Monday, July 18, 2011

මැවිසුරන්ගේ කදුළු කතාව

        මැවිසුරන්ගේ කදුළු කතාව ඔබේ දැනගැනීම පිණිස මෙසේ ලියමි. මොරටුව විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ ඇති ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයයි. දැනට ඉංජිනේරු පීඨයේ අධ්‍යයන කටයුතු ඇරඹෙන තුරු  සිසුහු 3000 ක් පමණ  තවමත් බලා සිටිති. මා ඇතුළු ඉංජිනේරු පීඨයේ පළමු වසරේ සිසුන් 700 කට පමණ දෙවන අධ්‍යයන කාලච්ඡේදය  ආරම්භ වීමට තිබූ දිනය පසුවී මාස දෙකකට අධික කාලයක් ගතවී තිබුණද තවමත් ඒ ගැන සළකුණක්වත් නොමැත.අපි සරසවියට පැමිණ  හිස් දේශන ශාලා, විද්‍යාගාර දෙස බලා ආපසු අපගේ නිවහන වෙත පියනගන්නෙමු.


ඉංජිනේරු පීඨයේ සිටින්නේ අ.පො.ස උ.පෙ ගණිත අංශයෙන් ප්‍රථම ස්ථානය දිනු සිසුවා ද ඇතුළුව ප්‍රමුඛ ස්ථාන දිනු සිසුවෝය. නමුත් උ .පෙ s 3 වත් නොලබා එනම් උ .පෙ ද අසමත්ව විදේශ විශ්ව විද්‍යාලවල ඉංජිනේරු පාඨමාලා හැදෑරීමට ගිය අපේ සමකාලීනයන් මේ වනවිට ඔවුන්ගේ දෙවන වසරද අරඹා ඇත. නමුත් අපි තවමත් බලසිටින්නෙමු . වපුරාගත් කෙතේ නෙලාගත් අස්වන්න බුක්ති විදින්නට තරම්වත් අපට වරම් නැත. ඇතැමුන්ගේ නිර්වචනයට අනුව වත්මන් සරසවි සිසු ප්‍රජාව යනු දේශ ද්‍රෝහීන් පිරිසකි.  එසේ වූයේ  උසස් පෙළින් ඉහළම සාමාර්ථ ලැබූ වරදට දැයි අපට නොතේරේ.

ආචාර්යවරුන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ගයට අපි ඉඳුරාම එකග වන්නෙමු . ඔවුනගේ ඉල්ලීම සාධාරණබව ඕනෑම නොදරුවෙකුට වුවද වටහා ගැනීම අපහසු  නොවේ.සරසවියට ආ දා පටන් ඔවුහු  අපට අපේ  ම දෙගුරුන්  වූහ. නමුත් රජය ඔවුන්ගේ ඉල්ලීමට කන් දෙන බවක් පෙනෙන්නට නොමැත.
        
    ගරු උසස් අධ්‍යාපන  ඇමතිතුමනි, අප ඔබෙන් නායකත්ව පුහුණුව ඉල්ලන්නේද නැත. නොමිලේ දෙන laptop ඉල්ලන්නේද නැත. අපට අවශ්‍ය අපෙත් මතු පරපුරෙත් අධ්‍යාපනය ලැබීමේ අයිතියයි. උසස් අධ්‍යාපන ඇමතිතුමා සකල ශිල්පයටම අධිපති සරස්වතියටත් ඉහළින් වැජබේ යයි එතුමා සිතනා බව අපට හැගේ. එබැවින් මෙසේ ලියමි...........

“(ගැත්තන් ඔබට අනුකම්පා කිරීමට පළමුව) නර දේවයන් වහන්ස ගැත්තන්ට අනුකම්පා කරන සේක්වා....!!!”                                                         -එතුමාට අනුව ගැත්තෙක් -

No comments:

Post a Comment