රාජ්‍ය විශ්වවිද්‍යාල ඉතිහාසය පුරාවටම විවිධ හැලහැප්පීම්, අර්බුධ හමුවේ ඒවාට මුහුණ දෙමින් විකාශණයවු අතර මෑත කාලීනව අර්බුධ රාශියකට එකවර මුහුණපෑමට සිදුවීමෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ උණුසුම් වතාවරණයක් පැනනගින්නට විය. පැහැදිලි කරගත යුතු තත්වයන් වන්නේ මෙම අර්බුධ කිසිවක් එකවර පැන නැගුණු ඒවා නොවන නිසාය. මෙම ගැටළුකාරී තත්වයන් දිගු කාලයක් තුළ සංවාදයට බඳුන් වී තිබුනත් නිසි විසඳුම් නොලැබීම නිසා අර්බුධකාරී තත්වයක් නිර්මාණය වී ඇති අතර විශ්වවිද්‍යාල පද්ධතිය ඒ හරහා අපැහැදිලි චිත්‍රයක සේයාවක් මවමින් තිබේ. වර්තමානයේ විශ්වවිද්‍යාල තුළ ඉතාමත් කතාබහට ලක්වු ආන්දෝලනාත්මක අර්බුධයක් ලෙසින් අනධ්‍යයන සේවකයන්ගේ වැටුප් අර්බුධය හැඳින්විය හැක. මෙම අර්බුධය සාකච්ඡාවට බඳුන් කල යුතු වන්නේ එම අර්බුධය හමුවේ විශ්වවිද්‍යාල කටයුතු බොහෝමයක් වරින්වර ඇනහිටීම් වලට ලක්වූ අතරම එවැනි තත්වයන්, විශ්වවිද්‍යාල පද්ධතියේ සුරක්ෂිතභාවය කෙරෙහි කෙසේ බලපා ඇත්ද යන්න බොහෝ දෙනෙකුට තවමත් නිවැරදි වැටහීමක් නැති හෙයිනි. අනධ්‍යයන සේවකයන්ගේ වැඩ වර්ජනයකදී පමණක් සමාජය හා බහුතර විශ්වවිද්‍යාල ජනතාව සොයාබලන ඔවුන්ගේ කාර්යභාරය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ කුමන ආකාරයකින් ක්‍රියාත්මක වේද යන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දෙසින් විමසා බැලීම, විශ්වවිද්‍යාල පද්ධතියේ අනාගත සුරක්ෂිතභාවය සොයන බොහෝදෙනෙකුට වැදගත් වේ.
අනධ්‍යයන සේවකයන් විශ්වවිද්‍යාල පද්ධතිය හා නිරතුරුව බැඳී පවතී. ශිෂ්‍යන්ගේ අධ්‍යයන කටයුතු සඳහා ඔවුන්ගේ සහය නිරතුරුව හිමිවේ. ඔවුන්ගේ වැඩ මුරය වන්නේ පැය 8 ක කාලයකි (8 - 4). නමුත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ලෙස අප දන්නා කාරණයක් නම් ඇතැම් ප්‍රයෝගික පරීක්ෂණ සවස 6.00, 7.30 දක්වා පමණ දීර්ඝ වන අවස්ථා ඇත. එමෙන්ම විද්‍යාගාර නඩත්තු කිරීම, පිරිසිදු කිරීම්, සැපයීම් කටයුතු සියල්ල සිදුවන්නේ අනධ්‍යයන කාර්යමණ්ඩලය හරහාය. ගොඩනැගිලි, දේශනශාලා විවෘත කිරීම,පරීක්ෂණ කටයුතු ආදී ආචාර්ය මණ්ඩලයට මෙන්ම ශිෂ්‍ය ප්‍රජාවටද දැනෙන බොහෝ ක්‍රියාකාරකම් රාශියකට සෘජුවම මෙන්ම වක්‍රවද අනධ්‍යයන කාර්යමණ්ඩල සම්බන්ධ වේ. සුළු කාල පරිච්චේදයක් අනධ්‍යයන සේවකයන්ගේ සහාය රහිතව පවත්වාගෙන යාහැකි වුවද එය දීර්ඝ කාලින නොවේ. යම් හෙයකින් පරිපාලන නිලධාරින්ද ඒ සමග ඒකාබද්ධ වුවොත් මුළු විශ්වවිද්‍යාල පද්ධතියම අකර්මන්‍ය වනු ඇත. විභාග කටයුතු, බඳවා ගැනීම්, සියල්ලම අඩපණ වනු ඇත. මෙය විශ්වවිද්‍යාලයේ සියලුම කටයුතු වලට දැඩිව බලපාන අර්බුධයක් වන්නේ මේ හෙයිනි.
අනධ්‍යයන සේවකයන් ලෙස ප්‍රචලිත මෙම කොට්ඨාශය කුමන සංයුතියක් තුළින් නිර්මාණය වීද යන්න ප්‍රථමයෙන් විමසා බලමු. අනධ්‍යයන සේවකයන් ඔවුන්ගේ තනතුරු හා ශ්‍රේණි මට්ටමින් වු වෘත්තීය සමිති හා සංගම් තුළින් නියෝජනය වුවකි. මේ අනුව සමස්ථ අනධ්‍යයන සේවක පිරිස නියෝජනය වන්නේ විශ්වවිද්‍යාල පරිපාලන නිලධාරීන්ගේ සංගමය, විශ්වවිද්‍යාල අධ්‍යයන සහයක සංගමය, විශ්වවිද්‍යාල කාර්මික නිලධාරීන්ගේ සංගමය, විශ්වවිද්‍යාල ලිපිකාර සේවා සංගමය, විද්‍යාගාර සහයක සංගමය ආදී වශයෙන් වු බොහෝමයක් සංගම් ඒකරාශී වීම තුළය. ඔවුන්ගේ ඇතිවී තිබෙන වැටුප් අර්බුධය නිසා වෙන්වු වෙන්වු ශ්‍රේණි නියෝජනය කරමින් පවත්නා වු වෘත්තීය සංගම් තම තමන්ගේ න්‍යාය පත්‍රය පසෙකාලමින් පොදු අරමුණක් සඳහා ඒකරාශී වී ඇත. ඒ වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය වශයෙනි. මෙහිදී පෙර අවස්ථාවලදී නොවු පරිපාලන නිලධාරීන්ගේ හා අධ්‍යයන සහයක සංගම්ද මෙම අවස්ථාවේදි සමස්ථ පොදු අරමුණ වෙනුවෙන් කැපවීමක් දැක්වීමෙන් පෙනී යන්නේ ඔවුන්ගේ අරමුණ වෙනුවෙන් වෘත්තීමය වශයෙන් ශක්තිමත් වීමකි.
දීර්ඝ කාලයක් තිස්සේ පැවත එන මෙම වැටුප් අර්බුධය අවසන් වෘත්තීමය ක්‍රියාමාර්ගය තෙක්ම දිග් ගැස්සීමට ලක්වූ අතර මෙම අර්බුධකාරී වාතාවරණය කෙසේ ඇතිවුවක්ද යන්න දැනගත යුතු කාරණයකි. මුලික වශයෙන්ම මෙහිදී ඇතිවී තිබෙන්නේ වටුප් විෂමතාව පිලිබඳ ගැටලුවකි. රාජ්‍ය සේවය හා විශ්වවිද්‍යාල සේවා (අධ්‍යයන / අනධ්‍යයන) සැලකු විට විශ්වවිද්‍යාල සේවා වල වැටුප් තල ඉදිරියෙන් පැවතිය යුතුය. සම්මතයක් වශයෙන් විශ්වවිද්‍යාල සේවා පමණක් නොව සංස්ථා මණ්ඩල ආදී ආයතනවලද වැටුප් තල රාජ්‍ය අංශයකට වඩා 33% ක් ඉදිරියෙන් පැවතිය යුතුය. ඊට සාධාරණ වු හේතු ගණනාවක් දැකිය හැක. මුලිකව විශ්වවිද්‍යාල සේවා සඳහා බදවා ගැනීම් සිදුකිරීමේදී රාජ්‍ය අංශයේ සේවා වලට වඩා වැඩි අධ්‍යාපන සුදුසුකම් හා පලපුරුද්ද සලකා බලයි. ඊට අමතරව රාජ්‍ය සේවකයන්ට රජය විසින් ලබාදී ඇති විශ්‍රාම වැටුප්, අග්‍රහාර රක්ෂණය, නිවාස ණය (4.5% පස් අවුරුදු, දස අවුරුදු) ආදී වරප්‍රසාද රැසක් විශ්වවිද්‍යාල සේවා වලට නොලැබෙයි. ඔවුන්ගේ ඇත්තේ ඔවුන් විසින්ම දායකත්වය ලබාදී පවත්වාගෙන යන විශ්‍රාම වටුප් ක්‍රමයක් හා අග්‍රහාර රක්ෂණ අරමුදලක් පමණි. මෙවැනි තත්වයක් තුළ වැටුප් සංශෝධන ගණනාවකට පසුව අවසන් වරට 06-2006 චක්‍රලේඛණය (2006 ජුනි මස) මඟින් සිදු කරන ලද වැටුප් සංශෝධනය මඟින් රාජ්‍ය සේවාවල හා විශ්වවිද්‍යාල සේවාවල වැටුප් තල සමාන කර ඇත. මෙම වැටුප් තලයන් සමාන වුවත් රාජ්‍ය අංශයකට හිමි වරප්‍රසාද කිසිවක් විශ්වවිද්‍යාල සේවාවලට හිමිවන්නේ නැත. උදාහරණයක් ලෙස සඳහන් කළහොත් ජෙයෂ්ඨ මහාචාර්යවරයාගේ හා දිස්ත්‍රික් ලේකම්වරයාගේ/ අමාත්‍යංශ ලේකම්වරයාගේ වැටුප් තල සමාන කර ඇත. එතැනින් ආරම්භකර ඉන් පහලට වු ශ්‍රේණි හා වැටුප් තල සම්බන්ධයෙන්ද ඒ ආකාරයෙන්ම ක්‍රියාකර ඇත.නමුත් මෙහිදී විශ්වවිද්‍යාල සේවකයන් ඉල්ලා සිටින්නේ තමන්ටද ඉහත වරප්‍රසාද ලබා දෙන මෙන් නොව තමන් මුලින් පිහිටා තිබු වැටුප් තල වලම පිහිටුවනු ලෙසය. එලෙසම වාර්ෂික වර්ධක ලබාදීමේදී එය මුලික වැටුපෙන් ප්‍රතිශතයක් ලෙස ගණන් බලයි.නමුත් අදාල ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයක මොවුන්ව පිහිටුවා ඇත. මෙම විෂමතා සියල්ල පාහේ වැටුප් හා සේවක සංඛ්‍යා පිලිබඳ කොමිෂන් සභාවට විස්තරාත්මකව පැහැදිලි කරදී ඇතත් මෙම විෂමතා ඉවත් කිරීමට කොමිෂන් සභාව මෙතෙක් සමත් වී නැත.
මෙහිදී නැවතත් සඳහන් කළයුතු කරුණක් වන්නේ විශ්වවිද්‍යාල සේවක පිරිස් ඉල්ලා සිටින්නේ වැටුප් වැඩිවීමක් නොව මන්ද යත් වැටුප් හා සේවක සංඛ්‍යා පිලිබඳ කොමිෂන් සභාව මඟින් අනුමත කරන ජාතික වැටුප් වැඩිවීම් නොතකා එලෙස වැටුප් වැඩිවීම් සිදුකිරීමට නොහැකි බව ප්‍රයෝගික තත්වයක් ලෙස වටහා ගත යුතු නිසාය. නමුත් වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ග වල ඔවුන් තවදුරටත් නිරතව ඇත්තේ එහි ඇති විෂමතා මෙන්ම වැටුප් විකෘතිතා ද බොහොමයක් නිසා අසාධාරණයට ලක්වී ඇති හෙයිනි. විශ්වවිද්‍යාල සේවා සැලකීමේදී අනධ්‍යයන සේවකයන්ගේ හා වැටුප් තලයට ඉහළින් පිහිටන ඉදිරි වැටුප් තලය වන්නේ අධ්‍යයන සේවකයන්ගේ වැටුප් තලයයි.මෙම වැටුප් වැඩිවීම් සිදුවිය යුත්තේ දෙපාර්ශවයටම සම්මත පරතරයකින් යුතුව සමගාමීවය. මේ සඳහා නිර්දේශිත අනුපාතයක් සහිත වැටුප් වක්‍රයක් පවතී. නමුත් පසුගිය දශකය තුළ අධ්‍යයන කාර්යමණ්ඩල වලට විශාල වශයෙන් වැටුප් වැඩිවීම් ලබාදුන් අතර ඊට සමගාමිව අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් වැඩිවීම් ලබා නොදීම තුළ වැටුප් මට්ටම් අතර තිබිය යුතු අනුපාතය හා සුමට වක්‍රය බිඳ වැටීම සිදුවිය. එලෙසම මෙහි ඇති විෂමතාවයන්ට එක් උදාහරණයක් කිවහොත් අධ්‍යයන කාර්යමණ්ඩලයේ මහාචාර්යවරයාගේ වැටුප් තලය හා අනධ්‍යයන කාර්යමණ්ඩලයේ ඉහළම නිළධාරියා වන ලේඛකාධිකාරීවරයාගේ වැටුප් තල එකම මට්ටමක පැවතිය යුතුය. නමුත් ආචාර්යවරුන්ගේ වැටුප් වැඩිවීමේදී පුස්තකලාධිපතිගේ වැටුපද ඊට සමගාමිව වැඩිවු නමුත් පුස්තකලාධිපති වගකිව යුතු නිලධාරියා වන්නේ ලේඛකාධිකාරීය. නමුත් ලේඛකාධිකාරීගේ වැටුප් තල අභිබවා යමින් පුස්තකලාධිපතිගේ වැටුප් තලය පිහිටුවා ඇත. මෙවැනි වැටුප් තල අතර තිබිය යුතු පරතර නැති කරමින් විකෘතිතා බොහොමයක් මෙහි දැකිය හැක.(මෙවැනි විෂමතා වැටුප් ශ්‍රේණි අතර රාජ්‍ය අංශයේ නිලධාරීන්ට සිදුවී ඇති අතර ඇතැම් සේවා ඒකාබද්ධ කිරීම් තුලින් සිදුවු විෂමතාවන්ට එරෙහිව මේ වන විට නීති මඟින් කටයුතු කරමින්ද පවතී. රාජ්‍ය සේවකයන්ගේ සේවා ව්‍යවස්ථා කිසිවක් නොතකා කතයුතු කිරීම නිසා මෙවැනි විෂමතා රාශියක් පන නැගී ඇත. ඇතැම් විට මෙය ජාතික අර්බුධයක් ලෙසද හඳුන්වා දිය හැකි නමුත් අප මෙහිදී සලකා බලනුයේ විශ්වවිද්‍යාල පද්ධතියෙහි ලා ඇති වන බලපෑම්ය.)
පෞද්ගලික විශ්වවිද්‍යාල
උසස් පෙළ අධ්‍යාපනය හදාරා විශ්වවිද්‍යාල ප්‍රවේශයට බොහොමයක් ශිෂ්‍ය ප්‍රජාව සුදුසුකම් ලැබුවත් සීමිත සම්පත් හා තරඟකාරිභාවය නිසා රාජ්‍ය විශ්වවිද්‍යාල තුළට ඇතුල්වීමේ හැකියාව ලැබී ඇත්තේ සීමිත පිරිසකටය. එය ඔවුන් ලැබු වරප්‍රසාදයක් මෙන්ම වගකීමක්ද වන්නේය. විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් නොලබන ශිෂ්‍ය ප්‍රජාවට තම අනාගත සුරක්‍ෂිතභාවය වෙනුවෙන් උසස් අධ්‍යාපනික වරම් හෝ වෙනයම් වැඩපිළිවෙලක අවශ්‍යතාවයක් මතුව ඇත.නමුත් එය විදේශ/ පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමෙන්ම පමණක් පිළිතුරු සොයා ගත හැකි ප්‍රශ්නයක්ද යන්න විමසාබැලිය යුතුය. දිනෙන් දින ඉහළ යන විරැකියාව ඊටම බද්ධ වූ දේශපාලන ඇඟිලි ගැසීම් හා රැකියා ලබාදීමේ කළුකඩ ව්‍යාපාර හා ‘පස්සා දොරෙහි’ දේශපාලනය හමුවේ ‘උපාධි කඩ’ ඇතිකිරීමෙන් පිළිතුරු ලබාගත හැකිද? අල්ප වු ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුළ පවතින්නාවු ඉහළ ධනවත් පන්තිය හෝ බහුතර මධ්‍යම පන්තිය හා පහළ දිළිඳු පන්තිය හෝ වෙනත් ආසියාතික රටවල ශිෂ්‍යයන් එම පෞද්ගලික විශ්වවිද්‍යාල තුළට ආකර්ෂණය කරගැනීමට අදහස් කරන්නේ නම එහි ඇති සක්‍යතාවය කුමක්ද යන්න සලකා බැලිය යුතුය.
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් ලෙස පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතිකළහොත් ඒ සඳහා ඔවුන්ගේ සේවය ලබා ගැනීමට හෝ වැටුප් අර්බුධ / විෂමතා වලින් හෙම්බත් වී සීමිත එම සේවකයන් ඒ සඳහා යොමුකරවා ගැනීමට ප්‍රයත්නයක් ඇතිවිය හැක. නමුත් මෙහිදී රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ වටිනා මෙහෙයක් සිදුකරන රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේම කොටසක් වන ඔවුන්ගේ මතය පැසසීමට ලක් කල යුතුය. විචාරශීලිව ‘ලොකු ගොඩ’(මුදල්මය) බලා දුවන පිරිසක් නොවන බව රට හා එහි අනාගත අභිවෘද්ධිය කෙරෙහි සංවේදී වන තවත් පිරිසක් වන බව මෙහිදී සඳහන් කල යුතුය.
විශ්වවිද්‍යාල සඳහා වන පෞද්ගලික ආරක්‍ෂක අංශය හා නායකත්ව පුහුණුව.
රාජ්‍ය ටෙන්ඩර් පටිපාටිය කුමක් වුවත් රජයේ ටෙන්ඩර ප්‍රතිපත්ති කුමක් වුවත් ටෙන්ඩර අතරමඟ නවතා නව පෞද්ගලික ආරක්‍ෂක අංශයකට විශ්වවිද්‍යාල පද්ධතිය භාරදී ඇත.මුහුණු වෙනස් නොවුනත් නිල ඇඳුම පමණක් වෙනස් කරමින් ආරක්‍ෂාවට පෙරට වඩා තුන් ගුණයක් පමණ වියදම් කරමින් එකම සේවය වෙනස් ප්‍රධානින් තුලින් ඉටුවීම ප්‍රශ්නාර්ථයක් ඉතිරිකරන්නකි. මෙම මුදල්ද වෙන්වන්නේ රටේ උසස් අධ්‍යාපන වැය තිරයටය. නමුත් ගුණාත්මකභාවයන් රහිත ඇතිවන මෙම තත්ව නිසා රාජ්‍ය විශ්වවිද්‍යාල වල තත්වය තවත් පල්ලම් බසිනු ඇත.කලින් පවතී ආරක්‍ෂක අංශවල යම අඩුපාඩු හා චෝදනා රාශියක් තිබුනද නව ආරක්‍ෂක අංශයකට එය පැවරීම තුළින්ම පමණක් එම ප්‍රශ්න විසදී නැත. ඒ සඳහා බලධාරීන් ගත් ක්‍රියාමාර්ග උසස් අධ්‍යාපන වැයතිරයකට තවත් බරක් වුවා පමණක් නොව තව අර්බුධ ද රාශියක් ඇතිකර ඇත. එමෙන්ම විශ්වවිද්‍යාල ප්‍රජාව, මෙහිදී සඳහන් කල යුතු වැදගත්ම කාරණයක් වන්නේ විශ්විද්‍යාල ප්‍රජාව ලෙස ශිෂ්‍ය, අධ්‍යයන, අනධ්‍යයන ආදී සෑම කොට්ඨාශයක්ම දැඩි මර්දනකාරී ක්‍රියා පටිපාටියකට දැනුවත්ව හෝ නොදැනුවත්ව ලක්කර ඇති බවයි. කිසිදු අවසරයකින් තොරව හමුදා පාලනයක ලක්‍ෂණ ගැන අසන්නට ලැබුණත් ඒ පිළිබඳව ඉදිරිපත් වන්නට මැලිකමක් දක්වන්නේද මෙම මර්ධනයේම ක්‍රියා පිළිවෙල නිසාය. නායකත්ව පුහුණුව රාජ්‍ය විශ්වවිද්‍යාල වලට සුදුසුකම් ලැබූ ශිෂ්‍යයන්ගේ නායකත්වය හා විනය වැඩිදියුණු කිරීමටය. නමුත් එසේ එවන ලද පළමු කණ්ඩායම තුළින්ම එහි බොළඳ බව මනාව පැහැදිළි විය.ඔවුන් ඇතුල් වුයේද කලින් පවති විශ්වවිද්‍යාල පද්ධතිය තුළට මිස නායකත්ව පුහුණුවලද කඳවුරු තුළට නොවේ. ශිෂ්‍යන් අතර ඇතිවිය යුතු අන්තර් සබදතා සියල්ල සුනුවිසුනු කිරීමට එයට හැකිවන්නේ නැත. විශ්වවිද්‍යාල තුළට ඔත්තුකරුවන් රිංගවීම වැනි පහත් ක්‍රියාමඟින් විනය නිර්මාණය කල හැකිද යන්න තේරුම් ගත යුතු තත්වයකි. මිලියන ගණනින් හැඩවන මෙවැනි ව්‍යාපෘති සඳහා උසස් අධ්‍යාපනයට හිමි මුදල් ප්‍රමාණයම වැය වනවා නම් වැටුප් අර්බුධ, නේවාසිකාගාර ප්‍රශ්න, නඩත්තු සේවා, ආපනශාලා තත්වය හා ගුණාත්මකභාවය වෙනුවෙන් මෙන්ම පාඨමාලා ගුණාත්මකභාවය ගැනද විමසා බැලිය යුතුය. එසේ ගණන් බැලු කල, මහබැංකු වාර්තා කුමක් වුවත් ඇත්ත වශයෙන්ම විශ්වවිද්‍යාල පද්ධතියට පැමිණෙන්නේද කප්පාදු වු ප්‍රතිපාදන ප්‍රමාණයකි. එසේ හෙයින් ප්‍රතිපාදන ප්‍රමාණාත්මක පමණක් ගණන් බැලීම රජය කරන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල ස්වභාවික මරණයක් කරා ගෙන යාමටද යන්න ප්‍රශ්නාර්ථයක් නංවයි.
විදේශ ශිෂ්‍යයන් සඳහා වන කෝටාව
ශ්‍රී ලංකාවේ අ.පො.ස උසස් පෙළ විභාගයට මුහුණදී එහි ඉහළ දක්ෂතා පෙන්වන ශිෂ්‍යයන්ට ඇතැම් විදේශ රටවලින් ශිෂ්‍යත්ව ලබාගත හැක.ඒ එම ශිෂ්‍යන්ගේ අධ්‍යාපනික සුදුසුකම් වලට සධාරණයකි. (රටේ බුද්ධි ගලනයට ප්‍රශ්නයකි). ශ්‍රී ලංකාවේ ඉතාමත් දැඩි තරඟකාරී විභාගයක් ලෙස උසස් පෙළ ඉහළ ගුණාත්මකභාවයක් ඇත. නමුත් විදේශ රටවලින් මෙරටට ගෙන්වන ශිෂ්‍යයන් අප රටට පැමිණෙන්නේ එම මට්ටමේම ඇති විභාග ක්‍රමයකින්ද, එය අප රටට ප්‍රති බුද්ධිගලනයක් සිදුකිරීමට හැකිද, යන්න විමසා බැලිය යුතුය.මෙම ප්‍රශ්න වලට බලධාරීන්ට නිසි පිළිතුරු නොමැත. සියළුම ශිෂ්‍යයන් පැමිණෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හරහා යැයි පැවසීම වගකීම් විරහිතභාවය මනාව පෙන්නුම් කිරීමක් මෙන්ම මෙවැනි ප්‍රතිපත්ති කගේ උවමනාවක්ද, රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ ගුණාත්මකභාවය හෑල්ලුවකට ලක්කිරීමක් ද , රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්ති වල තත්වය කුමක්ද යන්න සියලු දෙනාටම දැනෙන කාරණයකි. ඒ සඳහා යෝග්‍ය බුද්ධිමට්ටමකින් යුත් ශිෂ්‍යයන් පැමිණෙන්නේනම් අපට ප්‍රශ්නයක් නැත. නමුත් එයින් අහිමිවන්නේ අප රටෙහි ශිෂ්‍යයෙකුගේ අවස්ථාවක් නම් මෙම අසහනය ඇතිකරන්නේ කුමන අරමුණු ඇතිවද යන්න ගැටලුවකි.මෙම ස්වභාවික මරණයක සේයාවක් අප තුළ ජනිත වුවද එහි ඝාතකයන් නිර්මාණය කරන තත්වයක් අද දැකිය හැක.එහි ඝාතකයන් වීමට ශිෂ්‍යයන් වන අපටත්, ආචාර්යවරුන්ටත්, අනධ්‍යයන සේවකයන්ටත් පිඹුරුපත් සකසන්නන්ගේ පිහිටෙන්ම හැකිවනු ඇත. 3% ක් ලබා දී ඇති විදේශ කෝටාව සම්පුර්න කර නැතත් තවත් වැඩි කරමින් එය 5% ක් දක්වා ඉහළ දමන්නේ මෙරට ශිෂ්‍ය ප්‍රජාවට ඇති අවස්ථාවන් තවත් හකුලවමින්ය. අප රටෙහි ශිෂ්‍යයන්ට ලැබිය යුතු නිසි අවස්ථාවන් ලබා දෙමින් කප්පාදුවකින් තොරව සිදු කල යුතු වුවත් එය එසේ සිදුවන්නේ නැත. මෙම කෝටාවද සියළු විශ්වවිද්‍යාලවලටද අයත් වේද? දැඩි ඉල්ලුමක් පවතින පාඨමාලාවන්ට පමණක් විදේශ ශිෂ්‍යයන් ඇතුළු වී ඇති අතර එවිට 5% ක කෝටාව සමස්ත විශ්වවිද්‍යාල ශිෂ්‍ය ගහණයට (21000) නොව පාඨමාලා ප්‍රමාණයට සලකා බැලූ විට විශාල ප්‍රතිශතයක් (20%) වනු ඇත. මෙවැනි ක්‍රියාමාර්ග තුලින් ප්‍රවර්ධනය කිරීමට අර අදින්නේ කුමන අරමුණුද යන්න පැහැදිලිය.මෙය පුන පුනා කිව යුතු තත්වයක් නොවේ. පෞද්ගලික විශ්වවිද්‍යාල පනත යම හෙයකින් හකුලා ගනු ලැබුවද වෙනත් මුහුණුවරකින් පනත් ගණනාවක්ම නැවත පැමිණෙනු ඇත. පනත් පමණක් නොව වෙනත් අර්බුධ රාශියක්ම වෙනත් මුහුණු ගණනාවකින්ම පැමිණෙනු ඇත. ඒ සියල්ලන්ගේම අරමුණු සෘජුව හෝ වක්‍රව එකක් බවට පත්වනු ඇත. කුමන ආකාරයේ මුහුණු පැමිණියත් එහි සැබෑ ස්වභාවය නිවැරදිව හඳුනා ගැනීම වැදගත්ය.
විශේෂ ස්තුතිය : - K.M. සිරිසේන - සභාපති , වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය
S.P. ගමගේ - භාණ්ඩාගාරික, වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය
වසන්ත එදිරිසූරිය - ලේකම්, කාර්මික නිලධාරී සංගමය
අශෝක චන්දන - ලේකම්, අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සංගමය
සාකච්ඡා කලේ :- චාමර මධුසංක, චතුර ගනීමුල්ල
සකස් කලේ :- MoraEunion වෙනුවෙන් චතුර ගනීමුල්ල.