වර්තමාන සමාජය තුළ විශ්වවිද්‍යාල සිසුවෙකු එසේත් නැතහොත් අපට ආවේණික වන පරිදි ඉංජිනේරු පීඨ ශිෂ්‍යයෙකු යනු කවුරුද යැයි විමසුවහොත් බොහෝ දෙනාගේ මුවගට නැන්වෙන්නේ රටේ අධ්‍යාපනයේ අග්‍රතම අස්වැන්න ලෙසය. එහෙත් රටේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට අපව පෙනෙන්නේ කාලකන්නින් ලෙසවීම රටේ උසස් අධ්‍යාපනයේ පරිහානියේ පෙර මන් සලකුණක් මිස අන් කවරක්ද? එබැවින් යහළු යෙහෙළියනි, කාලය එලඹ ඇත.
සිතන්න, අප කවුරුද?
ඉංජිනේරු ශිෂ්‍යයන් ලෙස අප විශ්වවිද්‍යාලයේ ගෙවූ පළමු වසර දෙස හැරී බලන්නට කලයි මේ. දිවයිනේ අභියෝගාත්මකම වූත් තරඟාකාරීම වූත් අ.පො.ස. උ.පෙළ විභාගයට පෙනී සිට ඉංජිනේරුවෙකුගේ ප්‍රථම සුදුසුකම සපුරා භෞතීය විෂය ධාරාවෙන් ඉහළම ලකුණු ලබා අපි මෙහි පැමිණියෙමු. අද වන විට අප විශ්වවිද්‍යාලය තුළ වසරක් ගෙවා සිටිමු. එම වසර අප ජීවිතයේ තීරණාත්මක අවදියක් යයි යමෙකු පවසන්නේ නම් එය ඇත්ත වශයෙන්ම සත්‍යයකි. මන්ද යත් අ.පො.ස. උසස් පෙලට ගණිත විෂය තෝරාගෙන ඉංජිනේරුවෙකු වීමේ එකල වූ සිහිනය අවබෝධාත්මක ස්වරූපයකින් අප ජීවිතයට එක් වී අති බව මනාව දන් අපට හැඟෙන බැවිනි.
අප විශ්වවිද්‍යාලය අප අතරින් නායකයින් බිහි කළේය. රඟමඩලේ රංගන ශිල්පීන් බිහිවෙද්දී විටක වේදිකාව ස්වර සංගීතයෙන් මවිත කිරීමට අපි සමත් වීමු. ලේඛකයින්, නිර්මාණකරුවන් අප අතරින් බිහි වූයේ ඉංජිනේරුවන් වන අප සියල්ලන්ටම දක්ෂයින් බව අපටම පසක් කර දෙමිනි. එපමණක් නොව අප අතර වූ අපේම සහෝදර සහෝදරියන්ගේ ක්‍රීඩා කෞශල්‍යය අප විශ්මයට පත් කලේ ඉංජිනේරු සිහිනයක් ඔවුන් තුළ නොතිබුණි නම් ඔවුන් නිසැකයෙන්ම වෘත්තීමය ක්‍රීඩකයන් වන බව විදහාපාමිනි. මේ අපගේ අධ්‍යාපන පසුබිම තුළ ගැබ්ව තිබූ ඇතැම්විට ඔබ නොදුටු චරිතයයි.
අපගේ වෘත්තීමය ක්ෂේත්‍රයේ සමාජය නොහඳුනාගත් හැකියාවනුත් මෙවැනිමද????
අප විශ්වවිද්‍යාලය තුළ අපට දැනුමෙන් අග තැන්පත් ආචාර්යවරුන් පිරිසක් අප මෙහෙය වීමට නොසිටීයේ නම් ඉහත ප්‍රශ්නයට පිළිතුරක් දීමට අප අපොහොසත් වනු නිසැකය. නමුත් මොරටුව විශ්වවිද්‍යාලය අපට විශ්ව ගම්මානයක් වෙමින් නමට පමණක් සීමා නොවූ නායකත්ව පුහුණුවක් වසරක් මුළුල්ලේ දෙමින්, ඉංජිනේරුවන් ලෙස ලොවට ගෙන යාමට එ මහා අඩිතාලම එය සතු වූ සීමිත සම්පත්වලින් සම්පූර්ණ ශක්තිය යොදවා අපට ලබාදුණි. ලැබුණු සීමිත සම්පත් මනා ලෙස හසුරුවමින් ප්‍රයෝජනයට ගැනීමට අප ආචාර්යවරු හා මහාචාර්යවරු අපව මෙහෙය වූහ.
පළමු වසරේ සිසුන් ලෙස අප මුලධර්මවලට සීමා නොවී විශිෂ්ට, කාලෝචිත වූ රටට ගැලපෙන නොයෙක් නිර්මාණ අප සිසු කණ්ඩායම් අතරින් බිහිවිණි. දැන් අපි "අප කවුරුද?" යන වග මනා ලෙස දන්නා අනාගත ඉන්ජිනේරුවන් වෙමු. ඉඳිකටුවක්වත් නිශ්පාදනය කීරීමට රටේ තාක්ෂණයක් නොමැතියයි වගකිවයුත්තන් පවසන විට ඉඳිකටුවක් පමණක් නොව අභ්‍යවකාශ යානයක් වුවද නිෂ්පාදනයට හැකියාවක් අප සතුව පවතින බව අප සමාජයට පසක් කළ යුතුය. රටේ පරිපාලනය අපට එම මාර්ගය නොසාදා අති බැවින් නව මගකට අඩිතාලම සැපයීම අප සැමගේ වගකීම වේ.
එන්න,අප හා එක්වෙන්න...! මේ බ්ලොග් පිටුව කරළියක් කරගන්න.
ඔබගේ දෙපාර්ත්මේන්තුවේ නව නිපැයුම්, ගවේශන රටට පෙන්වා රටට බලාපොරොත්තුවක් දීමට ඔබත් උත්සුක වන්න....!!
අපේ දනුම, අපේ තාක්‍ෂණය එක්වුණු විට එය අපේ දේශයේ අනාගතයයි..!!!