Showing posts with label කවි හා නිසඳැස්. Show all posts
Showing posts with label කවි හා නිසඳැස්. Show all posts

Friday, February 10, 2012

උසස් පෙළ ප්‍රතිඵල සහ හොරාගේ අම්මගෙන් පේන ඇසීම

ප්‍රතිඵල ඇයිද මෙච්චර කල් පමා                    උනේ
අද දෙනවා හෙට දෙනවා කියල                     අනේ
දෙනවා කියල පැය ගාණක් පමා                   උනේ
දුන් ප්‍රතිඵලත් මේ මොනවද                  අවුලක්නේ

එකෙක් කියයි උඹට වඩා මම                     දක්ෂයි
rank එකෙන් කිව්වානම් ඒක                      සැකයි
ඒ නම් මදැයි තව දේවල් සිද්ධ                     උනයි
කලා කරපු උන් ගණිතෙත් පාස්                   උනයි

කාටත් සැකයි දැන්නම් මේ                     ප්‍රතිඵලය
සැවොම කියයි වරදිලු දිස්ත්‍රික්                      අගය
කාටත් හොරා නැතුවම කිසි                   කලබලය
ජාලෙන් යළිත් මතුවුනි නව                    ප්‍රතිඵලය

දෙවන වරත් දුන් ප්‍රතිඵල නිම                       වුයේ
තව එක් බසක ප්‍රතිඵල නෑ හමු                     වුයේ
පේපර් බලන්නට යැව්වද                       රුසියාවේ
එහෙ කොම්පියුටරෙත් කැඩිලද වගේ අපේ    පායේ

කොහොමද එකතු කලෙ දෙරණින් ප්‍රශ්න      කලා
කැරකුනි කොමා 360 කුත් එකක්                 කලා
පත් අට එකට සිඳ අරගෙන මෙව්වා              කලා
ඇයි වැරදිද මම ඒ දෙක එකතු                     කලා

ප්‍රතිඵල අවුල දැන අප මහ                    රජාණෝ
දැමු කොමිසමේ උප කුලපති               තුමාණෝ
විමසා බලා වූ සැම                          කාරණාවෝ
කොම්පියුටරේ වරදකි කිසි සැකක්               NO

උප කුලපති පත් කළේ සිසු                ඡන්දෙන්ද
ඔහු පත්කළේ ජනපති බව                   දන්නැද්ද
එහෙව් කොමිසමක විනිවිද බව                නැද්ද
ඇහුවේ පේන හොරාගේ                අම්මාගෙන්ද

මට බැරි දේ වයිමට කළ හැකි                   උනිද
එහෙව් මෙමට ගණ දෙවියොත්             කජ්ජක්ද
ප්‍රතිඵල ගැන සිසු පැමිණිලි                   නැගුනාද
කියයි බන්දු මැති සබේ දාගෙන                  සද්ද

කිවත් ඇමති ප්‍රතිඵල හරි                     දැකුම්කලු
මානව හිමිකමේ පෙත්සම් ගොඩ               වේලු
මෙවන් බසට ගැමි වහරේ                     කිව්වාලු
මුව නරි වදන් රෙදි පල්ලෙන්                බේරේලු

ජීවන මීගහගේ
6 කණ්ඩායම - ඉංජිනේරු පීඨය

Sunday, January 8, 2012

දෙකේ ලකුණු පළමුව වෙනමම හෙවුවා............. අරගෙන දෙකම ඉන්පසු කෙරුවෙමු "මෙව්වා"........

සදෙව් ලොවට අධ්පති සක් දෙවිදු                    මෙමා
මගෙ පොඩි පුතා ලිවුවෙත් මේ පාර                   තමා
දැනගනු පිණිස පුතු ප්‍රතිඵල නොවී                     පමා
ඉක්මන් කරන ලෙස දැනුවත් කළෙමි            "කොමා"

ප්‍රතිඵල නිකුත් වී මොහොතක් ගෙවෙන               විට
මට වැටහුණා හො හැටි ඉක්මනෙහි               කොට
සදෙව් ලොවම කැළඹී ප්‍රතිඵලය                         පිට
එන්නට හදනවා ඇතුළට කඩන්                        වැට

දේවිය යවා පුතු ප්‍රතිඵල බලන                        රිසින්
කැදවූයෙමි කොමා වූ තතු අසන                   ලෙසින්
පහලට නැමුණු මුහුණින් බිම හැරුණු              ඇසින්
පහදන්නට කරුණු ඇරඹිණි කොමා                 විසින්

සිලබස් දෙකක කට්ටිය එකටම                      ලිවුවා
වරදක් නැතිව අපි එක ලකුණක්                    මැවුවා
දෙකේ ලකුණු පළමුව වෙනමම                   හෙවුවා
අරගෙන දෙකම ඉන්පසු කෙරුවෙමු             මෙව්වා

ඔහුගේ කතාවේ අග මුල නැති                       හන්දා
ඉගෙනුම් බාර දෙවියා අසලට                       කැන්දා
විමසූවෙමි කරුණු හද තුළ සැක                     රන්දා
පුතුගේ ප්‍රතිඵලය මක් වේවිද                         මන්දා

ඔය රජතුමනි අපෙ ලොව දෙවියගෙ               ගතිය
කෑ ගැහුවාට හැටි අවුලක්                        නැතිය
හැදුවේ සූත්රය නිදි මරමින්                          සතිය
ඒකට යොදා ගත්තේ අපි                        ජ්‍යාමිතිය

ඔහොම වැඩක්මයි තොපි නම් කළොත්         කලේ
කොහොමද මෙහෙම ගියොතින් මම ඉන්නෙ  බලේ
ඇදගෙන නාලා තොපි මේ බොර කෙරුව        ජලේ
යමරජු මාළු බානව ඇති ඉහන්                      වළේ

මාතලීට ඇත දැන් හොදටම                       කිපිලා
උගෙ පුතු හට නෑලු තව ප්‍රතිඵල                 ලැබිලා
බැලුවම කාරණා එහි පතුලට                      එබිලා
ඩ්රයිවින් පේපරේ කුණු කූඩෙක                 තිබිලා

තාමත් සිහිය නෑ මල් අම්මගෙ                        දූට
බය වුණු පාර අද මේ සිදු උන                       දේට
සදෙව් ලොවෙන් දහවෙනියා වුණු                  ඈට
තුසිතෙන් සීය ලැබුණාම පවසම්                    කාට

පංචසිකට හැදිලලු කැක්කුම                      ඔලුවේ
වීණාවෙන්ලු පුතාට තරහට                       තැලුවේ
සංගීතයෙන් උගෙ පුතු කොහොමද            හැලුවේ
ඌගෙම පියා නම් එහි පේපර්ස්                  බැලුවේ

වගකීමක් නැතිව මුන් පුටු වල                      ලෑවා
මුන් ටික මගේ නම රහ කර කර                   කෑවා
මින් මතු කිසි දිනක නොම වන්නට               ඕවා
දැන්වත් ඉගෙන ගත යුතු පාඩම්                   මේවා

යන විට සබාවේ ඔය විදිහට                       ගෝරි
කෑ ගහගෙන දිව ආවා නොවැ                       බාරි
පොඩි පුතු ලිවුවේ තනතුරකට                  බලධාරි
අන්තපුරේටලු ඇත්තේ                          තේරි


සදෙව් ලොවට අධ්පති (චමිඳු මිහිරංග)

Sunday, December 25, 2011

ගත්තු F3 මගේ යාළුවා ගනී පඩි අද මට වඩා.......... මීට වැඩියෙන් හම්බ කළ හැක ගියත් පිට වැසිකිළි පතා

පැතූ සිහිනය නිබඳ සිත් ගෙන සරසවියේ ආ මේ               සරා
හිසේ දුක් ගිණි නිවාලනමින් ඇය සමඟ ආවෙමි             හොරා
සිටියේ මිතුරන් පමණි මා ළඟ උනුත් නැත අද මා             කරා
කුමක් කරමිද නොදන්නෙමි අද ජීවිතය ඇත මා               මරා

ගියේ සරසවි ඩිග්රි ගන්නට සමාජයේ ගරුසරු                පතා
වසර හයකුත් සරසවියේ මා සිටියේ විද සැම දුක්             ඉතා
හිඟා කාමින් යදිමි රැකියා කියා හැකියා ගැන                  කතා
ගියොත් ගිය තැන සිටි යමෙක් අද ගොහින් private uni    පතා

ඩිග්රියක් යනු මුදල් පමණයි එයට නැත අද ගරු             කතා
දන්නේ අපිමයි වින්ද දුක්ගැහැ ලබාගන්නට එය              මනා
සුදුසුකම් නැත අපේ අය ළඟ ගලපමින් පිට uni             ගෙනා
වසර තුනකුත් ගතවෙමින් ඇත තාම job නැත මා             කරා

සිතමි දැන්නම් ඇයිද අරගල නොකලේ මේ පිලිබඳ        මෙමා
දුටුවේ නැත හෙට සිතුවේ අද ගැන පමණි මම අන් අය    ලෙසා
සිතෙයි දැන්නම් දමන්නට මම දමපු aca බල්ලට          සොයා
දුටුවදෝ ඔබ ඉගෙනුමට වැදි හෙනය කන්නන්ගර           මයා

සොයල සොයලා ගත්තේ ජොබ් එක එයත් හැකියාවට  නොමා
මක් කරන්නද වයස ගොස් ඇත සිතෙයි දැන්නං මම     ගොනා
ගත්තු F3 මගේ යාළුවා ගනී පඩි අද මට                          වඩා
මීට වැඩියෙන් හම්බ කළ හැක ගියත් පිට වැසිකිළි           පතා

Wednesday, July 27, 2011

බිල්ඩිම අසල ගහ යට පොඩි පැලක් බැඳන්............ කෙමිකල් කෙල්ල තේ හදනව ඇතුළේ ඉඳන්..............


සදෙව් ලොවට අධිපති සක් දෙවිඳු            මෙමා
මගෙ පොඩි එකා යැවුවෙත් මොරටුවට       තමා
ලැබුණා දිනක් ලිපියක් නෙතු කදුළු         තෙමා
ඒමට නොහැකි බව ලද රැකියාව                දමා

.සී කාමරේ හරි හරියටලු                        ඉඩ
දේවිය කියනවා රස කර දමා                    හැඩ
සතුටුයි පුතා ගිය එක ගැන ඔහොම          ගොඩ
හිතුවා බලන්නට පුතු මනුලොවට               වැඩ

පුතුගේ යහළුවන් හට මෙය දෙන්න           කියා
කීවා බිසව ලොකු පොදියක් අතක             තියා
ලිපියේ එවූ විස්තරයට අනුව                   සොයා
ඔන්න ඉතින් මම නියමිත තැනට                ගියා

බාගෙට හදපු උපාධි කඩයකි                       ඒක
පැත්තක් හදා ඇත පැත්තක වැඩ               නේක
දැක්කම පිස්සු හැදෙනව නොවැ බොල       මේක
.සී කාමරය පුතුගේ වෙද                      කෝක

අදහා ගත නොහී දිස් වූ දසුන                       එම
යළිත් වරක් ඇස් පිහිදා බැලිමි                      මම
මැටීරියල් මිතුරෙක් පුතු වයසෙ                    සම
වළවල් කපනවා අඩිතාලමට                        බිම

මිතුරෙක් සිවිල් වැරහැලි රෙදි කඩක්        ඇඳන්
මෙක් කොල්ලෙක් එක්ක උස්සති යකඩ   කඳන්
බිල්ඩිම අසල ගහ යට පොඩි පැලක්         බැඳන්
කෙමිකල් කෙල්ල තේ හදනව ඇතුළේ     ඉඳන්

මේවද කරන්නේ යාළුවො                     පුතාගේ
කෙල කරගෙනද මන්දා මුන්                 විභාගේ
අවසන ට්රිකල් නොම වී ඇත                අභාගේ
පුතු බේරිලා පෙර පිනකට                     තමාගේ

ලෙක්චස් කට් කරන්නැති මුන් දිගට           එක
උන්ගෙම විහින් ලොස් වෙන්නැති නේද     ඇක
හේතුව විමසමින් මේ අය විදින                   දුක
බිල්ඩිම තුළට පා නැගුවෙමි යමෙකු            දැක

ඉස්සර ඉදන් ඇක දම දම දුක්                   වින්ද
සී.එස් කොල්ලො බිම අතු ගානව             මන්ද
මගෙ පුතු වරක් හොර රහසේ පෙම්          බැන්ද
ට්රොනික් කෙල්ල පිහිදයි දූවිලි                කන්ද
  
ලක්දිව මෙලෙස උපාධි කඩ                අරුණාම
මුදලට විකිණේවි කිවුවා                     හැමදේම
නිදහස් ඉගෙනුමේ මහ පාවා                        දීම
පඬුපුල් අසුන උණුවනු මතකයි                  තාම
  
ප්රයිවට් යුනිවර්සිටි ඇරඹෙන බව              කීවා
අපෙ කැම්පස් වැහෙනා බව මොර             ගෑවා
බලන් යද්දි ඇත්තද මන්දා                       මේවා
ඇති මෙහෙමවත් මගේ පුතා ගොඩ            ආවා
  
මෙච්චර කලක් දහ දුක් වින්දට               පස්සේ
ඇයි අපෙ කොල්ලො මේ තරමට පසු     බැස්සේ
ඔලුවත් කැරකෙනව මේ ජරමර              අස්සේ
යමි ඉදිරියට .සී කාමර                        ඔස්සේ

යන විට ඉදිරියට පුතු දැක ගැනුම              පතා
දුටු දර්ශනය මම කොහොමද ගන්නෙ        සිතා
බිම ඇණ තියන් නොකරම අන් කිසිදු        කතා
.සී එකක මළකඩ හූරනව                      පුතා