෙල්ලන් හට                           කෙළ වෙනවා
ආශ්චර්ය දැන්නම් ළඟ                                             ළඟ එනවා
දළ ජාතික නිෂ්පාදන අගය                                              විසින්
ඉගෙනුම සදහ වෙන් කරනා මුදල                                 ලෙසින්
දෙකයි දශම අටටත් දැන් පහළ                                    ගොසින්
සියයට 5ක් වත් දිය යුතු නේද                                     තොසින්
ගුරුවරු හොදයි අප වෙනුවෙන්                                  නැගී සිටි 
වටහා ගනී ජනයා මෙය                                              අසා සිටි
ලෝකෙට ප්ලග් කරනු වස් මේ                             කොළඹ city
එකම විසදුමද ප්‍රයිවට්                                              යුනිවර්සිටි

 
 
No comments:
Post a Comment