Sunday, July 17, 2011

පාන තියා ....

පාන තියා බුදු සාදුට හිමිදිරියේ
සැම දා සතුටින්... සරසවි ආවා
ඇක ලියවුණු පොත් ඇත දැන් වේයො කකා
අපෙ ජීවිත ගැන මැවූ හීන බොඳ වීලා...

ඉගෙන ගන්න ආස වුනත්
සරසවි බිම පහු කරලා...
යන්නේ අපි සුසුමන් දහසක් හෙළලා
අම්මා රැක ගන්න වේද කවි කියලා...

ඊළග අය වැය එන තුරු
ඉන්න වේද මෙහෙම බලා...
සරසවි යන කාටත් තිසරණ පතලා
මේන් වැන්දා විසදුම් දෙනු පින් තකලා...

1 comment:

  1. "සරසවි යන කාටත් තිසරණ පතලා
    මේන් වැන්දා විසදුම් දෙනු පින් තකලා..."

    ඔන්න මාත් ප්‍රාර්ථනා කරා.
    මෙහෙම ගියොත් අපිට වෙන්නෙ ලිපි ලිය ලිය, කවි හද හද ඉන්න තමයි...
    "අය්යෝ මාගේ යෞවන කාලේ මෙහෙමද පසුවෙන්නේ
    නැත කිසි ආලේ අඟුටු මිටියටා - ඉක්මන් විසඳුම් දෙන්"

    ReplyDelete