Showing posts with label විශ්වවිද්‍යාල. Show all posts
Showing posts with label විශ්වවිද්‍යාල. Show all posts

Friday, July 29, 2011

අපි කවුරුන්ද?


වර්තමාන සමාජය තු විශ්වවිද්‍යාල සිසුවෙකු එසේත් නැතහොත් අපට ආවේණි වන පරිදි ඉංජිනේරු පීඨ ශිෂ්‍යයෙකු  යනු කවුරුද යැයි විමසුවහොත් බොහෝ දෙනාගේ මුවගට නැන්වෙන්නේ රටේ අධ්‍යාපනයේ අග්‍රතම අස්වැන්න ලෙසය. එහෙත් රටේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට අපව පෙනෙන්නේ කාලකන්නින් ලෙසවීම රටේ උසස් අධ්‍යාපනයේ පරිහානියේ  පෙර මන් සලකුණක් මිස අන් කවරක්ද? එබැවින් යහළු යෙහෙළියනි, කාලය එලඹ ඇත.

සිතන්න,
අප කවුරුද?

ඉංජිනේරු ශිෂ්‍යයන් ලෙස අප විශ්වවිද්‍යාලයේ ගෙවූ මු වසර දෙස හැරී බලන්නට කලයි මේ. දිවයිනේ අභියෝගාත්මකම වූත් තරඟාකාරීම වූත් .පො.. .පෙ විභාගයට පෙනී සිට ඉංජිනේරුවෙකුගේ ප්‍රථම සුදුසුකම සපුරා භෞතීය විෂය ධාරාවෙන් ඉහළම ලකුණු ලබා අපි මෙහි පැමිණියෙමුඅද වන විට අප විශ්වවිද්‍යාල තු වසරක් ගෙවා සිටිමු. එම වසර අප ජීවිතයේ තීරණාත්මක අවදියක් යයි යමෙකු පවසන්නේ නම් එය ඇත්ත වශයෙන්ම සත්‍යයකි. මන්ද යත් .පො.. උසස් පෙලට ගණිත විෂය තෝරාගෙන ඉංජිනේරුවෙකු වීමේ එකල වූ සිහිනය අවබෝධාත්මක ස්වරූපයකින් අප ජීවිතයට එක් වී අති බව මනාව දන් අපට හැඟෙන බැවිනි.

අප විශ්වවිද්‍යාල අප අතරින් නායකයින් බිහි ළේ. රඟමඩලේ රංගන ශිල්පීන් බිහිවෙද්දී විටක වේදිකාව ස්වර සංගීතයෙන්  මවිත කිරීමට අපි සමත් වීමුලේඛකයින්, නිර්මාණකරුවන් අප අතරින් බිහි වූයේ ඉංජිනේරුවන් වන අප සියල්ලන්ටම දක්ෂයින් බව අපටම පසක් කර දෙමිනි. එපමණක් නොව අප අතර වූ අපේම සහෝදර සහෝදරියන්ගේ ක්‍රීඩා කෞශල්‍යය අප විශ්මයට පත් කලේ ඉංජිනේරු සිහිනයක් ඔවුන් තු නොතිබුණි නම් ඔවුන් නිසැකයෙන්ම වෘත්තීමය ක්‍රීඩකයන් වන බව විදහාපාමිනි. මේ අපගේ අධ්‍යාපන පසුබිම තු ගැබ්ව තිබූ ඇතැම්විට ඔබ නොදුටු චරිතයි

අපගේ වෘත්තීමය ක්ෂේත්‍රයේ සමාජය නොහඳුනාගත් හැකියාවනුත් මෙවැනිමද????

අප විශ්වවිද්‍යාල තුළ අපට දැනුමෙන් අග තැන්පත් ආචාර්යවරුන් පිරිසක් අප මෙහෙය වීමට නොසිටීයේ නම් ඉහත ප්‍රශ්නයට පිළිතුරක් දීමට අප අපොහොසත් වනු නිසැකය. නමුත්  මොරටුව විශ්වවිද්‍යාල අපට විශ්ව ගම්මානයක් වෙමින් නමට පමණක් සීමා නොවූ නායකත්ව පුහුණුවක් වසරක් මුළුල්ලේ දෙමින්, ඉංජිනේරුවන් ලෙස ලොවට ගෙන යාමට එ මහා   අඩිතාලම එය සතු වූ සීමිත සම්පත්වලින් සම්පූර්ණ ශක්තිය යොදවා අපට ලබාදුණි. ලැබුණු සීමිත සම්පත් මනා ලෙස හසුරුවමින් ප්‍රයෝජනයට ගැනීමට අප ආචාර්යවරු හා මහාචාර්යවරු අපව මෙහෙය වූහ

මු වසරේ සිසුන් ලෙස අප මුලධර්මවලට සීමා නොවී  විශිෂ්ට, කාලෝචිත වූ රටට ගැලපෙන නොයෙක් නිර්මාණ අප සිසු කණ්ඩායම් අතරින් බිහිවිණි. දැන් පි "අප කවුරුද?" යන වග මනා ලෙස දන්නා අනාගත ඉන්ජිනේරුවන් වෙමු. ඉඳිකටුවක්වත් නිශ්පාදනය කීරීමට රටේ තාක්ෂණයක් නොමැතියයි වගකිවයුත්තන් පවසන විට ඉඳිකටුවක් පමණක් නොව අභ්‍යවකාශ යානයක් වුවද නිෂ්පාදනයට හැකියාවක් අප සතුව පවතින බව අප සමාජයට පසක් කළ යුතුය. රටේ පරිපාලනය අපට එම මාර්ගය නොසාදා අති බැවින් නව මගකට අඩිතාලම සැපයීම අප සැමගේ වගකීම වේ.

එන්න,අප  හා එක්වෙන්න...! මේ බ්ලොග් පිටුව කරළියක් කරගන්න.

ඔබගේ දෙපාර්ත්මේන්තුවේ නව නිපැයුම්, ගවේශන රටට පෙන්වා රටට බලාපොරොත්තුවක් දීමට ඔබත් උත්සුක වන්න....!!

අපේ දනුම, අපේ තාක්‍ෂණය එක්වුණු විට එය අපේ දේශයේ අනාගතයයි..!!!
                                                                                                                                                      -පළමු වසර සිසුවෙක් -

Tuesday, July 26, 2011

සරසවි අර්බුදය, දෙබිඩි පිළිවෙත හා සංස්කෘතිය

               

           මෙම ලිපිය පළවෙන මොහොත වන විට ආචාර්යවරුන් වැටුප් අර්බුදය උදෙසා ගෙන ගිය වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් වී ඇතත් අප අමතක නොකළ යුත්තේ මෙයින් අප හමුවේ තිබු  සියළු ප්‍රශ්න නිරාකරණය නොවූ බවයි. ආචාර්යවරුන්ගේ වැටුප් වැඩිවුවත්(පොරොන්දුවකි) රාජ්‍ය විශ්වවිද්‍යාල කප්පාදුව හා පුද්ගලික  විශ්වවිද්‍යාල පිහිටවීම, දේශීය සිසුන් කප්පාදුව වැනි ගැටළු සඳහා විසදුම් නොමැති බව අප සිහිතබා ගත යුතුයි. ආචාර්යවරුන් එසේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් මඟින් තම ප්‍රශ්නයට විසඳුම් ලබා ගත්තත් සරසවි සිසුන් ලෙස අප, අප හමුවේ තිබෙන්නාවූ ඉහත ප්‍රශ්න (කිහිපයකි)වලට පිළිතුරු සොයා ගන්නේ කෙසේද? අවසන් වූ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුකොටගෙන මාස දෙකකට වැඩි කාලයක් අප අධ්‍යන කටයුතු නොමැතිව කාලකන්නින් වූ බව අමතක කළ යුතු නැත. ආචාර්යවරුන් ගෙන ගිය වෘත්තීය ක්‍රියාමාර්ගය අසාධාරණ බව මම මෙයින් කිසිසේත් අදහස් නොකරමි. නමුත් වෘත්තීය ක්‍රියාමාර්ගයේදී වැටුප් වැඩිවීමට අමතරව ඔවුන් ඉදිරිපත් කළ අනෙකුත්  ඉල්ලීම් වෙනුවෙන් ඔවුන් තවදුරටත් හඬ නගාවිද? දල දේශීය නිෂ්පාදනයෙන්  6 %ක් උසස් අධ්‍යාපනයට වෙන් කිරීම හා රාජ්‍ය විශ්වවිද්‍යාලව සුරැකීමට ඔවුන් කළ ඉල්ලීම් හා යෝජනා හුදෙක් ඔවුන්ගේ වැටුප් අරගලයට සමාජ සාධාරණත්වයක්  ලබා ගනීමටම පමණක්ද යන්න පිළිබඳව අප අවබෝධයෙන් සිටිය යුතුයි.මන්ද යත් උක්ත ගැටළු වලින් වඩාත් බැටකන්නේ ආචාර්යවරුන් නොව ශිෂ්‍යයින්ය. එසේ නම්  ශිෂ්‍යයින් ලෙස අපට පවත්නා ගැටළු වෙනුවෙන් හඬ නැගීම සඳහා ශිෂ්‍ය ප්‍රජාවේ සක්‍රීයව දායකත්වය ලබා දිය යුතු කාලය එළඹ තිබේ.

        ශිෂ්‍ය අයිතීන් කඩවීම පිළිබඳව, ශිෂ්‍ය අයිතීන් යනු මොනවාද, කොතනදීද කඩවුණේ යන්න පිළිබඳ මනා හා යාවත්කාලීන වූ  අවබෝධයක් විශ්වවිද්‍යාල ශිෂ්‍යයා තුළ ඇති කළ ගත යුතුය. අතිශය සුළු  සිසුන් කොටසක්  සිතන්නේ ඔවුන් විශ්වවිද්‍යාල ගත වන්නේ උපාධිය ලබා දෙමව්පියන්ගේ සිහින සබැකිරිමට පමණක් හා රට හැදීමට නොවන බවය.නමුත් උපාධිය ලබා ගැනීමට අපහසු වන තරමටම අධ්‍යාපනය කප්පාදු වී ඇති බව ඔවුන්ට නොතේරීම තිස් තුන් කෝටියක්‌ දෙවිවරුන්ගෙන් කාට නම් කියම්ද? එම නිසා මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල කතිකාවතක් බිහි කිරීමට‍ උත්සාහ කිරීම තතු දත් සැමගේ යුතුකම වේ.

                                                                          සංවාදයට විවෘතයි.

Sunday, July 24, 2011

අපායේ සිට යම රජතුමා ලියයි

           පොඩි එකෙක් මොන්ටිසෝරි යන වයසට ආ පසු ආච්චිලා සියලා උන්ට එක එක කතා කියා දෙති. පව් කරන නරක ළමයි අපායේ යනවලු. එහෙ ගිහාම යම රජ්ජුරුවෝ දස වධ දෙනවලු. එය හරි වසයිලු. මොන පට්ටපල් බොරුද? දැන් අපාය තරම් සුන්දර තැනක් තවත් නැති තරම්. ඉස්සර නම් කොල්ලෝ හිතුවේ කෙල්ලන්ගේ අතින් අල්ලගෙන කැම්පස් වන්දනාවේ යන්න ඇත්නම් කියාය. දැන් මෙවන් පුහු මතවාද සංශෝධනය විය යුතු කාලය එළැඹ තිබේ. මන්ද ඊළඟ අවූරුද්දේ රාජ්‍ය විශ්වවිද්‍යාල වල කට්ඕෆ් මාර්ක් එකට වඩා අපායට ඇතුල්වීමේ  කට්ඕෆ් මාර්ක් එක වැඩිවන බැවිනි.

         මේ තත්වය පිළිබඳ මඳක් සොයා බැලීමට නර ලෝකයට ආවේ සිතකින් නොවේ. වරදීමකින්දෝ මා මතුවූයේ කැම්පස් එකේ කැන්ටිමේ කුස්සිය පැත්තෙනි. එහිදී දුටු දර්ශනයෙන් මාගේ සිතේ ඇතිවූ පහන් හැඟීම කෙසේද යත් යළි පොළොව පලාගෙන අපායටම යන්නට සිතිණි. මඳක් ඉදිරියට යන විට කැන්ටිමේ සේවකයෙක් පිඟන්වලට බත් බෙදමින් සිටියේය. ව්‍යංජන බෙදීමට මේස හැන්දක් නොමැතිව තේ හැන්දකින්එම කාර්යය ඉටු කරනු දැක සිතේ බලවත් සංවේගයක් ඇති විය.

          රස ගුණ කෙසේදැයි බැලීමට බත් කටක් කෑමට මට සිත්විය. ලුණු නම් ගාණට තිබේ. කොකියාගේ දහඩිය මහන්සියේත් ලුණු ඇති බව මට සිහිවුයේ එවිටය. වහාම කක්කුස්සිය වෙත යාමට අවශ්‍ය වුවද මට මෙන්ම බඩ අවුල් වූ අය බොහෝ ගණනක් සිටිය හැකි බැවින් පෝලිමේ සිටින්නට සිදුවනු නියතය. එහෙත් පුදුමයකි. කක්කුස්සියේ කිසිඳු පෝලිමක් නැත. මට හරකෙක්ට මෙන් කාරණය වැටහිණි. සතුන්ට ඕන කුණු ගොඩක් කෑ හැකිවාක් මෙන් මුන්ගේ උදරයද ඊට නිසි ලෙස අනුවර්තනය වී ඇත.

         බඩ ඌයියා නොවුවත් වටේපිටේ සිටි කෙල්ලන්ගේ කොල්ලන්ගේ මුණු නාලු වෙලාය. කස්ටිය බලා ගත්තු අත බලාගෙනය. ඊට හේතුව මොකක්දැයි දැන ගැනීමට ලඟපාත සිටි කොලු ගැටයෙක්ගෙන් විමසීමි. “අපි මෙහෙ වේලෙනවා හලෝ ” කැන්ටිමේ නිතරම වාගේ කරවල දෙන්නෙත් කොල්ලන් අරගෙන වේලිමෙන්දැයි ඇසීමට සිතුනත් එය මැටි ප්‍රශ්නයක් බැව් මටම පසක් වූයෙන් කට පියාගෙන සිටිමි. මට වැඩේ මීටර් නොවූ බව කොල්ලාට නෝට් වූ බැවින් “ලේක්චස් නෑ අයිසේ ” යි පැවසිය. එවිට කාරණය මොකක්දැයි වැටහිණි. “අයියෝ පුතා ගිහින් ඕක කියන්නකෝ පුතා බාරව ඉන්න ඇමතිතුමාට ” එවිට මදෙස තුෂ්ණිම්භුතව බලා සිටි ඔහු “තමුසේ මෙච්චර දවස් නිදාගෙනද අයිසේ හිටියේ ?” යි කියා ශ්ලෝකයකින් ඇමතිතුමාගේ ගුණ වර්ණනාවක් ද කළේය. එයට සවන් දීමෙන් පසු ඇමතිවරයා බැහැදැකීමට ප්‍රථම එතුමන්ගේ මෑණියන් සනීපෙන් සිටීදැයි බැලීම සුදුසු යැයි මට සිතිණි.

          තවුතිසාවේ සක් රජු නොවී අපායේ යම රජූ වීමේ භාග්‍යය මට වැටහෙන්නේ දැන්ය. සක් රජුගේ බිසවුන් වහන්සේ උදේට වතුර උණු කිරීමටත් දිව්‍ය බෝජන පිළියෙළ කිරීමටත් පඬුපුල් ආසනය යොදා ගන්නේ එය පැය විසිහතරේම  ගිණියම් වී ඇති බැවිනි. එබැවින් දැන් සක් රජතුමාගේ ගෑස් ටැංකිය මාස හතරක් වුවත් පාවිච්චි කළ හැකිය.ඒ පඬුපුල් ආසනයේ වැරදීමකින් හෝ ඉඳ ගත්තොත් පශ්චාත් භාගයෙන් භාගයක් තබා කාලක්වත් ඉතිරි වේදැයි සැක සහිතය. කැම්පස්වල එතරම්ම අම්බානකට ප්‍රශ්නය. අවුරුඳු ගාණක් තිස්සේ ඉගෙන ගෙන එන ආචාර්යයවරුන්ට ලැබෙන්නේ සොච්චම් පඩියකි. ඉන්දියාවේත් අපේ වගේ පස් ගුණයක් ආචාර්යයවරුන්ට පඩි ගෙවනවලු. වෙන කතා ඕනේ නෑ. අච්චර දුප්පත් ඉතියෝපියාවේත් බජට් එකෙන් 3.9% ක් අධ්‍යාපනයට වෙන් කරනවලු. මෙහෙ 2.8% යි. මේවා ඇහෙද්දී, දකිද්දී ඇඟේ පමණක් නොව මුහුදේද මාළු නැටීමට පටන් ගත් බැවින් වහාම ගොස් ඇමතිතුමා මුණ ගැසී ගැටලුව නිරාකරණය කර ගැනිමට ඉටා ගතිමි.

          කැම්පස් එකකට වඩා මඳක් ලොකු වූ කැම්පස් භාර ඇමතිතුමාගේ මන්දිරය සොයාගැනීම එතරම් අපහසු නොවීය. වත්තේ සිටිය හැකි දඩොරියන් පැමිණ දෙපා සිප ගැනීමට ප්‍රථම මම හනිකට ගෙට ගොඩ වීමි. අත දරුවකුගේ හැඩිමක් ගෙතුළින් ඇසි මා මවිතයට පත්විය. මැතිතුමාද තොත්ත බබෙක් මෙන් වුවාට කටහඬ හොඳින් හඳුන්නන බැවින් ඒ එතුමා නොවන බව පසක් විය. සෙමෙන් ගේ ඇතුළට ඔළුව දමා බැලීමි. කිරි අප්පට බල්ලෝ බුරපි. ගෙයි සාලේ මැද්දේ මැතිතුමා හිටගෙන තොටිල්ලක් පද්දයි. ළඟට කිට්ටුවී බැලුවිට ඒ අයි.ආර්.සී. තොත්ත බබෙක් බව තේරුණේ කොටා තිබු සුවිසල් පච්චය දුටු විටය. පපුව මැද්දේ ලොකුවට ‘වී’ යන්න කොටා තිබිණි. එහි අර්ථය කුමක්දැයි මැතිතුමාගෙන් විමසීමි. “තමුසේ පුලුවන්නම් ගෙස් කරනවා ” අපායේදී හැමදාම සිංහල පංතිය කට් කලද දන්න සිංහලෙන් කල්පනා කලෙමි. ‘විනාසය’, ‘විලංගු’, ‘විසබීජ’, ‘විරිත්තම’, ‘විකාරය’, ‘විලිලැජ්ජ’, ‘විලෝපික’ ම්හ් ..... ගැඹුරින් කල්පනා කළ විට මේ සෑම වචනයක්ම මැතිතුමාට කදිමට ගැළපුණද පොඩි එකාට ගැළපේදැයි හරියටම නොදනිමි. එවිටම පොඩි එකා එහෙට මෙහෙට ඇඹරෙන්නට විය.වම් අතේ හා දකුණු අතේ ද තවත් ‘වී’ යනු දෙකක් ඇති බව මා දුටුවේ එවිටය. දැන් ‘වි’යනු තුනක්ම ඇති බැවින් එම බැරෑරුම් ප්‍රශ්නය මම එතුමාට භාර කළෙමි. ‘වි.වි.වි’ කියන්නේ අයිසෙ විදේශ විශ්වවිද්‍යාල කියන එකනේ. ඒක නේද මගේ චුට්ටි පැටියාගේ නම? ‘කිචි කිචි කිචි’ කියා මඳක් පොඩි එකා සුරතල් කළ මැතිතුමා පොඩි එකාගේ නැප්කින් එකට දැඩි සෙනෙහසකින් හාද්දක් දුන්නේය. ඇමතිතුමාගේ මුණ ඇඹුල් වුයේ විදේශ විශ්වවිද්‍යාල බබා තෙමාගෙන තිබු බැවිනි. එක්වරම මිහිරි වදන් කිහිපයක් තෙපළමින්  නැප්කිනය ඉවත් කළ මැතිතුමා බබාවත් රැගෙන මඳකට ගේ ඇතුළට පිය මැනිය.

      තොටිල්ල තෙමි තිබූ බැවින් එහි රෙද්ද ඉවත් කර වෙනත් රෙද්දක් දමා මැතිතුමාට උදව්වක් කිරීමට මට සිත් විය. රෙද්ද මාරු කරන විට සිලිං බිලිං ගා මළු දෙක තුනක් බිම පතිත විය. ඒවා ඩොලර් පිරවූ මළු ය. මේ අනාථ විදේශ විශ්වවිද්‍යාල දරුවා රැකබලා ගැනීමට රටින් එවූ ආධාර විය යුතුය. මන්ද මන්දිරයේ මෙතරම් ප්‍රනීත ආහාර පාන තිබියදී ඇමතිතුමා ජරාව කතියි කිසි විටෙකත් සිතිය නොහැකි නිසාවෙනි. එවිටම ඇමතිතුමා බබාත් රැගෙන සාලයට පැමිණි බැවින් කිමිදී හුන් කල්පනා සාගරයෙන් වහා ගොඩට පීනා ගතිමි.

“ඇමතිතුමනි, මේ දරුවා හැර මෙවැනිම තවත් දරුවන් දරුකමට සාදා ගැනීමට බලාපොරුත්තුවක් තිබේද?”. “තිබේ තිබේ ” ඇමතිතුමා ගත් කටටම කීවේය. “ඉතින් ඔය විධිහට බබාලා හදන්න ඔබතුමාගේ සොච්චම් පඩිය මදි නේද?”. “සොච්චම් පඩිය?” ඇමතිතුමාට බකස් ගා කටින් පමණක් නොව තවත් තැනකින් හිනා ගියේය. “ඔබතුමා කන්න අඳින්නවත් බැරි තත්වයකට වැටෙන්න බැරි නෑ”. එතුමා ගැන පහළ වූ බලවත් සත්ත්ව කරුණාව නිසාම එසේ පැවසීමි. “බය නොවී ඉන්නවා අයිසෙ. මට කන්න තමයි මෙහෙ කැම්පස් තියෙන්නේ ”. “එතකොට මේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් වැඩි කරලා, මේ විශ්වවිද්‍යාලවල තියෙන අනන්ත අප්‍රමාණ ප්‍රශ්න තොගේ විසඳන්න භාර වෙලා තියෙන්නෙ ඔබතුමාට නෙවෙයිද?”. මගේ ප්‍රශ්නයට ගම්මිරිස් පොඩ්ඩක් වැඩි වූ බව තේරුණේ එහි සැරට මැතිතුමාගේ බෝල මුහුණ හතරැස් වූ විට ය.

        මම වහාම පැනය ඉල්ලා අස් කර ගතිමි. මැතිතුමාගේ ඇන්ග්රි මූඩ් එක ශෝක මුඩ් එකක් වීමට මන්චි ජින්ජර් අවශ්‍ය නොවීය. එක්වරම සේරම නෑයන් ලොස් වුණු පටාචාරාව මෙන් බිම පෙරළි පෙරළී මැතිතුමා හඩන්නට විය. “ මෙහෙ කැම්පස් වලට මෙහෙම දෙයක් වේය කියල මං හීනෙකින්වත් හිතුවේ නෑ. ඉහි ඉහි...” දෙහිවල සූ එකේ හැල කිඹුලෙක්වත් මෙහෙම අඬනවා මා දැක නැත. කිඹුල් කඳුළුවලට කකුල් වණ වේ යැයි බියෙන් මම වහාම දෙපා ඉඳගෙන සිටි පුටුවෙන් උඩට ගතිමි. එකවරම හැඩිල්ල නැවතූ ඇමතිතුමා මා දෙස තුෂ්නීම්භූතව බලා සිටියේ ය. “ මොකද අයිසේ කකුල් උඩට ගත්තේ? නයි එනව ද?”. එතුමාගේ කතාව අමූලික සත්‍යයකි. එතුමාගේ දේශනය තවමත් ආරම්භ නොවූ බැවින් නයි ඒමට කිසිදු ඉඩක් නැත. එබැවින් බියෙන් සැකෙන් තොරව දෙපා බිම පතිත කල මා එතුමා හා සජීවී සංවාදයට එන්ටර් වුනෙමි.

“ඇමතිතුමෝ, ඇත්ත ද මේ රාජ්‍ය විශ්වවිද්‍යාලවලට කුඩම්මාගේ සැලකිලි කියන්නේ?”. “කවුද කියන්නේ, මං ඒක තරයේම ප්‍රතික්ෂේප කරනවා”. කතාව ඇත්තය, කුඩම්මා පවා දරුවන්ට අඩුම ගානේ කන්න අඳින්න ටිකවත් ලබා දෙයි. අද රාජ්‍ය විශ්වවිද්‍යාලවල එකදු දේශනයක්වත් නැති බැවින් ඇමතිතුමා කාරණාව නිහතමානිව පිළිගැනීම ගැන සතුටු වුනෙමි. “එතකොට මේ දේශන පවත්වන්නේ නැති වුනාම ළමයින්ට උපාධිය ලබාගන්න බැරි වෙනවනේ.”  “අන්න මිස්ටර් පොයින්ට් එක. ඒකට තමයි අපි නායකත්ව පුහුණුව ලබා දෙන්නේ”. “ඒකයි මේකයි කනෙක්ට් වෙන්නේ කොහමද සෑර්?” යැයි මා ඇසු පැනයට පිළිතුරු දීමට එතුමා පුටුවේ හරි බැරි ගැසී වාඩි විය. මට පොඩි කාලේ සුරංගනා කතා කියා දීමට සීයා හාන්සි පුටුවේ ඇල වෙන අන්දම සිහියට නැගුණි. මෙයද සුරංගනා කතාවක් වීමට ඉඩ තිබේ.

“මන් මුන්ට කාලකන්නි කියන්නේ ඇයි? තේරුමක් ඇතුවයි එහෙම කියන්නේ. අවුරුදු 4ක් 5ක් ඕක අස්සට වෙලා කාලේ කාකා ඉදලා ඩිග්‍රිය අරං එනවා. අන්තිමට ජොබ් එකකුත් නෑ”. “ඉතින් ඒකටත් වගකියන්න ඕනේ ඔබතුමන්ලාගේම අයනේ”. හරස් ප්‍රශ්න ඇසීම ගොටුකොළ තරම් ඇඟට ගුණ නොවන බව තේරුණේ  මැතිතුමාගේ රත්වූ සුපහන් දෙනෙත් ආදරයෙන් මා දෙස බලා සිටින බව දුටු විටය. “මේ අවුරුදු ගණනක් කන කෝර්ස් එකට වඩා හොඳ කෝර්ස් එකක් අපි සතියෙන් කරලා යවනවා. දැන් බලනවා අපි මේකේ එහෙ මෙහෙ නගින්න එහෙමත් පුරුදු කරවනවනේ, එතකොට ගහකට නැගල පොල් කඩලා, අතු කපලා උණත් ජිවත් වෙන්න පුළුවන්නේ, අනික පොල් ගණන් කාලෙනෙ අයිසේ.” පෙර නැගු ප්‍රශ්නයම යලිත් දිව අගට ආවත් අමාරුවෙන් එය ගිල ගතිමි. “ඊළඟට අපි තාප්ප උඩින් පනින්න පුරුදු කරනවා. කම්බි වැටවල් අස්සෙන් රිංගන්න පුරුදු කරනවා. හදිස්සියකට පිට් පොකට් ගහල අයිතිකාරයා එළවන් එද්දී දුවාගන්න හරි පුලුවන්නේ. අනික රෑට ගෙයක් බිඳින්න උණත් ඒ වගේ දෙයක් ප්‍රයෝජනවත් වෙන්නැද්ද?” ඇමතිතුමාගේ විකල කතාව අසා මගේ සකල සරරීරයම බකල වුණු සෙයක් දැනිණි. “ඉතින් ඔබතුමන්ලා ඔය නායකත්ව පුහුණුව අවුරුද්දකට සැරයක් තියද්දි ඒකට මිලියන 2000 ක් වැය කරනවනේ. ලංකාවෙ විශ්වවිද්‍යාල ආචාර්යවරු 4000 ක් විතර ඉන්නවනේ.ඔය රුපියල් මිලියන 2000, 4000 න් බෙදුවත් එක්කෙනාට මිලියන 1/2 ගානේ එනවනෙ. ඒ කියන්නේ එක ආචාර්යවරයෙක්ට අවුරුද්දකට ලක්ෂ 5ක් ගානේ වැටෙනවනෙ. අපිට බැරිද ඔය නායකත්ව පුහුණුව නවත්තල ඒ සල්ලි වලින් පොඩි කොටසක් වැය කරලා මේ ආචාර්යවරුන්ගේ පඩි වැඩි කළානම්, එතකොට ප්‍රශ්නේ විසඳෙනවනේ”. අන්දමන්ද දුපත්වල අතරමං වූ ඇමතිවරයා කැල් එක හොයාගෙන රුපියල් 2000, 4000 න් බෙදන්න ට්‍රයි කරන්නට විය. මෙවන් වටිනා යුග පුරුෂයෙක් දායාද කිරීම සම්බන්ධයෙන් දෙවියන්ට ස්තුති කිරීමට මම උඩ බැලීමි. “මම තරම් දරුවන්ට ආදරේ කෙනෙක් තවත් නෑ” කියා උඩ බිත්තියේ පොල් අකුරින් ගසා තිබිණි. හරාකිරි නමින් බඩ කපාගෙන මිය යාමේ ජපන් ක්‍රමයක් අසා තිබුණ ද මෙම වැකිය දුටුවිට එම ක්‍රමය අත්හදා බලන්නට මට සිත් විය. “ බය වෙන්න එපා අපි හෙට වෙද්දී 36%කින් පඩි වැඩි කරනවා. ඒ විතරක් නෙමෙයි ඊළඟ සතියේ ඉඳල කැම්පස් පටන් ගන්නවා.” මැතිතුමාට බාල ගිරි දෝෂය ඇති බව දත් මා වහාම ඊළඟ පැනයට මාරු වුනෙමි. “මෙහේ කැම්පස් වැහුවම ඒවායේ ඉන්න දහස් ගාණක් ශිෂ්‍යයෝ අනාථ වෙනවනේ?”. “එකටනේ මගේ මේ පැටිය ඉන්නේ” කියමින් මැතිතුමා යලිත් විදේශ විශ්වවිද්‍යාල බබා සුරතට ගෙන සුරතල් කරන්නට විය. “ඉතින් දුප්පත් ළමයින්ට ඕවට දෙන්න තරම් සල්ලියක් තියනවයැ”. “අපෝ අධ්‍යාපනයට වියදම් කරන්න ලෝභ වෙන්නෙපා, අනික පිටරටවලින් පිළිගැනීමක් තියනවනේ. දුප්පත් එකාට ඉතිං කුලී වැඩක පලක් කරන් ඉන්න බැරියැ”. මා සිටගෙන සිටියේ ටයිල් කළ ගෙබිමක නිසා පොළොවේ පස් කෑමට සිතුණු අදහස සිතින් අත්හැරගතිමි.

ඇමතිතුමාගේ කතාව ඉවර වනවාත් සමගම පොළොව පැලෙන්නාක් මෙන් දැනුනි.මෙතුමාගේ බේගල් වරුසාවට මහී කාන්තාවගේ ශ්‍රී මුඛ්‍ය විවර වන්නාක් මෙනි. දසත සෙලවීමට පටන් ගැනුනි.මා පණ බියේ ගැහෙන මුත් ඇමතිතුමා මල් හිනාව දාගෙන තාමත් හීදී. කෙතරම් එඩිතර මිනිසෙක්ද? එක්වරම මා පය පැකිලී පොලෝ විවරය තුලට ඇදවැටිණි. නර ලෝකයේ විශ්වවිද්‍යාලවල හොල්මන් දැක මාගේ සිල්වත් සිත වල්මත් වී තිබූ බැවින් එය යලි කුල්මත් කර ගැනීමට යලි අපායටම යෑමට ලැබීම භාග්‍යක් කොට සලකමි.

Thursday, July 14, 2011

අපි තාමත් උසස් පෙළ

                                     
                    “උසස් පෙළ පන්තිය කියන්නේ ජීවිතේ turning point එක“ බව සදහන් කරමින් තමයි උසස් පෙළ ගුරුවරුන් පාඩම් පටන් ගන්නේ. මේ කතාවේ බරපතලකම තේරුම් ගත්තු, ජීවිතේ වගකීම් ගැන හිතපු අය විභාගය සමත් වෙන්න වෙහෙස වුණේ කරන්න පුලුවන් හැම කැපකිරීමක්ම කරමින්. උසස් පෙළ පන්තියේ හිටපු අවුරුදු 2 ½ පුරාවටම පාන්දර 2-3 වෙනකම් නිදි මරාගෙන පාඩම් කරපු ඒ අයට තමන්ගේ නෑදෑ හිතමිතුරන් ගැනවත් අඩුම තරමේ තමන් ගැනවත් සැලකිල්ලක් නොදක්වා වැඩ කරන්න සිදු වුණේ සමාජශීලීත්වය ශූන්‍යත්වයට පත් කරගෙනයි. ඒ කෙසේ වුවත් උසස් පෙළ පන්තියේ ගුරුවරුන් සුරපුරයක් ලෙසින් පෙන්වා දුන් සරසවි සිහිනය සැබෑ කර ගන්න ඒ සිසුන් කරපු කැපවීම හැම කෙනෙක්ම කරන්නේ නෑ, හැම කෙනෙක්ටම කරන්නත් බෑ. තමන් දරපු වෙහෙසට සරිලන ප්‍රතිඵල ලබමින් සරසවි වරම් ලබන්න පුළුවන් උනෙ ටික දෙනාටයි.ඒ අතර අවශ්‍ය සුදුසුකම් සපුරා නැති අනෙක් අය එම බලාපොරොත්තුව අත්හැර දමා පුද්ගලික උපාධි පාඨමාලා හා වෙනත් විකල්ප වෙත යොමුවෙද්දි තවත් කොටසක් රටටත් සමාජයටත් බරක් බවට පත් වෙමින් ඉතුරු වෙනවා.

         පසුගිය ජුලි මාසය වනවිට 2009 අවුරුද්දෙ උසස් පෙළ විභාගයෙන් සුදුසුකම් ලැබූ ලංකාවේ දක්ෂතමයින් කණ්ඩායම විශ්වවිද්‍යාල සිසුන් බවට පත් වී වසරක් ගත වී අවසන්. රාජ්‍ය විශ්වවිද්‍යාල වල ඉංජිනේරු පීඨ වල ඉගනුම ලබන සිසුන්ගේ තත්වය පවතින්නේ ඉතාම සෝචනීය මට්ටමක. පළමු වසර අවසන් වන විට නියමිත කාල සටහන් අනුව සමාසික (semester) 2ක් අවසන් වී තම විෂය ක්ෂේත්‍රය පිළිබද සිසුන් තුළ පැහැදිලි දැනුමක් වර්ධනය වී තිබිය යුතුයි. සම්මතය එසේ වුවත් රාජ්‍ය අවධානය කිසිදු ලෙසකින්වත් යොමු නොවූ සරසවි ආචාර්යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය ප්‍රමුඛව සරසවි පද්ධතිය තුළ උද්ගතව ඇති ගැටලු රැසක් හේතුවෙන් පළමු වසරේ ඉංජිනේරු ශිෂ්‍යයෙකුගේ  දැනුම අදටත් පවතින්නේ උසස් පෙළදී නැවතුනු තැනමයි. තම කෙටි ජීවිත කාලයෙන් වසරක කාලයක් නිරපරාදේ නාස්ති කර ගැනීමට සිහිනෙකින්වත් නොපැතූ, මහත් කැප කිරීම් මතින් උසස් පෙළ සමත් වූ ඉංජිනේරු ශිෂ්‍යයෙකුගේ හා උසස් පෙළදී අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන ජීවිතය කාලකණ්ණි කර ගත් පුද්ගලයෙකුගේත් ජීවිතවල වෙනසක් නොමැති තත්වයට පත් වීම වගකිව යුත්තන්ගේ අවධානය‍ට යොමු නොවීම පිළිකුල් සහගත කරුණක්.

                වර්තමානයේද ක්‍රියාත්මක පුද්ගලික විශ්වවිද්‍යාල වලින් පිට වන උපාධිධාරීන් මෙරට තුළ පවතින සීමිත රැකියා වෙළදපොළ ගිලගන්නා විට, බලධාරීන්ගේම වැරදි ක්‍රියාමාර්ග හේතුවෙන් උපාධිය ලබා ගැනීමට මාස ගණනක් ප්‍රමාදව දේශීය විශ්වවිද්‍යාල වලින් පිට වන උපාධිධාරීන්ගේ ජීවිත වල වගකීම භාර ගන්නේ කවුරුන්ද? මෙම ගැටළුවේ බරපතලකම තවමත් වගකිව යුත්තන්ගේ ඇගට නොදැනීම හේතුවෙන්දෝ, ඔවුන් අත්තනෝමතික ජනප්‍රිය තීන්දු හරහා ප්‍රශ්න යට ගැසීමට යෑමෙන් මුළුමහත් විශ්වවිද්‍යාල පද්ධතියටම සිදු වන්නේ අනර්ථයක්ම පමණි. මෙරට විශ්වවිද්‍යාල ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වලට ඇතුළත් වීමට ඇති ප්‍රධාන බාධකය කහ පාට, කළු පාට කෙල්ලන් හා කොල්ලන් නොසිටීම නොව දේශීය වශයෙන් පර්යේෂණ නොකිරීම හා විදේශීය බුද්ධිමතුන්ගේ සේවය ලබා නොගැනීම බව නොවැටහෙන පුද්ගලයෙකු ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ඇමති පදවිය හෙබවීම ජාතියේම අවාසනාව නොවේද? 

              -කාලකන්නි මං-