ප්‍රතිඵල ඇයිද මෙච්චර කල් පමා උනේ
අද දෙනවා හෙට දෙනවා කියල අනේ
දෙනවා කියල පැය ගාණක් පමා උනේ
දුන් ප්‍රතිඵලත් මේ මොනවද අවුලක්නේ
එකෙක් කියයි උඹට වඩා මම දක්ෂයි
rank එකෙන් කිව්වානම් ඒක සැකයි
ඒ නම් මදැයි තව දේවල් සිද්ධ උනයි
කලා කරපු උන් ගණිතෙත් පාස් උනයි
කාටත් සැකයි දැන්නම් මේ ප්‍රතිඵලය
සැවොම කියයි වරදිලු දිස්ත්‍රික් අගය
කාටත් හොරා නැතුවම කිසි කලබලය
ජාලෙන් යළිත් මතුවුනි නව ප්‍රතිඵලය
දෙවන වරත් දුන් ප්‍රතිඵල නිම වුයේ
තව එක් බසක ප්‍රතිඵල නෑ හමු වුයේ
පේපර් බලන්නට යැව්වද රුසියාවේ
එහෙ කොම්පියුටරෙත් කැඩිලද වගේ අපේ පායේ
කොහොමද එකතු කලෙ දෙරණින් ප්‍රශ්න කලා
කැරකුනි කොමා 360 කුත් එකක් කලා
පත් අට එකට සිඳ අරගෙන මෙව්වා කලා
ඇයි වැරදිද මම ඒ දෙක එකතු කලා
ප්‍රතිඵල අවුල දැන අප මහ රජාණෝ
දැමු කොමිසමේ උප කුලපති තුමාණෝ
විමසා බලා වූ සැම කාරණාවෝ
කොම්පියුටරේ වරදකි කිසි සැකක් NO
උප කුලපති පත් කළේ සිසු ඡන්දෙන්ද
ඔහු පත්කළේ ජනපති බව දන්නැද්ද
එහෙව් කොමිසමක විනිවිද බව නැද්ද
ඇහුවේ පේන හොරාගේ අම්මාගෙන්ද
මට බැරි දේ වයිමට කළ හැකි උනිද
එහෙව් මෙමට ගණ දෙවියොත් කජ්ජක්ද
ප්‍රතිඵල ගැන සිසු පැමිණිලි නැගුනාද
කියයි බන්දු මැති සබේ දාගෙන සද්ද
කිවත් ඇමති ප්‍රතිඵල හරි දැකුම්කලු
මානව හිමිකමේ පෙත්සම් ගොඩ වේලු
මෙවන් බසට ගැමි වහරේ කිව්වාලු
මුව නරි වදන් රෙදි පල්ලෙන් බේරේලු
ජීවන මීගහගේ
6 කණ්ඩායම - ඉංජිනේරු පීඨය