Showing posts with label Sri Lankan universities. Show all posts
Showing posts with label Sri Lankan universities. Show all posts

Saturday, March 3, 2012

අඛණ්ඩ වැඩ වර්ජනේ.................


ඉගෙනීම පමණක්වු අපගේ විශ්වවිද්‍යාල ජිවිතයට නිවාඩුවක් විවේකයක් යනු සිතෙහි ඇති පීඩනය නිවා ගැනීමට මහඟු අවස්ථාවකි. එහෙයින් අනධ්‍යයන සේවකයින් අඛණ්ඩ වැඩ වර්ජනයට සුදානම්වෙද්දී විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් ලෙස අපිද නිවාඩුවක් ලබා ගැනීම සඳහා සුදානම් වුනෙමු. සමහරුන් ඔවුන්ගේ ඇදුම් පොදිගසා ගම්බිම් කරා යෑමට සුදානම් විය. තවකෙක් මඟහැරුණු දේශන වල සටහන් සොයන්නට විය. තවකෙක් නිවාඩුපාඩුවේ තමන්ගේ සයනය සොයා වාර්තා කරන්නට විය. මේ සා වූ වැඩ අස්සේ අපේ බ්ලොග් එකට ලිපියක් ලිව්වා නම් හොඳයි කියා මට සිතින. ලිපිය ලියා අවසන් වනවාත් සමඟ අඛණ්ඩ වැඩ වර්ජනය දවසින් අවසන් විය. කරන්නට දෙයක් නැත. අඛණ්ඩ වැඩ වර්ජනය තවමත් අඛණ්ඩ යැයි සිතමින් මෙය කියවන්න....................................


                               මේ දවස් වල දඩෝරියා ඉන්නේ හොඳටම හන්ටර් වෙලාය. ARCHI කොල්ලො ටික නැත්නම් කෑම ටිකක් හොයා ගන්නට පාරට බහින්නට වෙනවා සිකුරුයි. බඩෙන් කාලක්වත් පිරෙන්නට ඉඳුල් නොවැටුන නිසා දවල්ට නින්ද යන්නෙත් නැති නිසා විශ්වවිද්‍යාල ආයෙ පටන් ගන්නෙ වෙනදා මෙන් කවද්ද බලන්නට දඩෝරිය නිකමට මෙන් ගොඩ කැන්ටිමෙන් පල්ලම් බැස්සේය.

මුලින්ම හම්බුනේ ගහක් යටට් වී සාන්ත දාන්ත හීතල පිපිඤ්ඤා ගෙඩියක් මෙන් නිසොල්මනේ බලාගත්ත අතේ බලාගෙන ඉන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකි. දඩෝරියා හෙමීට ඒ පැත්තට කිට්ටු කලේය.

"ලෙක්චර්ස් නැති නිසා හරි පාඩුයි නේද අයියෙ?"

"පිස්සුද ඕයි?" සිසුව නිකන් දාහට අරන් නිකම්ම දුන්න ගානට මැලවිලාය.

"එහෙනම් මෙච්චර දුකෙන් ඉන්නෙ??" දඩෝරියාටත් ඕන නැති කුනු ගොඩක් නැත.

"ලෙක්චර් තිබුනත් අපට හරියකට තේරෙන්නෑනෙ ඒ කියන මල විකර.ඒ උනත් මාසයක් ගානෙ හම්බුන 2500ත් මාස දෙකකින් හම්බුනෙ නැතුවහම අපි කොහොමද කාල ඇඳල ජීවත් වෙන්නෙ ඕයි?" කොල්ල ඉකි ගගහා අඬන්නට විය.

"මැතිතුමාට වත් කියල බැලුවෙ නැද්ද අයියෙ?

"පාහර බැල්ලිගෙ............"කොල්ලා බැන්නේ ඇමති තුමාටද ,තමාටද කියා හරි හැටි නොතේරුන නමුත් කොල්ලාට නහුටෙට තද වුන බව දැනගත් දඩෝරිය වචන පිටවෙනකොටම සතර පයට වෙර දී දුව ගොස් staff room එක පැත්තෙන් හිට ගත්තේය.

"එයාලට විතරක් පඩි වැඩි කරල හරි යනවද? අපි මේවට මොකුත් නොකරන එකමයි වැරදි.”
 "ඒකනෙ මෙයා, මම නම් කියන්නෙ එයාලට පඩි වැඩි කලොත් අපිත් ආයෙත් පටන් ගන්න ඕන ස්ට්‍රයික් එකක් හා නැද්ද?"
"ඒකනෙ, එයාලට ඔය කියන තරම් අග හිඟ නෑ අනේ.බොරුවටනේ ස්ට්‍රයික් කරන්නේ."

අන්තෝ ජටා බහී ජටා කිව්වලු. තව මාස ගානකට හරියට කෑම වේලක් ලැබෙන පාටක් පේන්නට නැති බැවින් දඩෝරියා හෙමිහිට එතනින් ලිස්සා ගියේය.

Work Shop එක පැත්තේ ලී ඉරන සද්දයක්වත් නැති බැවින් Instructorsලා Research එකක්වත් කරනවාද බලන්නට දඩෝරිය ඒ පැත්තට හොම්බ දැම්මේය.

කිරි අප්පට බල්ලො පැනපි කිව්වලු.ඒ කට්ටිය ජනෙල් දොරවල් හොඳටෝම ඇරගෙන කුනු කෙල පෙරාගෙන නිදිය.

"එපා......එපා......එපා......"බඩ තඩි කලු මිටි අන්කල් කාරයෙක් දැකපු හීනයකට හොඳටම බය වී කෑ ගහ ගෙන නැගිට්ටේ දඩෝරියා එතනින් කැපෙන්නට ඔන්න මෙන්න තියෙද්දීය.

"නරක හීනයක්වත් දැක්කද?" බල්ලෙක් වුනත් කරදරයකදී අහක බලාගෙන යාම හොඳ නැති නිසා දඩෝරියා ඇසුවේය.

"මහ භයානක එකක්. විශ්වවිද්‍යාල සේරගෙම ඉන්න ළමයි පාරට බැහැල මන්දිරේට දුවගෙන ගියා. මැතිතුමායි ඇමතිතුමායි දෙන්නවම අල්ලගෙන ගිහින් ගෝල්ෆේස් එක ගාවින් මුහුදට තල්ලු කරන්න හැදුවනෙ."

"පව් අනේ, අසරණ මහ ඇමතිතුමා. අංකල් ඒකද බය වුනේ?"

"නෑ බන්, එතකොටම මහ ඇමති තුමා කිව්වනෙ කියන ඕන දෙයක් දෙන්නම් මාව මුහුදට දාන්න එපා කියල."

අනෙක් පැත්තට හැරුනු බුවා නැවතත් ගොරවමින් නිදාගන්නට වූයෙන් දඩෝරියා පාරට බැස්සේ මැතිතුමාගේ ගෙවල් පැත්තට කිට්ටු කරන්නට හිතාගෙනය.

බරාස් ගා වැටුන බ්‍රේක් පාරක් නිසා උතුර දකුණ මාරු වූ දඩෝරියා වටපිට බැලුවේ බලු වෑන් එකවත් ආවාද කියලාය.මේ දවස්වල සීසන් එක නිසා බලු වෑන් එකක් වටේ කැරකෙන බව කිව්වේ අල්ලපු වැටේ කන් කොටා ය.මොනවා උනත් විශ්වවිද්‍යාලේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී ලොකු සර් විද්‍යාලෙ හිටි හැම බල්ලෙක්ටම පිස්සු බලු බේත් විද්දේ ගිය සතියේය.මොනවා උනත් උන්දෑ රත්තරං මනුස්සයාය.

නැවතුන ඉන්ටර්කූලර් එකේ වීදුරුව පාත් වී ලොකු සර්ගෙ පින් පාට මූන එලියට ආවේය.

“දඩෝරියා කොහෙටද යන්නේ?”

“මැතිතුමා හම්බෙන්න කියලා සර්”

“නැගපන්. නැගපන්. මාත් මේ යන්නෙ ඒ පැත්තෙ”

 “උඹ මොකද ඒ පැත්තේ යන්නේ?” ලොකු සර් ඇහුවේ මූණ දෙල් කරගෙනය.

“මේ දවස්වල කන්න බොන්න හරි හිගයි සර්.” දඩෝරියා නගුටෙන් ටයන්න ගසා ඒ මත වාඩි උණේය.

“උඹ බය වෙන්නෙපා . මැතිතුමා අලුතෙන් විශ්වවිද්‍යාල වගයක් හදන්න යනවනේ. එතුමා කිවුවා මටත් එකක් දෙන්නම් කියල. එතකොට මම උඹව එහෙට එක්කන් යන්නම්කෝ. එතකොට මේ වගේ ජරාව කන්න ඕන නෑ.”

“ඔව්  ඉතින් ඔබතුමාල මේ කන විදිහට කාගෙන ‍කාගෙන ගියොත් අපි‍ට කන්න කියල දෙයක් ඉතුරු වෙන එකක් නෑ තමා.” දඩෝරියා ඇඟට පතට නොදැනි කියා දැම්මේය.

“හැමදාම මෙහෙම ස්ට්‍රයික් කරන එකත් හරි නෑ නේද සර්.”

“මේකනෙ බං. ස්ට්‍රයික් කරනකන් විශ්වවිද්‍යාල වහල තියනවනෙ. එතකොට අපට පුලුවන්නෙ පෞද්ගලික උපාධි කඩේකට ගිහිල්ල මොනා හරි උගන්නල කීයක් හරි හොයාගන්න. අනෙක මැතිතුමාම කිවුවනෙ එහෙම කලාට වරදක් නෑ කියල”

මේ කතා අහගෙන තවදුරටත් කාර් එකේ යාම එපා වුණ දඩෝරියා කොල්ලුපිටිය හන්දියෙන් පාරට පැන්නේය.

A/C නිසා කරවුන මොළේ බුරුල් වෙන්නට හච්චිං දෙක තුනක් අරින කොටම මහඇමතිතුමා මතක් උන නිසා ‍දඩොරියා අරලිය ගහ මන්දිරේ පැත්තට හැරුණේය. ලිප්ටන් වටරවුම පැත්තේ ඉඳන් එන පෙලපාලියක හඬ ඇහුන නිසා දඩෝරියා පොඩ්ඩක් නැවතුනේය.රතුරත්න මල්ලිලා බෝඩ් කෑලි උස්සගෙන වැටවල් පෙරලගෙන කෑ ගහගෙන අරලිය ගහ මන්දිරේ පැත්තට එන්නේය.ඉස්සරහින්ම ආවේ කාස රෝගියෙක් වගේ කෙට්ටුම කෙට්ටු උසම උස පොරක්ය.

"කැම්පස් වහල තියෙන එක ගැන මොකද කියන්නෙ?"

මාධ්‍යවේදියෙක් මෑන්ව වට කරගෙන ප්‍රශ්න පිට ප්‍රශ්න ඉදිරිපත් කරති.

"මේ ඡන්දෙ දවස් ටිකේ ඕක වහල තියපු එක කොච්චර දෙයක්ද,එක ගලෙන් කුරුල්ලො දෙන්නයි!!!"

"ඒ කිව්වෙ?"

මාධ්‍යවේදීන්ගෙ කකුල් අතරින් රිංගා ගිය දඩෝරියා ඇසුවේ ඇත්තටම ඒ කතාව නොතේරුණ නිසයි.

“ අයියෝ සිම්පල්නේ. පළවෙනි එක අපට පෝස්ටර් ටික අලවගන්න අමතර වියදමක් යන එක නතර උණා. දෙක අපට මේකෙන් ඡනදෙට හොද සටන් පාඨයක් හම්බුණා.”

මෙහෙම කියපු පොර බෝඩ් ලෑල්ලක් අරගෙන ආයෙත් පිකටින් එකට සෙට් උණා.

පිකටින් එක නිසා ඉස්සරහ දොර වහල තිබුණත් කුණු කාණුවක් දිගේ බඩගාගෙන ගිහින් මහඇමති මන්දිරේ පස්ස පැත්තෙන් මතුවෙන්න දඩෝරියට පුලුවන් උණා. දඩෝරියා යනකොට මැතිතුමයි මහ ඇමතිතුමයි දෙන්නම මන්දිරේ ඉස්සරහ පඩිපෙළ උඩට වෙලා කල්පනා කරනවා.

“ආ දඩොරියා, ළමයෙක්වත් විශ්වවිද්‍යාල දාගන්නද?”

දඩෝරියා දැක්ක ගමන්ම ඇමතිතුමා සුපුරුදු පනාව දාන ගමන්ම ඇහුවා.

“යන්න තියෙනව නම් කොච්චර එකක්ද?? ඒත් ඉතින් ඕකට ගියොත් මැරෙන්න කලින් ඕකෙන් එලියට එන්න පුලුවන් වෙයිද සර්?”

විශ්වවිද්‍යාල බල්ලට ගිය බව දන්නවා උනත් ඌ නොදන්න ගානට ඇහුවා.

“ඒකත් ඇත්ත තමා. අවුරුදු 7ක් 8ක් යනකොට උඹලා මැරිලත් තියෙයි තමා” මහ ඇමතිතුමත් උගුරෙ රැල් බුරුල් ඇරියා.

“නෑ නෑ සර්... දැන් එහෙම වෙන්නෑ.. අපි ‍‍පෞද්ගලික විශ්ව විද්‍යාල ගෙනාවහම අවුරුදු 4ක උපාධිය තුනෙන් උනත් කරල එලියට ආවහැකිනෙ”

“අපේ කැම්පස් ආයෙ පටන් ගන්න එකක් නැද්ද සර්?” දඩෝරියා ප්‍රශ්නේ කෙලින්ම මහ ඇමතිතුමාට දැම්මා. ප්‍රශ්නේ ඇහුවා විතරයි එතුමා බිම පෙරලි පෙරලි අඩන්න වුණා.

“ඇයි ඕයි මටම මෙහෙම වෙන්නේ? මම අවුරුදු 5ක් යනකන් මෙන මල යකෙක්ටවත් පඩිය 5%කට වඩා වැඩි කරන්නේ නෑ කියලා අත්සන් කරලනෙ ලෝකදාන බැංකුවෙන් ණය ගත්තේ. අයියෝ ඇයි මට මෙහෙම කරන්නේ....? මම කොහොමද මුන්ට පඩි වැඩි කරන්නේ....?”

මහ ඇමති තුමා පොඩි එකෙක් වගේ අඬනවා,මැතිතුමා මහ ඇමති තුමාව අල්ලගෙන වත්තන් කරගත්තා.
"කිසි දේකට බය වෙන්න එපා,ලබන සතිය වෙනකොට 36%කින් පඩි වැඩි කරල, අපි රාජ්‍ය විශ්ව විද්‍යාල නැවත ආරම්භ කරනවා"මැතිතුමා අභීතව සිංහ නාද කලා.

“මොකක්?????????????????”

විශ්වවිද්‍යාල නැවත ආරම්භ කළත් නුදුරු අනාගතයේ නැවතත් එන අඛණ්ඩ වැඩ වර්ජනයක පෙරනිමිති දැක දඩෝරියා නිවෙස් බලා පිටත් විය.
                                                                                                            මතු සම්බන්ධයි.............
නුවන් සුරත් එදිරිසුරිය

Monday, July 18, 2011

සරසවි බිම හා සරසවි සිසුවාගේ අනාගතය!


     නූතන මානව සමාජයේ අභිවෘධිය කෙරෙහි බලපාන්නා වූ හේතු ප්‍රත්‍යක්ෂ අතර රටක තිබෙන්නාවූ සාක්ෂරතාව ඍජු බලපෑමක් සිදුකරයි. එය රටක සාමාජීය මට්ටම මෙන්ම ආර්ථික මට්ටම කෙරෙහිද ඉතා සූක්ෂම ලෙස බලපෑම් සිදුකරයි. එය රන්කිරි කට ගා ගල් ලෑල්ලේ අකුරු කොටන්නා වූ මොන්ටිසෝරි ළදරුවා සිට රටකට බුද්ධිමතුන් බිහිකරන්නාවු සරසවි බිමේ කොල්ලා කෙල්ල දක්වා යන මාර්ගයේ දිස්වන්නා වූ දර්ශනයකි. වර්තමානයේ සුභ අනාගතයක් යැයි පුරසාරම් දොඩනා රටේ ඇතැම් වගකිව යුතු පාර්ශවයන්, රටේ විශ්වවිද්‍යාලීය සිසුන් හට තිත්ත බෙහෙත් පොවා ,තිත්ත ටොපියක් බැස්සවීමට අරාදින ආකාරය මැදහත් සිතින් බලනා ඕනෑම අයෙකුට සුපැහැදිලි කරුණකි. රටක උගතුන් බිහිකරන්නා වූ කේන්ද්‍රස්ථාන අද කුඩම්මාගේ සැලකිලි ලබමින්, සරසවි අධ්‍යාපනයට අද වන විට කණ කොකා හඬා ඇත. අද වන විට දේශන ශාලා අමු සොහොන් පිට්ටනි මෙන්, පාලු අම්බලම් මෙන් ගොඩනැගිලි වලට පමණක් සීමා වී ඇත. සරසවි ඇදුරන්ගේ ශ්‍රේෂ්ඨ සේවය තඹ දොයිතුවකටවත් මායිම් නොකරන දේශපාලකයෝ බඩගෝස්තරවාදය ‍රැකගනු පිණිස අද වනවිට රටේ සරසවි අධ්‍යාපනය බිල්ලට දීමට සැරසී සිටිති. රටේ උගතුන් බිහිකරන්නා වූ උගතුන් හට සිදුකරන්නා වූ සමාජ අසාධාරණය,රටේ අනාගතයක් භාරව සිටින මුළු මහත් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් අපි දැඩිලෙස හෙළා දකින්නෙමු.

අද වන විට සරසවි ගුරුන්හට ලැබෙන්නාවූ වැ‍ටුප ලෝකයේ අන්කිසිම රටකටත් වඩා පහළ මට්ටමක පවතී. අධ්‍යාපන මට්ටමට අනුව රටක ඉහළම වැ‍ටුප් දැරියයුතු පිරිස අතර ඔවුනට ලැබී ඇති ස්ථානය කුමක්ද?

මෙහි සියලුම වගකීම් දැරිය යුත්තේ රටක් පාලනය කරනා රජය විසින්ය. කොටින්ම කිවහොත් උසස් අධ්‍යාපන අමාත්‍යංශය භාර අමාත්‍යවරයාය. කණගා‍ටුවට කරුණක් නම් පසුගිය වසර දෙක තුළදී අධ්‍යාපනය සඳහා දළ ජාතික නිෂ්පාදනයෙන් වෙන් කළ අගය 2.8% වන අතර, එයින් උසස් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කර ඇති ප්‍රමාණය 0.5% පමණ අඩු අගයක් වීමයි. එය අනෙකුත් රටවල් හා සංසන්දනයේදී ඉතා අඩු අගයකි. උදාහරණයක් ලෙස සාක්ෂරතාව අප රටට වඩා පහළ මට්ටමක ඇති මොන්ගෝලියාව 9% ක්ද,කියුබාව 18.7% ක්ද,යේමනය 9.5% ක්ද, මැලේසියාව 8.1% ක්ද ඔවුන්ගේ දළ ජාතික නිෂ්පාදනයෙන් අධ්‍යාපනය සඳහා වෙන්කර ඇත. 2008 වසරේ සංඛ්‍යා ලේඛන වලට අනුව උසස් අධ්‍යාපනය සඳහා වැය කර ඇත්තේ 0.31% කි. එම වසර රටේ පැවති වාතාවරණය අනුව යුද්ධය මත එම වරද පැටවිය හැකිය. එය මුළු මහත් ජාතියක් වෙනුවෙන් අපිඑකාවන්ව ඉවසා දරා සිටියෙමු. එයට සරසවි ඇදුරන්ගේද නොමද සහය ලැබිණ. මක්නිසාදයත් ඔවුන් විසින් එම අවස්ථාවේදී තමාට ලැබෙන්නාවූ මාසික වේතනය වෙත බලා ලද දෙයින් සතු‍ටු වී යුධ ජයග්‍රහයනයට දැක්වූ නොමද සහය නිසාවෙනි.

සුබ අනාගතයක් පෙර‍ටුකොට ගනිමින් පසුගිය දෙවසර තුළදී මහින්ද චින්තනය යටතේ ශ්‍රී ලංකාවේ හතර දිග් බාගයේ ඉදිකෙරුනු සමහර ඉදිකිරීම් සලකා බැලීමේදී රටට සිදුකළ ලාභය කුමක්ද යන්න විවාදයට බඳුන් කළ යුතු කරුණකි. මෙම වසරේදී අප රට ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ සත්කාරක රටක් ලෙස කටයුතු කිරීමට හැකිවීම සතුට දනවන කරුණකි. කණගා‍ටුවට ඇති කරුණ නම් මෙයින් ඇතිවූ ලාභය කුමක්ද යන්නයි. අද වනවිට ක්‍රිකට් පරිපාලන කමි‍ටුව පත් වී ඇති මුල්‍යමය වංචා හා තරඟ ප්‍රවේශපත්‍ර වලින් ඇතිවූ පාඩුව නම් සුලුප‍ටු නොවේ. මෙතරම් ධනස්කන්ධයක් නාස්තිකිරීම රටක ඉදිරි අනාගතයට මරු පහරකි. තවද ලෝකයේ ලොකුම පිටිය යැයි පවසමින් සිදු කළා වූ ඉදිකිරීම කෙතරම් මහජන මුදල් විනාශ කිරීමක්ද? මෙහි වරද ඇත්තේ පිටිය තැනීම නොව, පමණට වඩා ඔද තෙද පෙන්වීමට යාමය. එම පිටියේ තරඟ නැරඹීමට අපිද ගියෙමු. එහි වපසරිය කෙසේද යත්, පන්දුව නැරඹීමට දුර දක්නයක් සෑම ප්‍රේක්ෂකයකු හටම ලබාදිය යුතුය. සියලුම ප්‍රේක්ෂකයන්ට පන්දුව දැක බලාගැනීමට නොහැකි ක්‍රිඩා පිටියකින් ඇති ඵලය කුමක්ද? මෙවැනි කිසිම හරයක් නොමැති ක්‍රියාවන් සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම කෙතරම් අනුවණ ක්‍රියාවක් ද? මෙවැනි නාස්ති කර දමනා මුදලින් සරසවි ගුරු වැ‍ටුප් අර්බුදය විසඳා රටේ බුද්ධිමතුන් හට නිදහස් අධ්‍යාපනයේ පහස හරියාකාරව විඳීමට අවස්ථාව සලසා දිය හැකි නොවන්නේද ?

උසස් අධ්‍යාපන අමාත්‍යවරයා එම වැ‍ටුප් වැඩිකිරීමට නොහැකි බවත්,එසේ වැඩි කළහොත් රටේ අනෙකුත් පාර්ශවයන්ගේද වැ‍ටුප් වැඩි කළයුතුබවත්, තවද ඔවුන්ගේ වැ‍ටුප් වැඩිකිරීම අසාධාරණ බවත් සමාජගත කිරීමට තැත් දරයි. අවධාරණයෙන් කිව යුතු කරුණනම් ඔවුන් ඉල්ලා සිටින්නේ වැ‍ටුප නොව උසස් අධ්‍යාපනයට හිමි නිසි ගෞරවයයි. වැටුප් ගෙවීමට නොහැකියැයි කන් කෙඳිරි ගානා ආණ්ඩුව රටේ මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් විනාශ කළ, විනාශකරන ආකාරය කෙතරම් අමානුෂික නොවේද? පසුගියදා ආණ්ඩුව විසින් ඇමරිකාවෙන් ගෙන්වන ලද අති සුඛෝපබෝගී ලිමොසින් රථ තුන සඳහා වැය කළ මුදල මිලියන 2100කි. තවද අයිෆා උළෙල සඳහා විනාශ කළ මුදල මිලියන 100කි. නායකත්ව පුහුණුව සඳහා වැය කළ මුදල මිලියන 900කි. තත්වය මෙසේ තිබියදී රාජ්‍ය භාණ්ඩාගාරයේ මුදල් නැතිබව ප්‍රකාශ කරමින් සිදුකරනා ප්‍රෝඩාකාරී දෙබිඩි ප්‍රතිපත්තීන් ඇත්තෙන්ම පිළිකුල් සහගතය. ආණ්ඩුව විසින් විනාශ කළා වූ මේ විශාල ධනස්කන්ධය ආචාර්ය වැ‍ටුප් වැඩි කිරීමට යෙදවූයේ නම් , වර්තමානයේ සරසවි සිසුන්හට මෙවැනි දුක්ඛිත තත්වයක් උදා නොවෙනු ඇත.

අවසාන වශයෙන් සටහන් කළ යුතු දෙයක් ඇත. රටේ සිටිනා බුද්ධිමය ප්‍රජාවහට රජය විසින් සිදුකරනා සැලකීම ඉතා පහත් ගණයේය.ආචාර්යවරයෙකු යනු රටකට සිටිනා බුද්ධිමය දේපළකි. ඔවුන් ‍රැකගැනීම මුලු මහත් ශ්‍රි ලාංකික ජාතියක් වෙනුවෙන් සිදුකරනා මහඟු සේවයකි. පරදේසක්කාර සල්ලි කොළ සුවඳට ලොල් වෙමින් ජාතිය පාවාදෙන ඇතැම් දේශපාලුවන් හා ඔවුන්ගේ හෙන්චයියන් රටේ ජාතික ධනය සූරාකනවිට, රටේ නොදියුණුභාවය තව තවත් ඉස්මතුවේ. මේ අනුව ඉමහත් බලාපොරොත්තුවෙන් සරසවි බිමට පා තබනා, අසරණ දෙමාපියන්ගේ දරුවන්හට සිදුවන්නාවූ අසාධාරණය මෙපමණයි කියා කිව නොහැක. 


අවසානයේ ඔවුනට සිදුවන්නේ හැමදාමත් පාරක්,වටරවුමක් අසල බෝඩ් කෑලි ඔසවමින් උද්ඝෝෂණය කිරීම පමණි. දැන් මෙය වෙනස් කිරීමට කාලය පැමිණ ඇත.

සරසවි සිසුවනි,

ඔබගේ ජවය පෙන්වීමට ඇති හොඳම කාලය එළඹ ඇත.

අපි එක්වෙමු.

සරසවි නිදහස රැකගමු!!!!

බුද්ධිමතුන් වළපල්ලට යවන සරසවි අර්බුදය...

2010 ජුනි මස 29 වැනිදා

මගේ මතකයේ රැඳුණු දවසකි.එදා නවක සිසුන් ලෙස අප විශ්වවිද්‍යාල බිමට පා තැබුවේ බලාපොරොත්තු රැසක් සමඟිනි. එදා සිට වසරක්ම ගෙවී ගොස් අවසන්ය.එහෙත් අප සිටි තැනමය.වසරකට අධ්‍යන වාර දෙකක් නියමිතව තිබුණත් තවමත් අවසන් වූයේ එක් අධ්‍යන වාරයක් පමණි. දෙවැන්න ආරම්භ වූයේ වත් නැත. රටේ බුද්ධිමත් තරුණ පරපුර නොසලකා හැරීමේ පාලකයන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන්නේ එසේ ය.සරසවි ආචාර්යවරුන්ගේ වැටුප් අර්බුදය ආණ්ඩුවේ න්‍යාය පත්‍රවලට තවමත් ඇතුළත්ව නැත.ඔවුන් මේ සම්බන්ධයෙන් නෑසුණු කන් ඇතිව සිටිති.

විශ්වවිද්‍යාල යනු රටක බුද්ධිය ඒකරාශී වන අධ්‍යාපන මධ්‍යස්ථානයකි.විශ්වවිද්‍යාල ආචාර්යවරු යනු එහි දැනුමේ කේන්ද්‍රයයි.රටේ ඉහළම බුද්ධිමතුන් නිපදවෙන්නේ ඔවුන් අතිනි.රටේ ඉහළම පිළිගැනීම හිමි විය යුත්තේ ඔවුනටය.විශ්වවිද්‍යාල ආචාර්යවරු ඉහළ වැටුප් ඉල්ලන්නේ මුදලට ඇති කෑදරකම නිසා නොවේ. ඔවුන්ට එය හිමි විය යුතු බැවිනි.පාලකයින්ට කඩේ යාම එකම සුදුසුකම වූ ඇතැම් සංස්ථා සභාපතිවරුන් ලක්ෂ ගණන් වැටුප් ලබා ගනිද්දී අධ්‍යාපනය වෙනුවෙන් ජීවිතයම කැප කළ මොවුන්ට ලැබෙන්නේ හිඟන වැටුපකි. ආචාර්යවරුන්ගේ වැටුප් අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවේ.

2008 වර්ෂයේ දී වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසම අනුමත කළ වැටුප් යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම ඔවුනගේ ඉල්ලීමයි.ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් තලයට විශ්වවිද්‍යාල ආචාර්ය වැටුප් සමපාත කිරීම මෙහි අරමුණයි.සාමාන්‍ය උපාධිධාරියකු මහ බැංකුවේ දී බැංකු සහකරුවෙකු ලෙස රු.58,000 ක වැටුපක් ලබද්දී පළමු පන්තියේ සාමාර්ථ සහිත,වසර ගණනාවක පළපුරුද්දක් ඇති ජ්‍යෙෂ්ඨම මහාචාර්යවරයෙකුට ලැබෙන්නේ රු 57,755 ක වැටුපකි.

ලෝකයේ අනෙක් රටවල් සමඟ සංසන්දනය කළ විට ද ශ්‍රී ලංකාවේ පවතින්නේ පහළ වැටුප් තලයකි. විශේෂයෙන්ම දකුණු ආසියාවේ ඉතා පහළ ආදායම් සහිත රටවල් පවා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ඉහළ වැටුප් ගෙවනු ලබයි.රටේ ඒක පුද්ගල ආදායම හා සසඳන විට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ඉහළ වැටුප් ගෙවීමට එම රටවල් කටයුතු කරයි.උදාහරණයක් ලෙස ඉන්දියාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකුගේ වැටුප එරට ඒක පුද්ගල ආදායම මෙන් තුන්ගුණයකි.එහෙත් එය ශ්‍රී ලංකාවේදී තුනෙන් එකකට සීමා වී ඇත. ඉන්දියාවේ පවතින වැටුප් අනුපාතය පවත්වා ගන්නේ නම් මෙරට විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකුගේ වැටුප ඇ.ඩො.6000ක් පමණ විය යුතුය.එය ලංකා මුදලින් ලක්ෂ 7කට ආසන්න වේ.එහෙත් විශ්ව විද්‍යාල ආචාර්යවරු එපමණ වැටුප් ඉල්ලන්නේ නැත.ඔවුන් ඉල්ලන්නේ 2008 රාජ්‍ය සේවක කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පමණි.

ඇමතිවරයා කියන පරිදි විශ්වවිද්‍යාල කිසි වැඩක් නැති සුදු අලි නොවේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ අඩු ප්‍රමිතිය පරීක්ෂා කර එය නිවැරදි කළේ මොරටුව විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවයි. ලංකාවේ අදටත් බොහෝ පර්යේෂණ කටයුතු සිදු කෙරෙන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල තුළය.එසේ නොමැතිව නිකම් හිඳිමින් පඩි ගන්නා ඇතැම් සංස්ථා සභාපතිවරුන්ගේ වායුසමනය කළ කාමර තුළ හෝ ආණ්ඩුවේ ව්‍යාපෘති වලින් කොමිස් ගසා පෝසත් වන ඇතැම් කොන්ත්‍රාත්කාරයන්ගේ නිවෙස් තුළ නොවේ.විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම් සාධාරණ යැයි අප කියන්නේ එබැවිනි.

2008 මාර්තු මාසයේ දී මුලින්ම මෙම වැටුප් ප්‍රශ්නය පැන නැඟුණි.ඉල්ලීම් 14ක් මුල් කර ගනිමින් සිදු වූ තීරණාත්මක සාකච්ඡාවකින් පසු මාස තුනක් ඇතුළත වැටුප් ප්‍රශ්න විසඳීමට රජය එකඟ විය. 2008 අගෝස්තු මාසයේ දී නැවතත් ඉල්ලීම් ඉටු නොවූ නිසා ගැටළු ඇති විය.පොරොන්දු රාශියක් ලබා දීමෙන් නැවතත් අරගලය යටපත් කිරීමට තකතීරු පාලකයෝ සමත් වූහ.වසර දෙකක්ම විසඳීමක් නැති වැටුප් ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට 2010 වසරේ දී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය තීරණය කළේය.එවරද ඔවුනට බොරු පොරොන්දු වලින් සෑහීමකට පත් වීමට සිදු විය. 2010 වර්ෂයේ අයවැයෙන් සියළු ගැටළු විසඳන බව රජයේ පොරොන්දුව විය.අයවැය ආවේය. පොරොන්දු ඉටු නොවිණි. මේ වසරේ මැයි මස දී ස්වේඡ්චා තනතුරු වලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට ආචාර්ය සංගමය එළැඹියේ අවසන් විසඳුමක් බලාපොරොත්තුවෙනි. එහෙත් කුහක ඇමතිවරයා ජනතාව මුළා කරමින් කියා සිටියේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් අසාධාරණ පඩි වැඩි වීමක් ඉල්ලන බවය. පඩි වැඩි කිරීමට රජයට මුදල් නොමැති බව ඔවුන්ගේ තර්කය විය. ගත වූයේ සති දෙකකි. සංස්ථා, මණ්ඩල ප්‍රධානීන්ගේ වැටුප් 50% කින් ඉහළ දැමුණි. ඒ සඳහා මුදල්, ඇමතිවරුන් ගෙදරින් ගෙනෙන්නට ඇතැයි අපි නොසිතමු.මේ අරගලය ආරම්භ වූ දා පටන් ඇමතිවරයා හා ආණ්ඩුව සිදු කළේ ආචාර්ය සංගමයට අවලාද නැඟීමය.මේ සඳහා විසඳුමක් ලබා දී නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කිරීමට ඔවුන්ට කිසිම අදහසක් නැත.මෙය අවසන් කිරීමට කාලය එළැඹ ඇත.මෙම අර්බුදය නිසා පීඩා විඳින්නේ අපේ රටේ සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය වන රටේ බුද්ධිමත් තරුණ පරම්පරාවයි.ශ්‍රී ලංකාව ලොව දියුණු රටක් බවට පත් කිරීමට නම් බුද්ධිමතුන්ට වැදගත් තැනක් හිමි විය යුතුමය. සිංගප්පූරුව, මැලේසියාව, චීනය වැනි රටවල් අද ලොව දියුණු රටවල් හා කරට කර තරඟ වදින්නේ ඔවුන් බුද්ධිමතුන් හෑල්ලු නොකල නිසා ය. වැඩිකල් නොගොස් මැටි සහිත මොළ ඇති ඇමතිවරුන්ට මොළේ පෑදී රට දිනවන රටේ බුද්ධිමත් පරපුරට කරන කෙණෙහිලිකම් නවතා සරසවි ආචාර්යවරුන්ගේ වැටුප් අර්බුදය විසඳනු ඇතියි අපි අපේක්ෂා කරමු.



Thursday, July 14, 2011

University System

                                
                     Free education has been a corner stone of our academic tradition since the late Hon. Dr. C.W.W. Kannangara initiated the scheme in 1942. That tradition has since produced innumerable professionals, scientists, industrialists, artists and academics, who have all contributed to the rich fabric of the Sri Lankan intellectual spirit. It is notable that if not for the heritage of the free education system, tertiary education would have been out of reach for most of these individuals. Thus it is no surprise that Sri Lanka, even though still a developing nation, is home to a disproportionate amount of highly educated people. However, now this fine tradition is under siege. 

                        For any nation its universities are of great value. They are the centers of learning and knowledge. They are the place where what is not known is discovered and what is known is passed along to the next generation. However in this country the university system has been stagnant, with little progress, for a considerable duration of time.  The causes for this predicament are many, but primarily it has been the lack of both funding and interest from successive regimes.

                       According to one method of university ranking the highest ranked academic institution in Sri Lanka is ranked at 2288th (University of Colombo). This is appalling for a country that produces so many first-rate academics. We are ranked so low not because our lecturers are bad at teaching, not because our students are bad at learning and certainly not because of any lack of interest or effort from the academic community. It is again primarily the lack of funding that hinders us.

                         Because we lack the proper infrastructure and other facilities, which are necessary for the functioning of a modern university, we lack the capability to produce citable research. Even with great enthusiasm from both students and academics nothing of great importance can be achieved without the rudimentary technological provisions. For this very same reason some of the things taught in our universities are extremely dated and are not applicable in the international level. Thus unsurprisingly the academic output of our universities is considerably lower than the academic output of a higher ranked university with other comparable parameters.

                               Even though Sri Lankan universities produces a large number of first and second-upper class degree holders each year, only a handful of these individuals will even consider a career in Sri Lankan academia. Most will opt to join industry or leave the country altogether. This happens not because these people are unpatriotic. The cause for this trend is simply the deficiency of well paying and satisfying positions in universities. Even the few talented individuals who choose to stay and work for the student population are not compensated adequately for their effort and qualifications. 

                           If this trend continues the value of our education will surely plummet to new lows. Even as we debate emerging nations such as Bangladesh are overtaking us in academic quality. This would be a disgraceful doom for a nation which has prided itself in the quality of its education. 

                              Free education is one of the redeeming qualities of our nations. However if we are to save that tradition remedial action must be swift and efficient. The necessary remedy is clear and well defined. The university system needs an overhaul as fast as possible. This must be a mega-project more important to the future of this nation than building roads, harbors or air ports.